වගකිවයුත්තන් සොයන්න මුජිබුර් රහුමාන් තේරීම් කාරක සභාවක් ඉල්ලයි..
රටට බලපෑ ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් සිදුවූ හානිය අවම කර ගැනීමට කටයුතු නොකළේ කවුරුන්ද යන්න සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී අද (03) ප්‍රකාශ කළේය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයල වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සහ මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශවල වැය ශීර්ෂය සම්බන්ධයෙන් මෙම විවාදය පැවැත්විණි.
එහිදී’වැඩිදුරටත් අදහස් පළකළ මුජිබර් රහුමාන් මහතා – ආපදා තත්ත්වයෙන් මරණ 465 ක් ද අතුරුදන් පිරිස 300 ට වැඩි පිරිසක් ද වාර්තා වෙනවා. ඒ් සියලු දෙනාට අපේ ශෝකය පළකරනවා. මේ කාර්යයට මැදිහත්ව සිටින සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. මේ ගැන යම් යම් කරුණු මාධ්‍යවල පළවෙනවා. තවම මේක කලින් දැනගෙන සිටියාද නැද්ද යන්න ප්‍රශ්නයක් තිබෙනවා. කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මාධ්‍යයට යම් ප්‍රකාශයක් කළා. විශාල වර්ෂාපතනයක් ලැබෙන්න පුළුවන් කිවුවා. ආණ්ඩුව මෙය දැනගෙන සිටියා ද නැද්ද යන්න ප්‍රශ්නයක් තිබෙනවා. ආණ්ඩුව මේ ගැන නිල වශයෙන් පිළිතුරක් දෙන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ කාලය දෙස බලනවිට 27 දක්වා ගත්ත ක්‍රියාමාර්ගයක් නැහැ. නොයෙක් සාකච්ඡාවල ජනාධිපතිවරයා සිටියා. නමුත් මේ තත්ත්වය ගැන ඊට පෙර සූදානමක් ගැන කතා කළේ නැහැ. මෙවැනි ස්වාභාවික විපත් අපිට නතර කරන්න බැහැග දියුණු තාක්ෂණය තිබෙන රටවලත් ඒහෙමයි.
මෙය නතර කරන්න බැහැග මේ වෙච්ච හානිය අවම කරගන්න සැලසුමක් ආණ්ඩුවට තිබුණේ නැහැ. මේ ගැන තේරීම් කාරක සභාවක් පත්කරන්නග අනාගයේ මෙවැන්නක් සිදුනොවන්න කටයුතු කළයුතු වෙනවා. ඒ් නිසා මේක බරපතල තත්ත්වයක් වෙනවාග මේකට වගකිව යුතු පුද්ගලයන් කවුද කියා ජනතාවට දැන ගන්න අයිතියක් තිබෙනවා. මේ රටේ ව්‍යසන කළමනාකරණ පනතක් තිබෙනවා. ඒ් පනතේ මුදල් ඒකතු කිරීම හා වියදම් කිරීම සම්බන්ධයෙන් දක්වා තිබෙනවා. ආපදා කළමනාකරණ සභාවේ සිටිය යුතු පුද්ගලයන් කවුද කියා දක්වා තිබෙනවා. එවැන්නක් තිබිය දී ජනාධිපතිවරයා අරමුදලක් පිහිටුවා කණ්ඩායමක් පත්කර තිබෙනවා. ජනාධිපතිවරයා තමන්ගේ විධායක බලය පාවිච්චි කර මේ පනතට පිටින් ගිහින් තමන්ගේ උපදේශකයන් ව්‍යාපාරිකයන් පත්කර තිබෙනවා. මේ සම්බන්ධව දැනුමත් තිබෙන විශේෂඥයන් ඒ් කණ්ඩායමට නැහැ. ඒ් සංයුතිය දෙස බලන්න. විගණකාධිපති ඉන්න ඔ්න.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි