ත්‍රිකුණාමලේ බුදුපිළිම සිද්ධියට ජනාධිපතියි එකසිය පනස් නව දෙනායි වගකිව යුතුයි – වලවාහැංගුනුවැවේ ධම්මරතන හිමි
ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ හාමුදුරුවන්ට පොලිසිය විසින් පහරදී බුදුපිළිම වහන්සේ පැහැරගෙන යෑමේ සිද්ධියට වගකිව යුත්තේ වර්තමාන ආණ්ඩුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එකසිය පනස් නව දෙනා බවට මිහින්තලය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති වලවාහැංගුනුවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.
පසුගියදා ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමට ගිය අවස්ථාවේදී පොලිසිය සමඟ ඇති වූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ඉකුත්(17)දා මිහින්තලා රජමහා විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ධම්මරතන හිමියෝ මේ බව පැවසූහ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසූහ.
වර්තමාන ආණ්ඩුවට කියනවා බුදු දහමට අත තියන්න එපා, සිංහල ජාතියට අත තියන්න එපා, ඔහොම ආවා කොච්චරවත් පිල්ලි. ඒ පිල්ලිවලට වෙච්ච දෙයක් නෑ. යහපත්ව රට පාලනය කරන්න ඕන නම් මේ රටේ මිනිස්සුන්ගේ ආගම ඇදහීමේ අයිතිය සියලු ජාතීන්ගේ සියලු ආගම්වල සුරක්ෂිතභාවය ඇති කරපල්ලා. උඹල පාර්ලිමේන්තුවේ කතා කරපල්ලා. අනිත් ඒවත් කරපල්ලා. හොරකම් කරන ඒවත් නවත්තපල්ලා. කුඩුත් අල්ලපල්ලා. අනිත් ඔක්කමත් කරපල්ලා. හැබැයි බුදු දහමට අත තියන්න එපා. ඒකනේ උඹල නැති කරේ බුද්ධ ශාසන අමාත්‍යාංශය.
වර්තමාන ආණ්ඩුව පත්වුණොත් සම්බුද්ධ ශාසනයට වෙන හානිය අපි කිව්වා. ඒ කියන කොට මිනිස්සු අපට විවිධ කතන්දර කිව්වා. ඒක ගැටලුවක් නෑ. නමුත් දැන් ඒ දේ ඔප්පු වෙලා තියෙනවා. ඒ හින්දා තමයි දැන් බුද්ධ ශාසන අමාත්‍යාංශය නැත්තේ. ආගමික කටයුතු කියලා තියෙන්නේ. මොන ආගමටද දන්නෑ. අපට බෞද්ධ අයිතියක් නෑ අද රටේ. අපි අවුරුද්දකට ඉස්සරලා මේ කතන්දරේ කිව්වා. අපි මේවා කතා කරන්නේ ජාතිවාදය ආගම්වාදය අවුස්සන්න නෙවෙයි. දේශපාලන වාසි ලබාගන්නත් නෙවෙයි.
මේ කතාවට බුකියේ ඉන්න අය උත්තර සපයන්න වුවමනා නෑ. උත්තර දිය යුත්තේ වර්තමාන රජය. අනුර කුමාර දිසානායක ඇතුළු එකසිය පනස් නවදෙනා. ඡන්දය දුන්න අය දුක් වෙන්න කණගාටු වෙන්න අද බුදු දහමට හා සිංහල ජාතියට අත්වෙලා තියෙන ඉරණම සහ අනාගතයේ ඇතිවන තත්ත්වය පිළිබඳව. අපේ රටේ මිනිස්සුන් අපි කරගත්තු හානියක් කියලා තේරුම් ගත්තොත් හොඳයි.
අනිත් ආගම්වලටවත් අනිත් ජාතීන්වලටවත් අපි කාටවත් උඩගෙඩි දෙන්නේ නෑ. තිස් අවුරුදු යුද්ධයක් මේ රටේ තිබුණා. ඒවා ඉවර වුණා. දැන් දෙවුන්දරතුඩුවේ ඉඳලා පේදුරුතුඩුවට ලංකාවේ සිව් දෙස සිව් කොන යන්න පුළුවන්. සිව් කොන සිව් දිසාවේ බුදුපිළිමයක් තැන්පත් කරන්න සිංහල බෞද්ධ කෙනෙකුට වර්තමාන රජයෙන් ඉඩ දෙන්නේ නෑ. ඒකට හේතුවක් ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයෙන් පේනවා. 1951 තමයි මේක පටන් අරන් තියෙන්නේ. පූජා ඔප්පුවක් තියෙනවා. විහාර දේවාලගම් පනතේ ලියාපදිංචි කරලා තියෙනවා. මේ පූජා භූමියේ ආගමික කටයුතු සිද්ධ කිරීමට සැදැහැතියන් පැමිණෙනවා නම් කැමැත්ත දක්වනවා නම්, පහනක් හදන්න, බුදු පිළිමයක් තැන්පත් කරන්න ඕනෑ නම්, ඝණ්ඨාර කුළුණක් හදන්න ඕනෑ නම්, දහම් පාසල් ගොඩනැගිල්ලක් හදන්න ඕනෑ නම්, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලයේ ඉන්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගෙන් අවසර ගන්න ඕනෑ කියලා අද තමයි දන්නේ. මේ සිද්ධි ආණ්ඩුවෙන් කරලා කියලා තමයි අපි කියන්නේ. අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව තමා මේක කරලා තියෙන්නේ. බුදු පිළිමයක් තැන්පත් කරන්න පොලිසියෙන්වත් ආණ්ඩුවෙන්වත් අපට අවසර ගන්න වුවමනාවක් නෑ.
මේවා අනවශ්‍ය ඉදිකිරීම් නෙවෙයි. ඔහෙලා බලයට එන්න ඉස්සෙල්ලා ලියාපදිංචි වෙච්ච විහාරස්ථාන. මේක තමයි රටේ ජනතාව මම කිව්වේ මේ අයිතිය නැති කරලා බුදු පිළිමයක් තැන්පත් කරන්නවත් මලක් පහනක් පූජා කරන්නවත් මේ අය ඉඩ දෙන්නේ නෑ. ඒකෙ හොඳම සිදුවීම තමයි ත්‍රිකුණාමලයේ සිදුවීම. ආණ්ඩුව මේ කරන අකටයුතුකම් සම්බුද්ධ ශාසනයට සිංහල ජාතියට කරන හානිය වහාම නවත්තපල්ලා.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මේ ගැන කතා කරන්න අහනකොට කතානායකවරයා අවස්ථාව දීලා නෑ මේ රටේ තියෙන ප්‍රශ්නය කතා කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා බුද්ධාගම සුරක්ෂිත කර පෝෂණය කරන්න ඕනෑ කියලා. ඒ වගේම අනිත් ආගම්වලටත් ඒ අයුරින් සලකන්න ඕනෑ කියලා. ඒක ව්‍යවස්ථාවේ තියෙනවා. හැබැයි පාර්ලිමේන්තුවේ නෑ. බලයට පත්වෙච්ච මිනිස්සු ගාව නෑ. වර්තමාන ආණ්ඩුව මේ බුදු දහමට අත තියන්න එපා. සිංහල ජාතියට අත තියන්න එපා. ඔහොම ආවා කොච්චරවත් පිල්ලි ඒ පිල්ලිවලට වෙච්ච දෙයක් නෑ. අවසානයේ යහපත්ව රට පාලනය කරන්න ඕනා නම් මේ රටේ මිනිසුන්ගේ ආගම් ඇදහීමේ අයිතිය සියලු ජාතීන්ගේ සියලු ආගම්වල සුරක්ෂිත භාවය ඇති කරපල්ලා. මෙයාලා අවුරුදු පහක් ඉඳලා රණ්ඩු වෙලා මේක විනාශ කරලා යන්න එනවා නම් ඒකට මේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නෑ. පෙළ ගැසෙමු එක්කෙනෙක් එලෙව්වා නම් මෙයත් එලවන්න සූදානම් වෙන්න.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්