විදෙස් රජවරුන් පවා සෙවූ රාවණා ගල ඉන්දියාවට දෙද්දී මාට්ටු: ලංසුව කෝටි 3000ක්..
රාවණ රජු විසින් බලය කවා ඇති බවට ජනප්‍රවාදයේ කියැවෙන ‘රාවණා ගල’ ලෙස හැඳින්වෙන වටිනා පාෂාණයක් රුපියල් කෝටි 3000කට විකිණීමට ගිය පස්දෙනෙකු සහ එය මිල දී ගැනීමට පැමිණ සිටි ඉන්දීය ජාතිකයා ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙය නිධානයකින් ගත් වටිනා පාෂාණයක් බවට ද සැකයක් තිබේ.
එහි ගෝනුස්සෙකු රූපයක් සහ තවත් ගුප්තමය සලකුණු රැසක් කොටා ඇති බව දක්නට ලැබේ.
මෙය ඕවලාකාර හැඩයෙන් යුත් තද නිල් පැහැති පාෂාණයකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනා ඊයේ (නොවැ. 21) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 05 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.
මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු ඔත්තුවක් මත අඩම්පන් පොලිස් වසමේ වට්ටකණ්ඩාල් ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙම වටිනා පාෂාණය අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
මෙම රාවණා ගල විකිණීමේ ගනුදෙනුව යොදාගෙන තිබුණේ ඉකුත් බදාදා (නොවැ. 20) 10:45ට පමණ ය.
පොලිසියට අනුව රාවණා ගල මිල දී ගැනීමට පැමිණ සිටි ඉන්දීය ජාතිකයා භාරතන් සුජිත් බාබු නමැත්තකි. මොහු ඉන්දියාවේ දේශපාලනයේ නිරතවන්නෙකු බවට ද තොරතුරු හෙළි වී තිබේ.
රුපියල් කෝටි 3000කට ඉන්දීය ජාතිකයාට මෙම වටිනා පාෂාණය විකිණීමේ ගනුදෙනුව කතා කරගැනීමට මැදිහත්වී ඇත්තේ, මෙරට පූජකයෙකු බව ද පොලිසිය කියයි.
අවසානයේ මෙම රාවණා ගල රුපියල් කෝටි 50කට මිල දී ගැනීමට එකඟතාව පළ වී තිබේ.
කෙසේ නමුත්, අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ජාතිකයා රාවණා ගල මිල දී ගැනීම සඳහා මුදල් රැගෙන විත් නොතිබුණු බව පොලිසිය කියයි.
ඔහු ළඟ තිබී ඇත්තේ, ශ්‍රී ලංකා රුපියල් 3000ක් පමණි.
රාවණා ගල සඳහා ගෙවීම අන්තර්ජාලය මගින් කාඩ්පත් හරහා කිරීමට දෙපිරිස අතර එකඟතාවක් තිබී ඇත.
මන්නාරම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් රංජිත් මහතාගේ ඍජු උපදෙස් මත පොලිස් අධිකාරි ඩී.ආර්.එස්. ධර්මදාස, කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාංචන ජයකොඩි ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සිදු කරයි.
මෙය නොයෙක් වර රටෙන් පිට කරන්නට උත්සාහ දරා ඇත. එහෙත් රටින් පිට කිරීමේ වෑයම සෑම විටම කුමන හෝ හේතූන් මත අඩා, වී ඇති අතර තිබෙන බාධා දුරු කර ගැනීමට ශක්තිය ඇති පුද්ගලයන් යොදවා ගැනීමටද නොයෙකුත් පුද පූජා පැවැත්වීමටද කාලයක් තිස්සේ කටයුතු කර තිබේ.
මෙය පාලකයෙකු හෝ රජෙකු තවත් බලවන්තයෙකු බවට පත් කරන බලයකින් යුත් බලගතු පාෂණයක් යැයි කියවෙන බැවින් වරෙක අප්‍රිකානු රටක රජ කෙනකු ද මෙය මිල දී ගැනීමට උත්සාහ දරා ඇති බව වාර්තා වේ.
චාමර අමරසූරිය සහ රු කාරියවසම්
මව්බිම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි