රනිල්ට නඩු පවරනවා - නීතිපති කොටුව මහෙස්ත්‍රාත්වරයාට දන්වයි..
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනය අවසන් අදියරේ පසුවන බැවින් ඔහුට එරෙහිව ඉහළ අධිකරණයක නඩු පවරන බව නීතිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතාට දැනුම් දුන්නේය.
නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සිදු කරනු ලබන විමර්ශන කටයුතු අවසාන අදියරේ පසුවන බැවින් ඉහළ අධිකරණයක නඩු පැවරීමට කටයුතු කරන බව සඳහන් කරමින් ඒ බව දන්වා සිටියේය.
ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධුර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළ බව කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා තිබේ.
මෙම නඩුවේ විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය පුද්ගලයකු බව කියන හිටපු ජනාධිපතිගේ ලේකම්වරයා වන සමන් ඒකනායක මහතාගේ විදේශ ගමන් තහනම ලිහිල් කරන ලෙස නීතිඥවරුන් ඉල්ලීමක් කර තිබුණි.
එම ඉල්ලීම සම්බන්ධයෙන් ඊයේ (19) අධිකරණයේදී කරුණු දැක්වීම සිදු වූ අතර එහිදී එම ලේකම්වරයා වෙනුවෙන් අධිකරණයෙන් ඉල්ලා තිබූ විදේශ ගමන් තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් ඉල්ලීම ඉල්ලා අස් කරගන්නා බව ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට දැන්වීය.
ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට කරන ලද ඉල්ලීම නිෂ්ප්‍රභ කරනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ එම ලේකම්වරයාගේ දියණියගේ දරු ප්‍රසූතියට යෑම සඳහා විදෙස් ගමන් තහනම ලිහිල් කරන ලෙස ඉල්ලා සිටිය බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ, එම ලේකම්වරයාට විදේශ ගමන් තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් විරෝධතාවයක් දක්වන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙලෙස සඳහන් කළේය.
“ස්වාමිනී, මෙම සිද්ධියට අදාළව විමර්ශන කටයුතු අවසාන අදියරේ පසුවන බැවින් ලබන මාසය වන විට විමර්ශන අවසන් කළ හැකි බව දක්නට ලැබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 50 අධික ප්‍රමාණයක් මේ වනවිට ලබා ගෙන තිබෙනවා. විමර්ශන අවසන් අදියරේ. ලබන මාසය වනවිට විමර්ශන අවසන්. ඉහළ අධිකරණයක නඩු පැවරීමට පියවර ගන්නවා. විදේශ ගමන් තහනම් ඉවත් කරන ලෙස ඉල්ලා සිටින හිටපු ජනාධිපති ලේකම්වරයා ප්‍රධාන මූල්‍ය පාලකවරයා. සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ප්‍රධානියා ප්‍රශ්නයක් ලිපිය විමර්ශනය කිරීම පමණයි සිදු කිරීමට තිබෙන්නේ. අධිකරණ නියෝග ප්‍රකාරව විමර්ශන කරමින් පවතිනවා. එම ලේඛනය ව්‍යාජ ලේඛනයක් බවයි පැමිණිල්ලේ ස්ථාවරය. එම නිසා ලේඛනය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සිදු කරනවා.” යනුවෙනි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙලෙස සඳහන් කළේය.
“අද දින පැමිණිල්ල කැඳවන්නේ නිශ්චිත කාරණයකට. නඩුව කැඳවන දින විමර්ශන ප්‍රගතිය දැනුම් දෙන්න. ඉල්ලීම අස්කර ගැනීමට කරන ඉල්ලීමට අනුව ඉල්ලීම නිෂ්ප්‍රභ කරනවා” යනුවෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කළේය.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි