මිග්යානා නඩුවට වසර 10යි.. නීතිපති වසර 8කින් උසාවි ඇවිත් නැහැ - උදයංග කියයි
මිග්යානා ගනුදෙනුවට අදාළ නඩුවට වසර 10ක් ගතව ඇති බවත්, තමා මේ වන විට එම නඩුව වෙනුවෙන් 80 වතාවක් අධිකරණයෙන් කැඳවා ඇති බවත් මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම්කර ඇති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.
එසේම මෙම නඩුවට අදාළව වසර 8 කට ආසන්න කාලයක් නීතිපතිවරයා විසින් උපදෙස් අධිකරණයට ලබාදී නොමැති බවද උදයංග වීරතුංග මහතා පවසයි.
පහතින් දැක්වෙන්නේ, මෙම නඩුවට අදාළව උදයංග වීරතුංග සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනකි.
‘මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මිග්යානා ගනුදෙනුව පිළිබද විමර්ශන නඩුව 2015 මාර්තු 26 දින ගොනුකර, එහි මා සැකකරුවකු ලෙස නම් කර ඇති අතර එම ගණුදෙනුවට වගකිව යුතු නිලධාරීන් කිසිවකු සැකකරුවකු හෝ නොකිරීම දේශපාලන තීන්දුවක් වූ නමුත් එදා නීතිපති, පොලිස්පති ඊට වගකිව යුතුයි. දැනට වසර 8 කට ආසන්න කාලයක් නීතිපති විසින් නඩුවට අදාල උපදෙස් අධිකරණයට ලබා නොදීම පමණක් නොව පසුගිය වසර 5 කට වැඩි කාලයක් නීතිපති අධිකරණයට හෝ නොපැමිණිමෙන් ඔහුන් සිදූකරන්නේ අසාධාරණයක් පමණක් නොව දේශපාලන නායකත්වයේ අවශ්‍යතාවය මත රාජ්‍ය බලය අවභාවිතා කරමින් විරුද්ධ පාක්ෂිකයාගෙන් පලිගැනීම බව ශ්‍රීලාංකික ඔබට සටහන් කරමි.
අද මගේ 80 වැනි නඩු දිනයයි..
අදට ගෙවුණු කටුක දින 3,878 ක් පුරාවට මාගේ සියළු ගිණුම් අත්හිටුවමින් ශ්‍රී ලංකා රජය මෙතෙක් සිදුකල දේශපාලන පලිගැනීම් පරාජ කර, මා ඇතුළු අනිකුත් රාජ්‍ය නිලධාරීන් සදහා නිත්‍යානුකූලව සාධාරණ විසදුමක් ලැබෙන දිනය ඉදිරියේදී උදාවන බව විශ්වාස කරමි.’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්