වෛද්‍ය හිඟය නිසා රෝහල් බිඳ වැටීමේ අවදානමක්..
සෞඛ්‍ය පද්ධතියේ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව කාලානුරූපිව යාවත්කාලීන නොවීම නිසා රෝහල් බිඳවැටීමේ අවදානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අඟවයි.
වෛද්‍යවරුන් විදෙස්ගත වීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් මතුව ඇති වෛද්‍යවරුන්ගේ හිඟය නිසා පර්යන්ත රෝහල් ගණනාවක මේවනවිට රෝගි සත්කාර සේවා පවත්වා ගැනීම දැඩි අභියෝගයකට ලක්ව ඇති බව එම සංගමය සඳහන් කරයි.
මෙම තත්ත්වය වළක්වා ගැනීමට නවක වෛද්‍යවරුන්ට හැකි ඉක්මනින් පත්වීම් ලබා දී සේවා අවශ්‍යතාවය අනුව ඔවුන් ස්ථානගත කිරීම මූලික අවශ්‍යතාවයක් බවද ඔවුන් පෙන්වා දෙයි.
එහෙත් සීමාවාසික පුහුණුව අවසන් කිරීමෙන් අනතුරුව නවක වෛද්‍යවරුන් අනුයුක්ත කිරිමට අවශ්‍ය අවසරය ලබා දීම කළමනාකරණ සේවා කොමිෂන් සභාව අත්තනෝමතික ලෙස දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටීම නිසා මෙම තත්ත්වය මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවධාරණය කර සිටියි.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට වෛද්‍යවරුන්ගේ අනුමත සේවක සංඛ්‍යාව වසර හතකින් යාවත්කාලීන වී නොමැති බවයි.
සෞඛ්‍ය අමාත්‍යංශය අවශ්‍ය තොරතුරු පැහැදිලි කිරිම් සහ සාධාරණීකරණය කිරීම් දිගින් දිගටම කර තිබියදිත් නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම සහ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත්කාලීන කිරීමට අපොහොසත්වීම සම්බන්ධව සහ කළමනාකරණ සේවා කොමිෂන් සභාවේ අත්තනෝමතික ක්‍රියාමාර්ග නිවැරැදි කිරීමට ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..