ආපදා තත්ත්වය පිළිබඳව කලින් දැනුම් දී තිබියදීත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා නම් මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ නෑ - කබීර් හෂීම්
නොවැම්බර් 11 වැනිදා සහ 12 වැනිදා කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන මෙම හදිසි ආපදා තත්ත්වය පිළිබඳව කලින් දැනුම් දී තිබියදීත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බවත් 75% කගේ පමණ ජීවිත බේරා ගැනීමට ඉඩ තිබුණු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් අද(01) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඔහු කියා සිටියේ මෙවැනි තත්ත්වයක් ඇතිවීමට පෙර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ තිබුණු බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කබීර් හෂීම් මන්ත්‍රීවරයා මෙසේද ප්‍රකාශ කළේය.්
"ගරු කතානායකතුමනි, නොවැම්බර් 11 වැනිදා සහ 12 වැනිදා කාලගුණ විද්‍යා දෙපාර්ත මේන්තුවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් මේ ගැන අනතුරු ඇඟවීමක් කළා. විශාල විනාශයක් වෙන්න පුළුවන් කියලත් කිව්වා. නමුත් මේ ගැන පාර්ලිමේන්තුවේදී කතා කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නෑ.
දැනුත් ආණ්ඩුව කරන්න හදන්නේ ඒක. දැනුත් කතා කරන්න ඉඩ දෙන්නෙ නෑ. සාකච්ඡා කරලා අදහස් උපයෝගී කරගෙන එවැනි තත්ත්වයන් පිළිබඳව කතාබහ කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඉඩ දෙන්නේ නැහැ.
සාකච්ඡා කරලා අදහස් උපයෝගී කරගෙන එවැනි තත්ත්වයන් පිළිබඳව කතාබහ කරලා අවශ්‍ය විනාශයන් වළක්වගන්න පුළුවන්.
නමුත් එහෙම කරන්නේ නෑ. දැන් මේ ජලාශවල වාන් දොරටු එක පාරට ඇරපු නිසා හුඟාක් තැන් යටවුණා. ජලාශවල වාන් දොරටු මේ අනතුරු ඇඟවීම දුන්නු දවසේ ඉඳලා ජලාශවල වාන් දොරටු ක්‍රම ක්‍රමයෙන් තමයි විවෘත කරන්න තිබුණේ.
නමුත් එක පාරටම විවෘත කිරීම නිසා හුඟක් තැන් යට වුණා. විශේෂයෙන්ම කොත්මලේ ජලාශයේ වාන් දොරටු එක පාරටම ඇරපු නිසා විශාල පිරිසකට ප්‍රශ්න ඇතිවුණා.
මේ මියගිය අයගෙන් සීයයට 75කගේ පමණ ජීවිත බේරා ගන්න තිබුණා මේ ආකාරයෙන් ක්‍රම ක්‍රමයෙන් වාන් දොරටු විවෘත කරා නම් .එහෙම කරේ නෑ ".
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක