වර්ෂ 2035 වන විට සමාජවාදී නවීකරණය මූලික වශයෙන් සාක්ෂාත් කර ගැනීම සඳහා චීනය පස් අවුරුදු සැලසුම් තුනක් භාවිතා කිරීමට සැලසුම් කර තිබෙනවා- 15 වන පස් අවුරුදු සැලැස්ම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන තානාපති කාර්යාලයේ කවුන්සල්වරයා වන මේ ජින් පවසයි
චීනය සිය ඉදිරි වසර 5 සඳහා හඳුන්වා දෙන ඔවුන්ගේ 15 වන පස් අවුරුදු සැලැස්ම පිළිබඳව මාධ්‍යවේදීන් සහ දේශපාලනක්‍රියාධරයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ(12) කොළඹ 7 ලක්ෂමන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී සංවිධානය කර තිබුණි. එම පස් අවුරුදු සැලැස්ම බෙදාගත් සංවර්ධනය සඳහා නව අවස්ථා ලෙස නම් කරනු ලැබ තිබේ. ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනය, සේද මාවතේ මිතුරන් සමාජය සමඟ එක්ව වැඩමුළුව සංවිධානය කර තිබුණි. එහිදී චීනයේ පස් අවුරුදු සැලසුම් සහ ආර්ථික ජයග්‍රහණ අතර සම්බන්ධතාවය, චීනයට සහ ශ්‍රී ලංකාවට සංවර්ධන අවස්ථා බෙදා ගත හැකි ආකාරය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා චීනයේ පාලන ආකෘතියේ දායකත්වය සහ නවීකරණය යන මාතෘකා ඔස්සේ වැඩමුළුවේ කටයුතු මෙහෙයවිනි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කවුන්සල්වරයා වන මේ ජින් මහතා සහ චීන රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු වන ජින් එන්සේ වැඩමුළුවට සහභාගි විය. ලක්ෂමන් කදිරගාමර් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා ආචාර්ය නිශාරා මෙන්ඩිස් මහත්මිය වැඩමුළුවේ කටයුතු මෙහෙයවනු ලැබීය. ලක්ෂමන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පර්යේෂණ නිලධාරිනියන් චීන පස් අවුරුදු සැලසුම් සම්බන්ධයෙන් විවිධ පැතිකඩ ඔස්සේ අදහස් ඉදිරිපත් කරනු ලැබූහ. එලෙසම චීන 15 වන පස් අවුරුදු සැලැස්ම සම්බන්ධයෙන් චීන තානාපති මේ ජින් මහතා දීර්ඝ වශයෙන් අදහස් දක්වනු ලැබීය.
එහිදී ඒ මහතා අදහස් දක්වමින්, " චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමට පෙර, චීනය දුප්පත් හා දුර්වල අර්ධ වැඩවසම් සහ අර්ධ යටත් විජිත රටක් වූවා. චීනයට මෝටර් රථ හෝ ගුවන් යානා නිෂ්පාදනය කිරීම පසෙකලා ගිනිකූරු සහ එදිනෙද කටයුතු සඳහා අවශ්‍ය ඇණයක් පවා ආනයනය කිරීමට සිදුව තිබුණා. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ, චීන ජනතාව වෙහෙස මහන්සි වී වැඩ කිරීම හේතුවෙන් මානව ඉතිහාසයේ විශාලතම, වේගවත්ම සහ වඩාත්ම කල් පවතින සංවර්ධන ආශ්චර්යය නිර්මාණය කිරීමට සමත් වූවා. වසර 70 කට වැඩි කාලයක් තුළ, චීනය පසුගාමී කෘෂිකාර්මික රටක සිට ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය බවට පරිවර්තනය වූවා. එපමණක් නොවෙයි චීනය දැන් විශාලතම කාර්මික ජාතිය, විශාලතම භාණ්ඩ වෙළෙන්දා සහ විදේශ විනිමය සංචිත විශාලතම හිමිකරු බවට පත් වී ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් දහතුන දහස ඉක්මවන තත්වයට පත්ව තිබෙනවා. 1952 සිට 2024 දක්වා, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය වාර්ෂික අනුපාතය 7.9% ක් වැනි ඉහළ අගයකින් වර්ධනය වූවා. ප්‍රතිසංස්කරණය සහ විවෘත කිරීම ආරම්භ වූදා සිට, චීනයේ ග්‍රාමීය දුප්පතුන් මිලියන 770 ක් දරිද්‍රතාවයෙන් මුදවා ගෙන තිබෙනවා. එම කාලය තුළ ගෝලීය දරිද්‍රතාවය අඩු කිරීමට චීනය 70% කට වඩා වැඩි ප්‍රතිශතයකින් දායක වී තිබෙන අතර, එය ලෝකයේ කලාතුරකින් දක්නට ලැබෙන සංවර්ධන ආශ්චර්යයක් නිර්මාණය කරනු ලැබූ අවස්ථාවක්.
චීනයේ සංවර්ධන ආශ්චර්යයේ රහස පළමුව චීන කොමියුනිස්ට් පක්ෂයේ ශක්තිමත් නායකත්වය තුළ වන අතර දෙවනුව පස් අවුරුදු සැලසුම් තුළ පවතී. පස් අවුරුදු සැලසුම් විද්‍යාත්මකව සකස් කිරීම සහ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම රට පාලනය කිරීමේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ වැදගත් අත්දැකීමක් බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ෂී ජින් පිං පෙන්වා දී තිබෙනවා. එය චීන ලක්ෂණ සහිත සමාජවාදයේ සැලකිය යුතු දේශපාලන වාසියක් වනවා. 1953 සිට, චීනය මධ්‍යම හා දිගු කාලීන සැලසුම්කරණය තුළින් ආර්ථික හා සමාජ සංවර්ධනයට මඟ පෙන්වමින් පස් අවුරුදු සැලසුම් හෝ වැඩසටහන් 14 ක් අනුක්‍රමිකව සකස් කර ක්‍රියාත්මක කර තිබෙනවා. පළමු පස් අවුරුදු සැලසුමේ සිට පස්වන පස් අවුරුදු සැලසුම දක්වා චීනය සාපේක්ෂව සම්පූර්ණ කාර්මික පද්ධතියක් ස්ථාපිත කරනු ලැබුවා. හයවන පස් අවුරුදු සැලසුමේ සිට දහතුන්වන පස් අවුරුදු සැලසුම දක්වා චීනය පුළුල් ලෙස මධ්‍යස්ථ සමෘද්ධිමත් සමාජයක් ගොඩනඟා එහි පළමු සියවසේ ඉලක්කය සපුරා ගත්තා. 14 වන පස් අවුරුදු සැලසුම් කාලය තුළ චීනය ආර්ථික හා සමාජීය සංවර්ධනයේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගත්තා. 2024 දී චීනයේ මුළු ආර්ථික නිමැවුම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 18.9 ක් පමණ වූ අතර එය ලෝකයේ මුළු ආදායමෙන් 17% ක් පමණ වූවා. චීනයේ ආර්ථික වර්ධන වේගය ඉහළම ඒවා අතර ශ්‍රේණිගත කර ඇති අතර එය වාර්ෂිකව ගෝලීය ආර්ථික වර්ධනයට සාමාන්‍යයෙන් 30% ක් පමණ දායක වෙනවා. චීනය රටවල් සහ කලාප 150 කට වැඩි ගණනක ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු බවට පත්ව තිබෙනවා. තාක්ෂණික නවෝත්පාදනයන් සහ හරිත, අඩු කාබන් පරිවර්තනයන්හි සැලකිය යුතු ජයග්‍රහණ ලබා ගැනීමට චීනය සමත් වූවා. චීනය පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා යොදවන වියදම්වලින් ලෝකයේ දෙවන ස්ථානයට පත්වූ අතර නව බලශක්ති උත්පාදනයේ ස්ථාපිත ධාරිතාවයෙන් පළමු ස්ථානයට පත්වූවා.චීනය කෘතිම බුද්ධිය, විදුලි වාහන, ලිතියම් බැටරි සහ ප්‍රකාශ වෝල්ටීයතා නිෂ්පාදනවල ලොව ප්‍රමුඛ ස්ථානයක සිටිනවා. වර්ෂ 2035 වන විට සමාජවාදී නවීකරණය මූලික වශයෙන් සාක්ෂාත් කර ගැනීම සඳහා චීනය පස් අවුරුදු සැලසුම් තුනක් භාවිතා කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම පදනම මත, මෙම සියවසේ මැද භාගය වන විට ශ්‍රේෂ්ඨ නවීන සමාජවාදී රටක් ගොඩනැගීමට තවත් පස් අවුරුදු සැලසුම් තුනක් භාවිතා කිරීමට නියමිතයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්