ග්‍රේබියෙල් ගාෂියා මාකේස්ගේ සියක් වසක හුදෙකලාවේ සිහිනය යථාත්ථයක් කළ ගැහැණිය..
තමන්ගේ කොණ්ඩා වියලන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන හැටි බලාගෙන හිටියා!
ග්‍රේබියෙල් ගාෂියා මාකේස් කොළොම්බියාවේ ඉස්කෝලෙක නැටුම් සංදර්ශනයකදි මුලින්ම මර්සිඩීස් බාචාව දකිනකොට වයස දහතුනයි. ඇය සුන්දර, කාගෙවත් හුළඟක්වත් වැදිලා ැති, හොඳ විශ්වාසයෙන් වැඩකරපු කෙල්ලෙක්. මාකේස් ඒ වෙලාවේ තමන්ගේ මිත්‍රයො දිහාට හැරිලා ලොකු පොරක් වගේ කියනවා ‘මම ඒ කෙල්ලව කසාද බඳිනවා’ කියලා.
මාකේස් කියලා කෙනෙක් ඉන්නවද කියලවත් ඇය දැනගෙන හිටියෙ නැහැ. මාකෙස් දුප්පත් පවුලක, ශිෂ්‍යාධාර යටතේ අධ්‍යාපනය ලබපු කෙනෙක්. ඖෂධවේදියෙකුගේ දුවෙක් වුණ, සුවහපසු, අගනා ජීවිතයක් කළ ඇය ඔහුට පෑහෙන්න බැරි මට්ටමේ කෙනෙක්. යථාර්ථය තමන්ගේ තත්ත්වය එක්ක සහයෝගයෙන් වැඩ නොකරන කොට ඔහු කළේ සිහින දකින්නො කරපු දේ. එයා තමන්ටම කියලා යම් දෙයක් එකතු කරගන්න පිටවුණා.
අවුරුදු දහඅටක් ගතවුණා. ඔහු නගරයෙන් නගරයට ගියා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ රස්සාවල් සහ සාහිත්‍ය සිහින හොයගෙන. හැමවෙලාවෙම ඒවා බිඳිලා ගියා. ඒත් ඔහු හැමවෙලාවෙම ලිව්වා, හැමවෙලාවෙම තමන් කසාද බඳින්න පොරොන්දු වුණ තරුණිය ගැන හිතුවා.
1958දී අන්තිමට බරපතල මාධ්‍යවේදියෙක් විදියට ස්ථාවරයක් හදාගත්තට පස්සෙ ඔහු තරුණිය හොයාගෙන ආපහු යනවා. මේ වතාවේ ඇය අනුමැතිය දෙනවා. මේ දෙන්නා කසාද බැඳලා පුත්තු දෙන්නෙක් හදනවා, සල්ලි ඇරෙන්න අනෙක් හැමදේකින්ම පොහොසත් ජීවිතයක් ගොඩනගනවා.
මාකේස් දිගටම ලිව්වා. නවකතා ප්‍රකායට පත් කළා. විචාරකයන්ගේ අවධානය දිනාගත්තා. ඒත් ආදායමක් ලැබුණෙ නැහැ. මර්සිඩීස් හැම සතයක්ම අදිමින් ගෙදරදොරේ වැඩකටයුතු ටික කළමනාකරණය කරමින් තම සැමියාගේ දක්ෂතාවය විශ්වාස කළේ බැංකු ගිණුම එහෙම කරන්න එපා කියලා කෑමොරදෙද්දි.
ඊටපස්සෙ 1965 දී ඇකපුල්කෝ බලා යද්දි අසාමාන්‍ය දෙයක් සිද්ධ වුණා. නවකතාවක සමස්ථ කතාවම ඔහුගේ මනසෙ මතුවුණා. ඔහුට හිතාගන්නවත් බැරි තැනකින් ඒ සම්පූර්ණ කතාවම කොහෙන්හරි ඩවුන්ලෝඩ් වුණා වගේ. බුඑන්ඩියා පවුලේ පරම්පරා හතක කතාව. මැකොන්ඩෝව නම් නගරයක්. යථාර්ථය සමඟ වියවුණ මායාව. ආදරය සහ යුද්ධය. සියවසක් පුරා ගමන් කළ හුදෙකලාව.
ඔහු කාර් එක හරවගෙන ආපහු ගෙදර බලා ආවා.
“මට මේ පොත ලියන්න ඔ්න,” ඔහු මර්සිඩීස්ට කිව්වා. “ඒකට ලොකු කාලයක් යයි. අපිට සල්ලි නැති වෙයි.”
ඇය ඔහු දිහා ස්ථීරසාරව බැලුවා. “ඒක ලියන්න.”
මාස දහඅටක් මාකේස් තමන්ගේ ලියන කාමරේ අතුරුදන් වුණා. හැමදවසක්ම මැකොන්ඩෝවේ කතාවේ ගිලිලා ගියා. ඔහු පත්තර රස්සාවෙන් සමුගත්තා. සල්ලි හොයන එක සම්පූර්ණයෙන්ම නැවතුණා. ඔවුන්ගේ ඉතිරි කිරීම් වාෂ්ප වුණා.
ඔවුන්ගේ පැවැත්මේ සැලසුම්කරුවා වුණේ මර්සිඩීස්. ඇය ගෙවල් අයිතිකාරයෝ, ණයකාරයෝ, අනෙක් උපයෝගී සේවා සමාගම්සමඟ ගනුදෙනු කළා. ඇය ඔවුන්ට තිබුණ එකම වටිනා වස්තුව වුණ ඔවුන්ගේ කාර් එක විකුණලා දැම්මා.
හැම හදිසි මූල්‍ය අවස්ථාවකින්ම ඇය ඔහුව ආරක්ෂා කළා ඔහුට කතාවේ අභ්‍යන්තරයටම යන්න පුළුවන් විදියට. තාත්තා වැඩ කරද්දි සද්ද නැතුව ඉන්න කියලා පුත්තුන්ට ඇය කිව්වා. සිහිනයට බාධාකරන්න ඇය යතාර්ථයට ඉඩදුන්නෙ නැහැ.
යාළුවො හිතුවො ඔවුන්ට පිස්සු කියලා. පවුලේ අය ආයාචනා කළා මාකේස්ට හරිහමං රස්සාවක් හොයාගන්න කියලා. ළමයින්ගේ අඩුපාඩු තියෙද්දි ඇයි එයා මේ නවකතාවකට කාලය නාස්ති කරන්නේ?
1966 දී අත්පිටපත නිම වුණා. පිටු පන්සීයකට ආසන්නයි. ඔහුගේ අභ්‍යන්තරයේ ගැවසුණ සියක් වසක හුදෙකලාව දැන් සැබෑම, යතුරු ලියනය කරපු, බුවෙනෝස් අයිරිස්වල ඉන්න ප්‍රකාශකයාට යවන්න සූදානම් පිටපතක්.
ඔවුන් තමන්ගේ මහල් නිවාසයේ වැඩ අවසන් වුණ අත්පිටපත අල්ලගෙන හිටියේ වෙහෙසට පත්ව සහ ජයග්‍රාහී පෙනුමෙන්.
ඊටපස්සෙ ඔවුන් ඒක තැපැල් කරන්න උත්සාහ කළා.
මැක්සිකෝවේ ඉඳලා ආජන්ටිනාවට ජාත්‍යන්තර තැපෑල මිළ අධිකයි. අත්පිටපත බරයි. ඔවුන් මහල් නිවාසයේ තිබුණ හැම පෙසෝවක්ම එකතු කළා.
ප්‍රමාණවත් මදි.
මර්සිඩීස් පසුබට වුණේ නැහැ. ඔවුන් දැනට විකුණලා නැති ගෙදර තිබුණ බඩු දිහාවට ඇය ගියා. ආභරණ. රේඩියෝව. කුස්සියේ උපකරණ. ඇගේ කොණ්ඩා වියලනය. ඇය නිධානයක් විදියට තබාගත් ඉතාම සුළු සුඛෝපභෝගී භාණ්ඩය. ඇයට ඉතුරු වෙලා තිබුණ ඇයගේම කියන වටිනාම දෙය.
ඇය ඒ සේරම වික්කා.
ඔවුන් සල්ලි අරගෙන තැපැල් කන්තෝරුවට ගිහිල්ලා මාස දහඅටක ශ්‍රමය, අවුරුදු ගාණක දුප්පත්කම, නියෝජනය කරන පිටු 500ක අත්පිටපත, ආජන්ටිනාවට තැපැල් කළා. ඒ වගේම ඔවුන්ගේ සමස්ථ අනාගතයම තැපැල් හලේ ලිපිකරුට භාර කළා.
තැපැල්හලෙන් පිටතට එද්දි අතේ සතයක් නැතුව මුළුමනින්ම බිඳිලා මර්සිඩීස් තමන්ගේ සැමියගෙ දිහාට හැරිලා මෙහෙම කිව්වා.
“දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ නවකතාව වැඩකට නැති එකක් වෙන එක.”
ඒක විහිළුවක්. ඒත් අනෙක් පැත්තට ඒක තමයි ඇත්ත. පෙට්ටියක තියෙන වචන වෙනුවෙන් ඔවුන් සියල්ලම සූදු ඔට්ටු අල්ලලා.
1967 ජූනි මාසේ සියක් වසක හුදෙකලාව ප්‍රකාශයට පත්වුණා. සති කිහිපයක් යද්දි හැමදේම පුපුරලා ගියා. පළවෙනි මුද්‍රණය ඉක්මනටම විකිනුණා.
ඊළඟට දෙවෙනි එක. ඊළඟට තුන්වෙනි එක. විචාරකයො ඒක මාස්ටර්පීස් එකක් කිව්වා. පාඨකයන්ට බුඑන්ඩියාලා ගැන, මැකොන්ඩෝව ගැන, ඔහුගේ මායාමය, හදවත බිඳී යන කතන්දරය ගැන කතා නොකර බැරි වුණා.
දැන් ඒ පොත භාෂා 46ක් ඇතුළෙ මිලියන 50ක් පමණ අලෙවි වෙලා. විශ්වවිද්‍යාලවල ඒ පොත උගන්වනවා. ඔ්නෑම භාෂාවකින් ලියපු ලොව විශිෂ්ඨතම පොතක් විදියට ඒක සලකනවා.
1982 දී, විශේෂයෙන්ම මේ පොත නිසා මාකේස් නොබෙල් සාහිත්‍ය තෑග්ග දිනනවා. දුප්පත්කම ක්ෂණිකවම අවසන් වෙනවා. ඔවුන් මෙක්සිකෝ නගරයෙන් අලංකාර නිවසක් මිලට ගත්තා. ලෝකේ පුරා සංචාරය කළා. ආයෙ කවදාවත් මුදල් ගැන වද වෙන්න වුණේ නැහැ. ඒත් මාකේස් ඒකට කරපු කැපකිරීම නැතිනම් ඒකට වන්දි ගෙව්වේ කවුද කියන එක කවදාවත් අමතක කළේ නැහැ.
ජීවිතේ ඉතුරු කාලේ හැම සම්මුඛ සාකච්ඡාවකම, ඔහු නියම ලේඛකයා විදියට නම් කළේ මර්සිඩීස්ව. ඔහු කිව්වේ ඔහුට ඒක ලියන්න අවහ්‍ය තත්වය නිර්මාණය කරලා දුන්නේ ඇය බව. ඔහු කිව්වා මේ ලෝකේ මම දන්න ශක්තිමත්ම පුද්ගලයා මර්සිඩීස් බව.
ඔවුන් අවුරුදු 56ක් විවාහ ජීවිතය ගත කළා 2014 මාකේස් මෙලොවින් සමුගන්නකන්ම. 2020 දී මර්සිඩීසුත් මේ ලෝකයට සමුදුන්නා.
ඔවුන්ගේ ආදරය පටන්ගත්තෙ අවුරුදු 13ක කොල්ලෙක් තමන්ව දන්නෙවත් නැති කෙල්ලෙක්ව කසාද බඳින්න ඔ්න කියපු තැනින්. ඒක අවුරුදු 18ක බලා හිඳීමක්, මාස දහඅටක දුප්පත්කම දරාගැනීමක්, තමන් සතු සියල්ලම තැපැල්හලක තැපැල් පාර්සලයකට ගෙවීමේ මොහොතක්.
ඒක ලෝක මට්ටමේ පිළිගැනීමක්, නොබෙල් තෑග්ග, දශක ගණනාවක සබඳතාවයක්, මොකද මර්සිඩීස් බාචා බිඳුණු ලේකකයෙකුගේ සිහිනය විශ්වාස කළා වෙන කවුරුවත් ඒක විශ්වාස නොකරන වෙලාවක.
කොණ්ඩා වියලනය විකුණලා ලැබුණ මුදල් අත්පිටපත යවන්න තැපැල් ගාස්තුවට ඇති වුණාට මර්සිඩීස්ගේ විශ්වාසය ඊට වඩා හුඟක් වැඩි අගයක් ගෙනාවා. විශ්ටයෙකුට පවතින්නට හැකි අවකාශයක්. කලාවට හුස්ම ගන්න අනුමැතියක්. ආදරය, අලංකාරය, කතන්දර කියන්නේ හැමදේම අවදානමට දාන්න රම් වටිනා දේවල් බව.
ලෝකයට සියක් වසක හුදෙකලාව ලැබුණේ තමන්ගේ කොණ්ඩා වියලනය විකුණලා තමන්ගේ සැමියාගේ ඇදහිය නොහැකි සිහිනයට ඔට්ටු තියන්න කැමත්ත තිබුණ කාන්තාවක් නිසා.
මිනිස්සු අහද්දි ආදරය මොනවගේද කියලා උත්තරය මේකයි.
“ආදරය හරියට තැපැල් කන්තෝරුවක් ඉස්සරහා, බිඳුණු සහ තැතිගැන්මෙන් යුතුව හිටගෙන, අසමත් වීමක් හැර වෙන කිසිවක්ම විය නොහැකි පාර්සලයක් බාරදෙන අතරේ ‘මොනව වුණත් ඒක ලියන්න’ කියන එකයි.”
අන්තර්ජාලය ඇසුරින්
පරිවර්තනය - රශ්මික මණ්ඩාවල
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..