News Category
From Date
To Date
Maximum Number of Result

දිට්වා කුඹුරු අක්කර 1,37,265ක්, රට පුරා පාලම් 22ක් වනසයි.. රේල් පාරෙන් 2/3ක් ම ඉවරයි..

Dec 5, 2025 at 05:50 AM
|

දිවයිනට බලපෑ දිට්වා සුළිකුණාටුව හේතුවෙන් කුඹුරු අක්කර 1,37,265ක් විනාශ වී ඇති බවත් දුම්රිය මාර්ග පද්ධතියේ දිගින් කිලෝමීටර් 1593කින් භාවිතයට ගත හැක්කේ කිලෝමීටර් 478ක් යැයි ද එය දුම්රිය මාර්ගයෙන් 1/3ක් පමණක් බව ද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් වැව් 1777ක්, අමුණු 483ක්, ඇළ මාර්ග 1936ක් සහ කෘෂි මාර්ග 328ක්, කුඹුරු අක්කර 1,37,265ක් සහ සුළු වාරිමාර්ග 305ක් හානි වී ඇති බව හඳුනාගෙන ඇතැයි ද චන්ද්‍රකීර්ති මහතා කීය.

නිවේදනයක් නිකුත්කරමින් ඒ මහතා මෙසේ ද කියා සිටී.

ආපදාවට පත් වී ඇති ප්‍රදේශවල ජනතාව අතුරින් සායන, චිකිත්සා හා වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල්වල දින ලබාදී ඇති රෝගීන්ට මෙම කාලය තුළ නියමිත පරිදි රෝහල්වලට පැමිණීමට නොහැකි බැවින් එවැනි රෝගීන් හට මෙකී ආපදා තත්ත්වය පහව ගිය පසු නව දින ලබාදීමටත් එහිදීම එම අයවලුන්ට ප්‍රමුඛතාව ලබාදීමටත් කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කර ඇත.

මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ප්‍රවාහනයට බාධා පැවති මාර්ග 246ක ප්‍රමාණයක් මේ වනවිට වාහන ධාවනයට හැකි වන පරිදි යථාවත් කොට ඇත. කෙසේ වෙතත් දිවයිනේ මාර්ග පද්ධතියේ පාලම් 22ක් විනාශ වී ඇති අතර ඉන් 6ක් ඌව පළාතටත්, 4ක් උතුරු පළාතටත්, 4ක් වයඹ පළාතටත්, 3ක් බස්නාහිර පළාතටත්, 2ක් මධ්‍යම පළාතටත්, 2ක් නැඟෙනහිර පළාතටත්, 1ක් උතුරුමැද පළාතටත් අයත් වේ. එමෙන්ම මෙරට දුම්රිය මාර්ග පද්ධතියට සුවිශාල හානියක් වී ඇති බව හඳුනාගෙන ඇති අතර දිගින් කිලෝමීටර් 1,593ක් වන සමස්ත දුම්රිය මාර්ග පද්ධතියෙන් මේ අවස්ථාවේදී දුම්රිය ධාවනය සඳහා යොදාගත හැකිව ඇත්තේ කිලෝමීටර් 478ක දුර ප්‍රමාණයක් පමණි.

බිඳවැටුණු දුරකථන සම්බන්ධතාවලින් 91%ක් මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇත. කෙසේ ්වෙතත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ විදුලි සංදේශ පහසුකම් යථාවත් කිරීම් තවදුරටත් සිදු කළ යුතුව ඇත.

එමෙන්ම ආපදාවත් සමගම ක්‍රියාකාරිත්වය බිඳවැටුණු විදුලි උප පොළවල් 16,178කින් 11,315ක් නැවත සක්‍රීය කොට ඇති අතර ඒ අනුව බිඳවැටුණු පාරිභෝගික විදුලි සම්බන්ධතා 3,531,841කින් 2,526,264 එනම් 72%ක් නැවත යථා තත්ත්වයට පත්කර ඇත.

ගොඩබිම් මාර්ගවලින් ළඟා වීමට නොහැකිව තිබූ අරණායක ප්‍රදේශයේ ආපදාවට පත් පිරිසට ගුවනින් වියළි ආහාර සැපයීමත්, වෛi කාර්ය මණ්ඩලයේ සහාය ලබාදීමත් පෙරේදා (3 දා) සිදු විය.

තවද නිවාස සහ ගොඩනැඟිලි අවදානම් තත්ත්ව පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයට සහය වීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයත්, භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ සහ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ භූවිද්‍යාඥයින් සම්බන්ධ කිරීම සිදු විය.

විශේෂයෙන්ම සංවර්ධන පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ලබා ගැනීම සඳහා දේශගුණ විපර්යාස ප්‍රතිචාරාත්මක, ප්‍රතිස්ථාපන සහ ප්‍රතිසංස්කරණ ආයෝජන සැලැස්ම කඩිනමින් සකස් කරන ලෙස ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇත.

- දිවයින


සම්බන්ධිත පුවත් | Related News

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිලි පහකට අදාළව අධිකරණය හමුවට පමුණුවනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මේ මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් සහ පක්ෂයේ දැරූ අනෙකුත් සියලු තනතුරුවලින් හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඉල්ලා අස්වී තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එම කොමිසමේ සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන ලදී.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබේ.
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.
චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.
පැවැත්වෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක එම කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ සිවුර බලහත්කාරයෙන් ඉවත් කර ජම්පරයක් ඇන්දවීමට කටයුතු කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.

ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.