ජනපති සමග කළ සාකච්ඡාවල අවසන් එකඟතාවක් නෑ: වෛද්‍ය වෘත්තීය සටන දිගටම
සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් ඊයේ (17දා) ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව මූලික එකඟතාවයකින් තොරව අවසන් වූ බැවින්, ඊයේ (17දා) දිවයින පුරා ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
2026 අයවැය මගින් සෞඛ්‍ය සේවය හා වෛද්‍යවරුන් නොසලකා හැර ඇති බව පවසමින් එයට විරෝධය පළ කිරීම සඳහා ඊයේ (17දා) සිට රෝහල් තුළ නොමැති ඖෂධ හා උපකරණ පිටතින් ලබාගැනීම සඳහා රෝගීන්ට තුණ්ඩු නිකුත් නොකිරීම ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි නියැළීමට වෛද්‍යවරුන් කටයුතු කළේය.
වෛද්‍යවරුන්ගේ ‘ඩැට්’ දීමනාව යාවත්කාලීන කිරීම, අමතර රාජකාරි දීමනා ස්ථාවර කිරීම, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයන්ට අනුව ප්‍රවාහන දීමනා අන්තර්ග්‍රහණය කිරීම ඇතුළු සෞඛ්‍ය සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් ඊයේ (17දා) ජනාධිපතිවරයා, සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු බලධාරීන් සමග සිය සංගමයේ විධායක සභාවේ නිලධාරීන් සාකච්ඡා පැවැත්වූ බවත්, මෙහිදී සිය ගැටලු ජනාධිපතිවරයා පිළිගත් බවත්, මෙයට විසඳුම් අයවැය තුළදී හෝ ඉන් පිටතදී කළ හැකි දැයි සොයාබලන බවට පැවසූ බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ඊයේ (17දා) ප්‍රකාශ කළේය.
2026 අය – වැය තුළින් සෞඛ්‍ය සේවය හා වෛද්‍යවරුන් නොසලකා හැරීමට විරෝධය පළ කරමින් ඊයේ (17දා) පෙ.ව. 8.00 සිට රෝහල් තුළ නොමැති ඖෂධ හා උපකරණ පිටතින් ලබාගැනීම සඳහා තුණ්ඩු නිකුත් නොකිරීම, රෝහල් තුළ නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදුකර ගැනීමට අවශ්‍ය නිර්දේශ නිකුත් නොකිරීම, දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කඳවුරු හා සායන සඳහා ස්වේච්ඡාවෙන් සහභාගි නොවීම ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක කරන බවත්, මින් අත්‍යවශ්‍ය රෝගී සත්කාරක සේවා කිසිවකට බලපෑමක් ඇති නොවන බවත්, වෛද්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත් සිය වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයෙන් ලැබෙන ඉදිරි ප්‍රතිචාර මත සාකච්ඡා කර තීරණයක් ගැනීමට සිය සංගමයේ මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව කටයුතු කරන බවද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්