අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ CIDයට කැඳවීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී..
පුවත්පතේ පළ වූ පුවත් සම්බන්ධයෙන් අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතාව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබීම හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තු වරප්‍රසාද පනත මාධ්‍ය මර්දනයේ අවියක් ලෙස යොදා නොගන්නා ලෙස ද අදාළ නිවේදනය මඟින් ඉල්ලීමක් කර ඇත.
අදාළ නිවේදනය පහතින්,
- උපුටා ගැනීම -
"පාර්ලිමේන්තු වරප්‍රසාද පනත මාධ්‍ය මර්දනයේ අවියකි. මහින්ද ඉලේපෙරුම පොලීසියට කැඳවීම වරදකි"
පසුගිය රාජ්‍ය පාලන සමයන්හිදීද මාධ්‍යවේදීන් බිය ගැන්වීමට සහ මර්දනයට යොදා ගත් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත අහෝසි කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දිගින් දිගටම ඉල්ලා සිටින ලදී.
එසේ තිබියදී එවැනි මර්දන නීතිවලට එරෙහිව වීදි බැස සටන් කළ දේශපාලන ව්‍යාපාරයක් මුලිකත්වය ගෙන කටයුතු කරන වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තු වරප්‍රසාද පනත භාවිතා කරමින් මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙලා දැකිය යුතු තත්ත්වයකි.
වාර්තා වන අලුත්ම සිදුවීම අරුණ පුවත්පතේ කර්තෘ මහින්ද ඉලේපෙරුම ප්‍රකාශ ලබා ගැනීම සඳහා පොලීසියට කැඳවා තිබීමයි.
ඒ පොලිස් වාර්තා ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකයට අමතරව මහජන ආරක්ෂක කමිටුවේ සභාපතිවරයාගේ සහතිකයක්ද අවශ්‍ය බව සඳහන් පුවතක් ඉලේපෙරුම කර්තෘත්වය හොබවන අරුණ පුවත්පතේ පළවීම නිසායි.
පොලීසිය භාර ඇමතිවරයා ලෙස මෙවැනි අවස්ථාවක ආනන්ද විජේපාල හැසිරිය යුත්තේ ජනතාව ප්‍රතික්ෂේප කළ පසුගිය ආණ්ඩුවල ලෙස අත්තනෝමතිකව නොවේ. සිය අමාත්‍ය ධුරයේ වගකීම නිසි ලෙස ඉටුකිරීම වන්නේ, පුවත සාවද්‍ය නම් පිළිතුරු දීමේ අයිතිය භාවිතා කොට සත්‍යය පළ කිරීම සහ පුවත ඇත්තක් නම් අදාළ අවකල් කටයුත්ත සිදුනොකරන මෙන් පොලීසිය දැනුවත් කිරීමයි.
අපට දැනගන්නට ලැබී ඇති පරිදි පුවත්පතේ සඳහන් කරුණ සැබෑවකි. සමස්ත සමාජයම බැරෑරුම් ලෙස ගත යුත්තේ එම කාරණයයි. පොලිස් සහතිකයක් ලබා ගැනීම සඳහා රජයේ නිලධාරියකු වන ග්‍රාම නිලධාරීවරයාගෙන් තහවුරුවක් රැගෙන යෑම වරදක් නොවේ. එහෙත් දේශපාලනික සහ වෙනත් පෞද්ගලික හිත පක්ෂපාතිකම් තිබිය හැකි ප්‍රජා කමිටුවක සභාපතිවරයකුගෙන් එවැනි තහවුරුවක් ලබා ගැනීමට සැලැස්වීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැක. එවැනි පුද්ගලයින් අපක්ෂපාතී ලෙස හැසිරෙන බව කීම අසීරු වන බැවිනි.
එසේ තිබියදී ඇමතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද පනත පිළිබඳව සඳහන් කරමින් මාධ්‍යවේදී මහින්ද ඉලේපෙරුම, පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන්නට හෝ තමන් භාරයේ පවතින පොලීසිය වෙත කැඳවන්නට උත්සාහ ගන්නේ නම් එය දේශපාලනිකව වැරදි පූර්වාදර්ශයකි.
මේ රටේ ජනතාව දේශපාලන විපරිවර්තනයක් ලෙස බලාපොරොත්තු වූයේ මෙවැනි හැසිරීම්වලටත් තිත තැබීම ඇතුළුව සමස්තයේ වෙනසක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විශ්වාසයයි.
එබැවින් මාධ්‍යවේදී මහින්ද ඉලේපෙරුම පොලීසිය වෙත කැඳවීම නොකළ යුත්තක් බව පෙන්වා දෙමින් හෙළා දකින අතර පොලීසියට යමක් දැන ගැනීමට වුවමනා නම් ඔහු වෙත යා හැකි බවද දැනුම් දෙමු.
එසේම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරය වන්නේ ඇමති ආනන්ද විජේපාලට පිළිතුරු දීමේ අයිතිය ඇති බැවින් පුවත්පත ඇමතීමට අවස්ථාව තිබෙන බවයි. එසේම ඇතැම් අවස්ථාවල මර්දනකාරී නීතියක් වන හා ඇතැම් දූෂිත දේශපාලනඥයින්ට තම නිරුවත මාධ්‍යයෙන් වසන් කරගන්නට ඇති කඩතුරාවක්ද වන පාර්ලිමේන්තු වරප්‍රසාද පනත මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍යයට එරෙහිව යොදා නොගන්නා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටියි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේග ආණ්ඩුව දූෂණය සම්පූර්ණයෙන් මැඩලන බවට දුන් පොරොන්දු ඉටුකළ හැක්කේ එවැනි පුළුල් ප්‍රතිසංස්කරණ තුළිනි.
- උපුටාගැනීම අවසන් -
- adaderana
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි