ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය තොග හුවමාරු මධ්‍යස්ථානයෙක් ලෙස UN නම් කරයි..
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද 2024 වාර්තාවට අනුව, මුහුදු මාර්ග ඔස්සේ ක්‍රියාත්මක වන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින ප්‍රධාන ඉලක්කයන් බවට පත්ව ඇති බව අනාවරණය වේ. එම වාර්තාවේ සඳහන් වන්නේ මෙම රටවල් දෙක ප්‍රධාන මත්ද්‍රව්‍ය තොග හුවමාරු කිරීමේ ස්ථාන බවට පත්ව ඇති බවයි.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින ආසියාවේ ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය නිපදවන රටවල් වලට සමීපව පිහිටා තිබීම, විශාල වෙරළ තීරයන් සහ භූගෝලීය පිහිටීම හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ.
ජාවාරම්කරුවන් විසින් අරාබි මුහුද, ඉන්දියන් සාගරය, මාලදිවයින සහ මුරුසී දූපත වටා ගමන් කරමින් ශ්‍රී ලංකාවට පැමිණෙන බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය සිය වාර්තාවෙන් පෙන්නවා දෙයි.
ශ්‍රී ලංකාව ආසන්නයේ පිහිටා ඇති ගෝල්ඩන් ක්‍රසන්ට් (ඉරානය, ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය) හරහා සින්තටික් මත්ද්‍රව්‍ය ලෙස හඳුන්වන ක්‍රිස්ටල් මෙත් සහ හෙරොයින් නැමැති කෘත්‍රිම වර්ගයේ මත්ද්‍රව්‍ය මෙරටට වැඩි වශයෙන් පැමිණෙන බව සඳහන්ය.
මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීම ස්ථානය සහ ඉරානය අතර පිහිටා ඇති මක්‍රන් වෙරළ තීරය හරහා ආරම්භ වන අතර, අප්‍රිකාවට බෙදා හැරීමෙන් පසු, නැවත බෙදා හැරීම සඳහා මාලදිවයින සහ ශ්‍රී ලංකාවටද ප්‍රවාහනය කරන අතර, ඒ හරහා ඕස්ට්‍රේලියාවට පවා මත්ද්‍රව්‍ය රැගෙන යන බව වාර්තා වී ඇත.
දේශීය වශයෙන්, වර්තමානයේ වනවිට මන්නාරම, කන්කසන්තුරේ, යාපනය, මුලතිව් සහ කල්පිටිය ආශ්‍රිත මුහුදු තීර ඔස්සේ වැඩි වශයෙන් කේරල ගංජා සහ මත් පෙති වැනි තහනම් ද්‍රව්‍ය රට තුළට රැගෙන එනු ලබන අතර, දකුණු මුහුද ආශ්‍රිතව හෙරොයින් සහ අයිස් වැනි මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට ජාවාරම්කරුවන් කටයුතු කරන බවද එම වාර්තාවේ දැක්වේ. ජාවාරම්කරුවන් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහණය කිරීමට විශාල ප්‍රමාණයේ බහුදින ධීවර යාත්‍රා මෙන්ම විශාල භාණ්ඩ ප්‍රවාහණ නෞකාද උපයෝගී කරගන්නා බව එහි දැක්වෙයි.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ආරක්ෂක අංශ සහ රජයේ ආයතන වලින් ලබාගත් තොරතුරු මත පදනම්ව සකස් කරන ලද මෙම වාර්තාවට අනුව, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සහ නීතිමය ආයතන තුළ ඇති දූෂණය ප්‍රධාන ගැටලුවක් ලෙස නම් කර ඇත. තවද, මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිමය ක්‍රියාදාමයන්ට කාලය ගත වීමද දුර්වලතාවක් ලෙස පෙන්වා දී තිබෙනවා. එබැවින්, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව යාවත්කාලීන කර ශක්තිමත් කළ යුතු බව එම වාර්තාව නිර්දේශ කරයි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්