ආපදාවෙන් ජල සම්පාදනයට කෝටි 500ක අලාභයක්..
ආපදා තත්ත්වයෙන් ජල සම්පාදනයට රුපියල් කෝටි 500 ක(බිලියන පහකට)ආසන්න අලාභයක් සිදු වී ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර ප්‍රකාශ කරයි.
වැඩිම හානියක් සිදුවී ඇත්තේ මහනුවරින් ගලා බසින මහවැලි ගඟ අසල කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි ජල පොම්පාගාරයට බවත් ඊට අමතරව මහනුවර නිල්ලඹ ප්‍රදේශයේ පිහටි ජල පොම්පාගාරයේ කොටසක් නාය ගොස් ඇති බවත් චන්දන බණ්ඩාර ප්‍රකාශ කරයි.
මීට අමතරව මහියංගනය මහවැලි ගඟ අසල පිහිටි ජල පොම්පාගාරයටද බරපතල හානි සිදුවී ඇති බවද සභාපතිවරයා පෙන්වා දෙයි.
ආපදා තත්ත්වයෙන් ජල පොම්පාගාර 156කට බලපෑම් එල්ලූ බවත් ඉන් ජල පොම්පාගාර 148 ක් මේ වන විට යථා තත්ත්වයට පත්කර ක්‍රියාත්මක කර ඇති බවත් තවත් ජල පොම්පාගාර 8ක් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු සිදු කරමින් පවතින බවද සභාපතිවරයා සඳහන් කරයි.
නිල්ලඹ ප්‍රදේශයේ ජල පොම්පාගාරයේ කොටසක් නාය ගොස් ඇති නිසා එය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා යුද හමුදාව, නාවික හමුදාව සහ ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් දැඩි වෙහෙසක් ගනිමින් සිටින බවද සභාපතිවරයා සඳහන් කරයි.
නිල්ලඹ ප්‍රදේශයේ ජල පොම්පාගාරය යථා තත්ත්වයට පත්කිරීමට කාලයක් ගතවනවා නම් තාවකාලිකව ජලය සැපයීම සඳහා ක්‍රමවේදයක් ඒ ප්‍රදේශයට අනුගමනය කරන බවද සභාපතිවරයා පෙන්වා දෙයි.
හෙම්මාතගම සහ මාතලේ දිස්ත්‍රික්කයේ ජල පොම්පාගාර තුනක් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුද කඩිනමින් සිදු කිරීමට හැකිවනු අති බවද සභාපතිවරයා පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි