ඉතාලියේ ලාංකික සමාජ ක්‍රියාකරුවකු ආපදා ආධාර කොල්ල කාලා..
ශ්‍රී ලංකාවේ අවතැන් වූවන්ට සහන සැලීමට යැයි පවසා ඉතාලියේ සිටින සමාජ ක්‍රියාකරුවකු රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලක් (යුරෝ 6500) වංචා කර ඇතැයි ඉතාලියේ එම පරිත්‍යාගශීලිහු චෝදනා කරති.
අවතැන් වූවන්ට සහන සැලසුවැයි භාණ්ඩ ලබාගත් බවට එම සමාජ ක්‍රියාකරු විසින් ඉදිරිපත් කළ බිල්පත් පරීක්ෂා කිරිමේදී එහි සඳහන් නම් වලින් එවැනි ආපනශාලා සහ වෙළඳසල් නොමැති බවද ඔවුහු පවසති.
ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර සහ නායයෑම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවට අවශ්‍ය කෑම බීම, බෙහෙත් හේත්, ඇඳුම් පැළඳුම් හා අනෙකුත් අවශ්‍ය සහන සැලසීමට ශ්‍රී ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවල ජීවත්වන විශාල පිරිස් මෙන්ම ලෝකයේ විවිධ රටවල ජීවත්වෙන විදේශගත ශ්‍රී ලාංකිකයන්ද ඉමහත් උත්සාහයක යෙදෙමින් ව්‍යසනයට ගොදුරුවු තම සහෝදර ජනතාවට සහන සැලසීම සඳහා ඒකරාශී වූහ.
ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවේ අවතැන්වූවන්ට සහන් සැලසීම සඳහා තමන්ගේ ගිණුමට මුදල් බර කරන ලෙස දැන්වීම් පළකර තිබුණි.
එසේ ලබාදුන් යූරෝ 6500 ට එනම් රුපියල් ලක්ෂ විසිපහකට අධික මුදලක් ඉතාලියේ නාපෝලි නගරයේ වෙසෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු විසින් කූට ලිපි ලේඛන හා ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කරමින් එම මුදල් වංචා කර ඇති බවට ඊට ගොදුරු පරිත්‍යාගශීලීන් චෝදනා කරති.
මෙවැනි සමාජ ක්‍රියාකාරීන් හෝ සමාජ සංවිධාන වෙස්ගත් කූඨ ජාවාරම් කාරයන්ට හසු නොවෙන ලෙසත් තමන් විසින් ලබා දෙන ආධාර නිසි කලමනාකාරිත්වයෙන් යුතුව අවතැන් වූ ජනතාවට සහන සැලැස්වීමට විශ්වාස තැබිය හැකි රජයක් වර්තමානයේ ඇති බවත් රජය විසින් නම් කරන ලද ගිණුම්වලට මුදල් බැර කරන ලෙසත් ඉතාලියේ ශ්‍රී ලාංකික සංවිධාන විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
Lankadeepa
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි