කබ්රාල්ට එරෙහි නඩුව විභාගයට නොගෙනම විසි කරයි..
තීනියාවල පාලිත හිමියන් විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව 2021 දී ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අද දින අගවිනිසුරු පද්මන් සූරසේන මහතා ඉදිරියේදී විභාග කරන ලද අතර, එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවදුරටත් පවත්වාගෙන යෑමට අවසර නොදීම නිෂ්ප්‍රභා කරන ලදී.
තීනියාවල පාලිත හිමි විසින් මෙම පෙත්සම ගොනු කරන ලද්දේ 2014 වසරේදී රජයේ අණ පරිදි මහ බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ඉමාඩ් සුභේරි යන ඇමෙරිකානු ජාතික පුද්ගලයෙකුට අයත් ඇමරිකාවේ ප්‍රචාරක කටයුතුවල යෙදෙන සමාගමකට, ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා කරන ලද ගෙවීම නීති විරෝධී යයි චෝදනා කරමිනි. තවද, එම ගෙවීම සඳහා එවකට කටයුතු කළ මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වගකිව යුතු යැයිද, එම ගෙවීම හරහා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූ යයිද පාලිත හිමි චෝදනා කරන ලදී.
අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී මෙම නඩු කටයුත්ත විභාග කරන ලද අවස්ථාවේදී, අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඥානරාජ් මහතා පවසා සිටියේ මෙම කරුණ පිළිබඳව දැනටමත් මහේස්ත්‍රාත් අධිකරණ දෙකකදීම නඩු විභාග කරන ලද අතර එම නඩු වලින් කබ්රාල් මහතා වැරදිකරුවෙක් නොවෙන බවට දැනටමත් සනාථ වී තිබුණු බවයි. තවද, එම නඩුවල තීන්දුවලට විරුද්ධව මහාධිකරණයේ ගොනු කරන ලද ඇපෑලයේ තීන්දුවද, මහේස්ත්‍රාත් තුමාගේ තීන්දුව තවදුරටත් තහවුරු කොට ඇති බවයි.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කරන ලද මෙම චෝදනාව පදනම් රහිත එකක් බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය. එපමණක් නොව මෙම කාරණා පිළිබඳවම, කබරාල් මහතාට විරුද්ධව අභියාචනාධිකරණයේදීත් වෙනත් පුද්ගලයෙකු විසින් නඩුවක් ගොනු කරන ලද අතර, එම නඩුවෙන්ද කබ්රාල් මහතා වැරදිකරුවෙක් නොවෙන බවට සනාථ වී තිබුණි.
ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අද දින විභාග වූ නඩුවේදී, නීතිපති දෙපාර්තමේන්තුවෙන් ද කරුණු ඉදිරිපත් කරන ලද අතර තීනියාවල පාලිත හිමිගේ නීතිඥ වන ජනාධිපති නීතිඥ ෆර්මාන් කසීම් මහතාගේ කනිෂ්ඨ නීතීඥ විසින්ද කරුණු ඉදිරිපත් කරන ලදී.
මෙම කරුණු සියල්ලම සලකා බැලීමෙන් පසුව අගවිනිසුරු පද්මන් සූරසේන මහතා, විනිසුරු මහින්ද සමයවර්ධන මහතා, විනිසුරු සම්පත් විජේරත්න මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය විසින් මෙම නඩු කටයුත්ත තවදුරටත් පවත්වගෙන යෑමට අවසර නොදීම, නඩුව අවසන් කරන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි