අවතැන් දරුවන්ගේ හිත හදන එකම මඟ පාසල් අධ්‍යාපනය හා මිතුරු සමාගමයි – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
ආපදා හේතුවෙන් ආරක්ෂිත කඳවුරුවල සිටින දරුවන්ගේ මනස සුවපත් කරනවා සේම ඔවුන් හැකි ඉක්මනින් පාසල් අධ්‍යාපනයට යොමු කිරීම කඩාවැටුණු මනස සුවපත් කිරීමට ඇති එකම මාර්ගය බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.
ආරක්ෂිත කඳවුරුවල සිටින දරුවන් හැකි තරම් යහළුවන් සමග සෙල්ලම් ක්‍රීඩා කිරීමට යොමු කිරීම ඉතා වැදගත් බවද හෙතෙම කීය.
මෙහිදී තවදුරටත් කතා කළ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා මෙසේ ද කියා සිටියේය.
“ගංවතුරින්, නායයෑම්වලින් තමන්ගේ නිවාස යටවීම්, දෙමාපියන්, සහෝදරයන්, ඥාතීන් පස් කඳුවලට යටවීමේ සිද්ධීන් දරුවන්ට මතක් වෙන්න පුළුවන්. මේවා මතක්වෙලා රෑට හීනෙන් දරුවන් බියට පත්වෙන්න පුළුවන්. මේ නිසා මේ ව්‍යසනය ගැන දරුවන්ට, ඉන්න වැඩිහිටියන් හෝ කියා දිය යුතුයි. ගෙවල් නැති වුණා… පාසල නැති වුණා… අපි ඒවා හදාගමු වගේ යහපත් සිතුවිලි දරුවන්ට කියමින් ඔවුන්ගේ මනස හදන්න.
කඳවුරුවල ඉන්න දරුවන්ට චිත්‍ර අඳින්න දෙන්න. පාසල් පතපොත ගැන කියාදෙන්න. සංගීත වැඩසටහන් ඉදිරිපත් කරමින් ඔවුන් සතුටු කරන්න. රසවින්දන වැඩසටහන් වගේ දේවල් කරන්න.
පුළුවන් තරම් ඉක්මනට පාසල් විවෘත කරලා දරුවන්ට පාසල් එන්න පරිසරය හදන්න. එහෙම කළොත් ඔවුන්ගේ බිඳුණු මනස සුවපත් කරන්න පුළුවන්. පාසල් ගියාම යාළුවෝ හමුවෙනවා. සෙල්ලම් කරනවා. ඉගෙන ගන්නවා. ඒ නිසා ව්‍යසනයෙන් පීඩාවට පත් ලක්ෂසංඛ්‍යාත දරුවන්ගේ මනස හදන්න පුළුවන් එකම මඟ තමයි පාසල් අධ්‍යාපනය.”
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි