ශ්‍රී ලංකා-ඇමරිකා ආරක්‍ෂක ගිවිසුම ඉන්දු පැසිෆික් ස්ථාවරත්වට වැදගත්..- ඇමරිකා තානාපතිනි ජූලි චන්ග්
විදේශයන්හි සාම සාධක සහ මානුෂීය කටයුතු මෙන්ම ලැව්ගිනි සහ ගංවතුර ආපදා සහන සේවා සැපයීම දක්වා වෘත්තීයභාවය පිළිබඳ විශිෂ්ට වාර්තාවක් ඇති මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සමග ඇති කර ගත් අවබෝධතා ගිවිසුම මඟින් ඉන්දු පැසිෆික් කලාපයක් දක්වා වන සාමුහික අරමුණු තෘප්තිමත් වන බව ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් අවධාරණය කළාය.
එක්සත් ජනපද වෙරළාරක්ෂක දිස්ත්‍රික්කය, මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර ආරක්ෂක හවුල්කාරීත්වය විධිමත් කරන අවබෝධතා ගිවිසුමකට, ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව ආරක්ෂක අමාත්‍යංශයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ අවස්ථාවේ තානාපතිවරිය මෙම කරුණු අනාවරණය කළාය.
මෙම ගිවිසුම, එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් වර්ධනය කෙරෙන ගිවිසුමක් බවත්, ආරක්ෂිත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා අවැසි විශ්වාසය මෙමඟින් තවදුරටත් ශක්තිමත් කෙරෙන බවත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් වැඩිදුරටත් පැවසුවාය.
ඇමරිකා එක්සත් ජනපද තානාපති ජූලි චන්ග්, මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ සහකාර ජෙනරාල් බ්‍රිගේඩියර් ජෙනරාල් ට්‍රෙන්ටන් ගිබ්සන් සහ මෙරට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන අය මෙම ගිවිසුමට අත්සන් තැබූහ.
මෙම ගිවිසුම හරහා ඉන්දු පැසිෆික් කලාපීය ස්ථාවරත්වය, සමුද්‍රීය ආරක්ෂාව සහ වෘත්තීය හමුදා සහයෝගිතාව සඳහා වන දෙරටෙහිම පවතින අන්‍යොන්‍ය කැපවීම අවධාරණය කෙරෙන බව එක්සත් ජනපද තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.
දෙරට අතර දිගු කාලයක් පුරා අන්‍යොන්‍ය අවබෝධය සහ විශ්වාසය පෝෂණය කරමින්, හමුදා පුහුණුව, ආපදා සහන හා ආරක්ෂක හුවමාරු වැනි ක්ෂේත්‍රයන්හි පැවැති සහයෝගය මෙම ගිවිසුම මඟින් තවදුරටත් තහවුරු වෙන බව මෙහිදී මෙරට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ප්‍රකාශ කළේය.
- ගයාත්‍රි ගීගනආරච්චි
Aruna
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි