ආපදාවේදී රජය සහ රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් තිබුනේ නෑ - නාමල් කියයි
ව්‍යසනයේදී මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා ඇතිවූයේ රජය සහ රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිකම නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
පේරාදෙණියේ ගැටඹේ විහාරස්ථානයට ගිය අවස්ථාවේදී අදහස් දක්වමින් රාජපක්ෂ මහතා පැවසුවේ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පවුල්වලට සහාය වීම සඳහා ගම් මට්ටමේ ක්ෂේත්‍ර නිලධාරීන් උපරිමයෙන් කටයුතු කරන නමුත් රාජ්‍ය ආයතන අතර සන්නිවේදනයේ හිඩැස් නිසා ජනතාව තවදුරටත් අපහසුතාවයට පත් කරන බවයි.
අධ්‍යාපන අමාත්‍යාංශය දෙසැම්බර් 16 වන දින පාසල් නැවත විවෘත කිරීමට සූදානම් වන අතර, අවතැන් වූ පවුල් රාශියක් තවමත් පාසල් ගොඩනැගිලිවල නවාතැන් ගෙන සිටින බව ඔහු පෙන්වා දුන්නේය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) අනාරක්ෂිත නිවාස ඉවත් කරන ලෙස ජනතාවට උපදෙස් දෙන අතරම අවතැන් වූ පුද්ගලයින්ට නැවත පාසැල් විවෘත කිරීම සඳහා පාසල්වලින් ඉවත් වන ලෙස ඉල්ලා සිටින බවත් මෙම තත්වය පරස්පර විරෝධී සහ දුර්වල සම්බන්ධීකරණයක් ලෙසත් නාමල් රාජපක්ෂය පැවසීය.
පාර්ලිමේන්තුව ඉක්මනින් නැවත කැඳවීමෙන් රජයට මහජනතාව මුහුණ දෙන ගැටළු වඩා හොඳින් තේරුම් ගැනීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට හැකි වන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
ආපදාව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් සහ තොරතුරු මහජනතාවට සන්නිවේදනය කළේ කෙසේද යන්න විමර්ශනය කිරීම සඳහා තේරීම් කමිටුවක් පත් කල යුතු බවද නාමල් රාජපක්ෂ පැවසීසදහා රජය බොහෝ පොරොන්දු දී ඇති අතර, එම පොරොන්දු ඉටු කළ යුතු බවත් ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගන්නේදැයි බලා සිටින බවත් අවශ්‍ය නම් සම්බන්ධීකරණයට සහාය වීමට සූදානම් බවද නාමල් රාජපක් පැවසීය.
ශක්තිමත් පරිපාලන ව්‍යුහයක් සහ රජයේ නිලධාරීන් කෙරෙහි විශ්වාසයක් අත්‍යවශ්‍ය බව නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.
“රජය තමන්ගේම රාජ්‍ය නිලධාරීන් විශ්වාස නොකර තම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළහොත් ජනතාව දුක් විඳිනු ඇතිබවත් ඔහු පැවසීය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි