ගල්ඔයට සුළු ගංවතුර තත්ත්වයක්.. මඩකලපුවේ ගංගා ද්‍රෝණි තුනකටත් අනතුරු ඇඟවීම්..
ගල්ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අම්පාර ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාවය මේ වනවිට උපරිම ජල ධාරිතාවය දක්වා ළඟා වෙමින් පවතින අතර මේ වනවිට සේනානායක සමුද්‍රයට පහළ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇත.
මෙම තත්ත්වය විශේෂයෙන් දමන, අම්පාර, එරගම, අඩ්ඩලච්චේනායි, සමන්තුරෙයි, නින්දවුර්, කරතිව්, සයින්දමරුදු, කල්මුනේ, නවිතන්වේලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාල පරිශ්‍රය පහත් බිම්වල වෙසෙන ජනතාව විමසිලිමත් විය යුතුයි.
අද (26) දහවල් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර පවසා සිටියේ ඊයේ (25) දිනයේ වැඩිම වර්ෂාපතනය ලෙස මි.මී 225ක් අම්පාරින් වාර්තා වූ බවය.
මේ වනවිට සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කර නොමැති වුවත් සෙසු ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහත් බිම් ජලයෙන් යටවී ඇතැයි ද සූරියබණ්ඩාර මහතා පැවසීය.
අධික වර්ෂාපතනය හේතුවෙන් මේවනවිට දිවයිනේ ප්‍රධාන වැව් 25ක් සහ මධ්‍ය ප්‍රමාණයේ වැව් 26ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ ගංගා ද්‍රෝණි තුනක් සඳහා ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
සෝමාවතිය හා මනම්පිටිය යන ප්‍රදේශයන් අද සවස් වනවිට ජලයෙන් යටවීමට ඉඩ ඇතැයි ද ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා කියා සිටියේය
යාන්ඔය පහළ ප්‍රදේශවල සිටින ජනතාව හා එම ප්‍රදේශය හරහා ගමන් ගන්නා රියදුරන් වඩාත් විමසිලිමත් වන ලෙසත් විශේෂයෙන් කුච්චවේලි, පදවි ශ්‍රී පුර, කැබිතිගොල්ලෑව, ගෝමරන්කඩවල, හොරොව්පතාන, මොරවැව, කහටගස්දිගිලිය හා ගලෙන්බිඳුණුවැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට විමසිමත් වෙන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි