නිර්වින්දන දොස්තරලා නෑ.. කරාපිටියේ සැත්කම් නවතී...
ගාල්ල ජාතික රෝහලේ උග්‍ර නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් ළමා - පිළිකා - සාමාන්‍ය ශල්‍යකර්ම පවා නතර කිරීමට සිදු වී ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග පවසයි.
ශල්‍ය කර්ම නිසි වේලාවට කර ගැනීමට නොහැකිව රෝගීහු දැඩි ජිවිත අවදානමකටද පත්ව සිටිති.
ගාල්ල ජාතික රෝහලේ ශල්‍යාගාර 14 ක් ක්‍රියාත්මක වේ. සිටිය යුතු නිර්වින්දන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 52 ක් වුවත් දැනට සේවයේ යෙදෙන්නේ නිර්වින්දන වෛද්‍යවරුන් 35 දෙනෙකු බව වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාන මාරු පටිපාටියට අනුව මින් නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනකු ස්ථාන මාරු කිරීමට ද නියමිතව ඇත.
දකුණු පළාත මෙන්ම ඌව සහ සබරගමුව යන පළාත්වල රෝගී ජනතාවට සෞඛ්‍ය පහසුකම් සලසන ගාල්ල ජාතික රෝහලේ මෙම නිර්වින්දන වෛද්‍ය හිගයට වහාම පිළියම් යොදන ලෙස අසරණ වූ රෝගීහු රජයෙන් ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංගා මහතා පැවසීය.
'දැනට රෝහලේ නිර්වින්දන වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් පවතිනවා. ඒක සත්‍යයක්, මේ හේතුවෙන් සමහර ශල්‍ය ලැයිස්තු අවලංගු කිරීමට පවා සිදුවී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝග මත තමයි නිර්වින්දන වෛද්‍යවරුන් ස්ථාන මාරු කරන්නේ.
එසේ කිරීමට නියෝග ලැබුණ විටදී එම නියෝග ක‍්‍රියාත්මක නොකර සිටීමට අධ්‍යක්ෂවරයාට හැකියාවක් නැහැ. 2017 වර්ෂයේ සංඛ්‍යා ලේඛන අනුව මෙම රෝහලට නිර්වින්දන වෛද්‍යවරුන් 52 ක් සිටිය යුතු වෙනවා. නමුත් ඊට පසු තව තවත් අංශ වැඩි දියුණු වීම හේතුවෙන් මෙම ගණනද වැඩි වී තිඛෙනවා. නමුත් දැනට විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන් සිටින්නේ 35 ක් පමණයි'
- ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..