පුරා විද්‍යා සංඥා පුවරු තිබුණු තැනම ආපහු සවි කරන්න.. ඇප ලද සැකකරුවන්ට අධිකරණයෙන් නියෝග..
පුරාවිද්‍යා සංඥා පුවරු හා දිසා පුවරු ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හා අධිකරණයට භාර වූ සැකකරුවන් තිදෙනාට එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ හතරක ශරීර ඇප මත මුදාහරීමට නියම කළ වාලච්චෙන මහේස්ත්‍රාත් M.M.රතීප් අහමඩ් ඉවත් කරන ලද පුවරු යළි එම ස්ථානවල ස්ථාපිත කිරීමට ඊයේ (25) සැකකරුවන්ට නියෝග කළේය.
මෙසේ ශරීර ඇප මත මුදාහලේ වලච්චේන කෝරළේ පත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. සුදාකරන් ඇතුළු සිව් දෙනෙකි.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඒ. එම්. සුමන්තිරන් අධිකරණය හමුවේ පැවසුවේ කිසියම් සංඥා පුවරුවක් හෝ නාමපුවරුවක් ඉදිකරන්නේ නම් පළාත් පාලන පනත ප්‍රකාරව ඒ සඳහා අදාල පළාත් පාලන ආයතනයෙන් අවසර ගත යුතු බවයි.
එම අවසරයක් ලබාගෙන නොතිබීම නිසා එම පළාත් පාලන ආයතනයෙන් මෙම පුවරු ගලවා ඉවත් කර ඇති බව පැවසීය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි මඩකලපුව අම්පාර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ අනුශාන් මුණසිංහ මහතා අධිකරණය හමුවේ පැවසුවේ 1940 අංක 09 දරණ පුරාවිද්‍යා ආඥා පනතෙන් සංශෝධිත 1998 අංක 24 දරණ පුරා වස්තු පනත ප්‍රකාරව පුරාවිද්‍යා නාමපූරුවක් හෝ සංඥා පුවරුවක් ඉදිකිරීම සඳහා අදාල පළාත් පාලන ආයතනයෙන් අවසර ලබාගත යුතු නොමැති බවයි.
පනත ප්‍රකාරව එවැනි පුවරුවක් ස්ථාපිත කරන්නේ නම් භාෂා ත්‍රිත්වයෙන් එය ප්‍රදර්ශනය කළ යුතු බවත් ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවයි.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අදාල පූවරු නැවත එම ස්ථානයේ ස්ථාපිත කරන ලෙස සැකකරුවන්ට නියෝග කළ අතර එම කටයුතු ලබන දෙසැම්බර් 15 වන දිනට පෙර සිදුකළ යුතු බවට ද නියෝග කළේය.
ඒ සම්බන්ධයෙන් ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන දෙසැම්බර් 15 වෙන දිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි අධිකරණයෙන් වාලච්චේන පොලිසියට නියම වූයේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි