දාවුඩ් ඊබ්‍රහිම් කල්ලිය සහ හිටපු LTTEය අතර ගිවිසුමක්.. ඉන්දීය බුද්ධි අංශ සීරුවෙන්..
ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් ලෙස සැළකෙන දාවුඩ් ඊබ්‍රාහිම්ගේ කණ්ඩායම (D gang) සහ හිටපු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (LTTE) ක්‍රියාකාරිකයින් අතර මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ගිවිසුමක් ඇති වී ඇති බව පවසමින් ඉන්දීය බුද්ධි අංශ විසින් දැඩි අවධානයක් යොමු කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම නව සන්ධානය හරහා ඉන්දීය ආරක්ෂක අංශවලට දැඩි ආරක්ෂක අවදානමක් එල්ල වනු ඇති බවටයි ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇත්තේ.
බුද්ධි අංශ විසින් ලබාගත් තොරතුරු අනුව, D-කල්ලියේ සාමාජිකයන් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිටින හිටපු LTTE ක්‍රියාකාරීන් සහ අනුග්‍රාහකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් සිටින්නේ මත්ද්‍රව්‍ය ජාවාරම තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා යි.
මෙම අපරාධ කණ්ඩායම් දෙකටම දිගුකාලීන සබඳතා ඇති අතර විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා පොදු ජාලයක් ඔස්සේ නිරතව සිටින බව එම වාර්තාවල සඳහන්.
නව සන්ධානයට පැමිණීම සඳහා D-කල්ලිය සතුව ප්‍රබල හේතු තිබෙන බවට ද ඉන්දීය වාර්තාවල දැක්වේ.
බුද්ධි අංශ තොරතුරු උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ D-කල්ලිය පාඩු පියවා ගැනීමට එනම්, ප්‍රධාන වශයෙන් මහාරාෂ්ට්‍ර, ගුජරාට් සහ අනෙකුත් උතුරු ප්‍රාන්තවල සිදු කරන ලද මෙහෙයුම්වලදී සිදුවූ විශාල පාඩු පියවා ගැනීමට මෙම සන්ධානය ඇති කළ බවයි.
D-කල්ලියේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සඳහා දකුණු ඉන්දියාව හරහා මාර්ග ගවේෂණය කිරීමට දාවුඩ් කල්ලිය උත්සාහ කරන බව ද සඳහන්.
මත්ද්‍රව්‍ය වෙළඳාම සඳහා හිටපු LTTE ජාලය භාවිතා කිරීමට D-කල්ලිය පෙළඹෙන්නේ, හිටපු LTTE සාමාජිකයන්ට ගොඩබිම හා මුහුදේ මාර්ග ඇතුළුව ක්‍රියාකාරී ප්‍රදේශය පිළිබඳ අවබෝධයක් තිබීම හේතුවෙන් බව ද අදාළ වාර්තා පවසනවා.
හිටපු LTTE ක්‍රියාකාරිකයින්ගේ සහාය ඇතිව D-කල්ලිය දකුණු වෙළඳපොළට පිවිසීමට අපේක්ෂා කරන අතර, මෙතැන් සිට ඉන්දියාවේ ඉතිරි ප්‍රදේශ වෙත ද මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සැලසුම් කරන බවයි කියැවෙන්නේ.
කෙසේවෙතත් මෙම සන්ධානයෙන් හිටපු LTTE ක්‍රියාකාරීන් අරමුණු කරන්නේ සිය සංවිධානය නැවත පණගැන්වීමට බවද ඉන්දීය වාර්තා සඳහන් කරයි.
2009 මැයි මාසයේදී ශ්‍රී ලංකා හමුදා විසින් පරාජය කිරීමෙන් පසු අවසන්ව ගිය LTTE සංවිධානයට, මෙම ගිවිසුම පරිපූර්ණ අවස්ථාවක් භාවිත කිරීමට ඉඩ ඇති බවයි අදාළ වාර්තාවල දැක්වෙන්නේ.
විනාශ වී ගිය LTTE ට නිසි නායකත්වයක් නොමැති අතර, නැවත යථා තත්ත්වයට පත් කිරීමට පවා ප්‍රමාණවත් අරමුදල් නොමැති බව ද ඉන්දීය බුද්ධි අංශ තොරතුරු හෙළිකර තිබේ.
D-කල්ලිය සමඟ ඇති කර ගන්නා මෙම සම්බන්ධතාවය මගින් හිටපු LTTE ට අත්‍යවශ්‍යව ඇති මුදල් ලැබෙනු ඇති බව වාර්තා මගින් අනුමාන කරයි.
එම අරමුදල් යොදා ගනිමින්, හිටපු LTTE සාමාජිකයන් නවකයන් බඳවා ගැනීමට සහ ආයුධ හා පතොරම් මිලදී ගැනීමට යෝජනා කර තිබෙව බව ද සඳහන්.
හිටපු LTTE ක්‍රියාකාරීන් නැවත ගොඩනැගීමේ උත්සාහයක නිරත වන බවට ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සියේ (NIA) පරීක්ෂණ මගින් ද හෙළි වී තිබෙන බවයි එහි මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත්, නිලධාරියෙකු පවසා ඇත්තේ හිටපු LTTE ත්‍රස්ත සංවිධානය නැවත නැඟිටීමක් සිදු නොවීමට ඉඩ ඇති බවත්, ඔවුන්ගේ දෘෂ්ටිවාදය මිය යාමට ආසන්න බවයි.
එහෙත්, මෙම සියලු දුෂ්කරතා මධ්‍යයේ වුවද, නැවත පැමිණීමේ උත්සාහයන් දිගටම සිදුවෙමින් පවතී.
LTTE සක්‍රිය සමයේ එහි උච්චතම අවස්ථාවේ දී, දකුණු මත්ද්‍රව්‍ය වෙළඳපොළ පාලනය කළ අතර, පෝක් සමුද්‍ර සන්ධියේ දෙපසින් ක්‍රියාත්මක වන කණ්ඩායම් කෙරෙහි සම්පූර්ණ පාලනයක් දැරූ බව එම වාර්තාවල දැක්වේ.
හිටපු LTTE ක්‍රියාකාරීන් කැනඩාව, නෝර්වේ සහ අනෙකුත් බටහිර ජාතීන්හි සිය ක්‍රියාකාරීන් සමඟ සබඳතා ඇති කර ගත් අතර, මත්ද්‍රව්‍ය වෙළඳාමෙන් උපයා ගත් සියලුම මුදල් එම රටවල නීත්‍යානුකූල ව්‍යාපාරවලට මාරු කර තිබෙන බවටද අදාළ වාර්තාවල සඳහන්.
ඉන්දීය බුද්ධි අංශ පවසා ඇත්තේ හිටපු LTTEය නැවත නැඟිටීමට වඩා D-කල්ලිය දකුණු වෙළඳපොළට පිවිසීම විශාල ගැටලුවක් බවයි.
- හිරු නිව්ස්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්