‘සතුරා’ ගේ "සපත්තු"වල එල්ලිලා ජලගැල්මෙන් ජීවිතය බේරා ගැනීම..
✍️ "ප්‍රභාකරන් මගේ දෙවියා" කියලා එයා කිව්වා. "ප්‍රභාකරන්ව මරපු හමුදාව මගේ සතුරා" කියලත් එයා කිව්වා. ඒත් එයාගේ ඊනියා ‘දෙවියා’ 2009 දී නන්දිකඩාල් කලපුවේ යට කලිසමක් විතරක් ඇඳගෙන, හිස මත වැදුණු පොරෝ පාරකුත් එක්ක මළ සිරුරක් විදියට පාවෙන මොහොතේ… “මම ඒ දවසේ පේරාදෙනිය පැත්තේ එක්තරා ස්ථානයක ගෑහැණියක් එක්ක නිදාගෙන පෙම්සුව විඳිමිනුයි හිටියේ” කියලාත්, එයා ම ප්‍රසිද්ධියේ කිව්වා.
✍️ "මගේ තාත්තා කොටියෙක්" කියලා එයා කිව්වා. "මගේ තාත්තා නඩේසන් ට පමණක් දෙවෙනි වුනු LTTE පොලිසියේ දෙවන අණදෙන නිලධාරියා" කියලා එයා ආඩම්බරයෙන් කිව්වා. එයාගේ තාත්තව හමුදාවෙන් මැරුව නිසා කවදාවත් තාත්තව දැකලා නෑ” කියලත් එයා කිව්වා. ඉතින් එයා ප්‍රකාශ කළා, "හමුදාව මගේ සතුරා" කියලා. ඒත් බලන්න, ලෝකයේම මානුෂීයම හමුදාව වන “ශ්‍රී ලංකා යුධ හමුදාව” විසින් ඔහුගේ ජීවිතය බේරාගෙන තියෙනවා.
✍️ එයා කිව්වා, "මගේ තාත්තව මැරුවේ කාගේ තාත්තද? අන්න ඒ තාත්තාගේ පුතා ‘නාමල්’ ව මරන්න ඕනේ." කියලා. ඒත් පස්සේ කාලෙක එයා නාමල් සමග ඉතා සමීපව කටයුතු කරනවා අපි දැක්කා. ඒ කොහොමවුනත් නාමල් එයාගෙන් කවදාවත් අහන්නේ නෑ: “ඔයාගේ කොටි - තාත්තා නිසා මැරුම්කාපු තාත්තාලාගේ දරුවනුත් ඒ විදිහටම ඔයාව මරන්න හිතුවොත්, නැවත නැවතත් මැරි මැරී සියවරක් ඉපදුනත් ඔයාට ඒ දඬුවම ගෙවලා ඉවරකරන්න බෑ” කියලා. ඔයා උපදින හැම ආත්මයකම ඒ විදිහට මැරෙන්න ම විතරක් ඉපදුනත්, ඔයාගේ ඔය ‘තාත්තාගේ’ මිනීමරු ත්‍රස්ත කණ්ඩායම වන LTTE ය විසින් ඝාතනය කළ අහිංසක මිනිස්සුන්ගේ ගණන කවදාකවත් සමතුලිත වෙන්නේ නෑ !
✍️ ඒ වගේම එයා කෑගැහුවා "රගුරාම්, ඒ කියන්නේ එයාගේ අයියාත් LTTE එකේ වීරයෙක්!" ඒත් හොයා බලද්දී අපිට දැනගන්න ලැබුනා, එයාගේම අර ‘ වීර නායකයා’ යට කලිසමකුත් එක්ක මැරිලා පාවෙද්දීත්, එයාගේ LTTE ‘වීර සහෝදරයා’ සටන් බිමෙන් ඒ වෙනකොටත් පැනලා ගිහින් තිබුනා කියලා.
✍️ එයා පාර්ලිමේන්තු වරප්‍රසාද පිටිපස්සේ හැංගිලා අවංක මිනිස්සුන්ට බොහෝමයක් අපවාදයට ලක් කළා, “ඔක්කොම දූෂිතයි…. මට සාක්ෂි තියෙනවා! මට සාක්ෂි තියෙනවා!!" කියලා එයා කෑගැහුවා. ඒත් තාමත්, මේ දක්වාත්, එයා පොලිසියට එක සාක්ෂියක්වත් ඉදිරිපත් කරලා නෑ, අධිකරණය ඉදිරියට අඩුම ගානේ එක්කෙනෙක්වත් ගෙනියන්න එයාට පුළුවන් වුණේ නෑ. අඩුම ගානේ පාර්ලිමේන්තුව සහ පොලිසිය අතර වෙනස මොකක්ද කියලාවත් එයා දන්නේ නෑ. ඉතා පැහැදිලිවම පොලිසියට අදාල වැඩකදී වුනත් එයා කියනවා “දූෂණ ගැන සියලු සාක්ෂි මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා” කියලා. එයා විධායකය, ව්‍යවස්ථාදායකය, හෝ අධිකරණය ගැන පුංචිම පුංචි දෙයක්වත් නොදන්නා නූගත් ‘දේශපාලන’ මෝඩයෙක්.
✍️ එයා මහ ලොකුවට "රජයට විරුද්ධ" කතා කරනවා. ඒත් එයාගේ ආච්චිලා-සීයලා විසින් මගේ මුතුන් මිත්තන්ට ලබාදිය යුතුව තිබූ සාධාරණ අධ්‍යාපන අයිතිය, ‘කුල ආඥාව’ මගින් අවුරාදැමූ විට, “සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර” කියලා සිංහල මිනිහෙක්, 1943 දී පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරහා අවුරුදු දෙකක් තිස්සේ සටන් කරලා…. 1945 දී වෙනසකින් තොරව මේ රටේ ‘සියලු ජනතාවට නොමිලේ අධ්‍යාපනය ලබාගැනීම’ ව්‍යවස්ථාපිත අයිතියක් බවට පත්කළා. අර්ධ වශයෙන් හරි ජනතාවගේ බදු මුදලින් අරමුදල් සැපයෙන ‘නිදහස් අධ්‍යාපනය’ නොමිලේ ලබාගෙන , ‘දත් ගලවන්න’ වෛද්‍ය විද්‍යාවෙන් ඉගෙන ගත්තත්, සුමන්තිරන්ගේ "ඔඩොක්කුවට" වැටුනු නිසා එයා ඉගෙන ගත්තේ ලංකා රජය නොමිලේ දුන්න “නිදහස් අධ්‍යාපනය” නිසා කියලා කවදාවත් එයාට වැටහිලා නෑ වගේ. අඩුම ගානේ රෝහල්වල වැඩ කරද්දීත්, එයාට හම්බ වුණු වැටුප ශ්‍රී ලංකා රජයෙන් ගෙවපු එකක් කියලාවත් එයාට වැටහිලා නෑ!.
✍️ ඒත් දැන්? එයා තමන් මෙතුවක් කල් පතුරුගහපු අර ‘සතුරා’ ගේ "සපත්තු"වල එල්ලිලා ජලගැල්මෙන් ජීවිතය බේරගෙන..!
✍️ එයාගේ තාත්තා ගැන කියනවා නම්, 1956, 1958, 1977, සහ 1981 වාර්ගික කෝලාහල සිදු වුණා කියලා එයාගේ තාත්තා දැනගෙන හිටියේ නැති බව අපිට පෙනෙනවා, ඒත් “මගේ තාත්තා සතුටින් ශ්‍රී ලංකා පොලිසියේ වැඩ කරමින් හිටියා. ඒත් 1983 කෝලාහලෙන් පස්සේ, ‘කෝපයෙන් කොටින්ට එක්වුණා’," කියලා එයා කියනවා. ඔව්… ශ්‍රී ලංකා පොලිසියට වැටුපකට වැඩකරන ගමන් ම කොටින්ටත් රුපියල් 10,000 ක වැටුපකට වැඩ කරමින්..!. විලි ලැජ්ජාවක් නැති මිනිහෙක් !
(අරුන් සිද්ධාර්ථන්ගේ මුහුණු පොතින්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..