පක්ෂයට පිටින් ගිය සීතාවක සර්වජන මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි..
සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීම සඳහා අද (18) පැවති ඡන්ද විමසීමේදී පක්ෂයේ තීරණයට එරෙහිව ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයා සභාපති ලෙස පත්කර ගැනීමට සහාය දුන් සර්වජන බලය පක්ෂයේ මන්ත්‍රී චන්දන ප්‍රේමනාත් මුදුන් කොටුව මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ.
එම ඡන්ද විමසීමේදී පක්ෂයේ තීරණයට පටහැනිව යමින් පක්ෂයේ අවසරය නොමැතිව සභාව තුළ රැඳී සිටිමින්, ජාතික ජනබලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයා සභාපති ලෙස පත්කර ගැනීමට සර්වජන බලයේ චන්දන ප්‍රේමනාත් විසින් සහාය දක්වා ඇති බවට අනාවරණය වී ඇතැයි එම පක්‍ෂයේ මහ ලේකම් රන්ජන් සෙනෙවිරත්න මහතා පවසයි.
පක්ෂය දැනුම්දී තිබුණු තීරණයට පටහැනිව කටයුතු කිරීම සහ පක්ෂයේ අවසරය නොමැතිව කටයුතු කිරීම බරපතළ විනය විරෝධී ක්‍රියාවක් බව ද එම පක්ෂ මහ ලේකම් රන්ජන් සෙනෙවිරත්න මහතා අදාළ මන්ත්‍රීවරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ.
එහිදී ඡන්ද 23 ක් හිමි කර ගනිමින් සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ මන්ත්‍රී පී.කේ. ප්‍රේමරත්න මහතා පත්විය.
- ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..