News Category
From Date
To Date
Maximum Number of Result

රටට ඩොලර් මවන හෙල්ත් ටුවරිසම්..

Nov 2, 2025 at 04:34 PM
|

සංචාරක ව්‍යාපාරයේ දියුණුවත් සමග අපට මෑත කාලීනව අහන්න ලැබුණු දෙයක් වුවත් මෙය නූතන ලෝකයට අලුත් මාතෘකාවක් නම් නොවෙන අතර,මෙඩිකල් ටූවරිසම්, දේශාටන වෛද්‍යවේදය, සංචාරක වෛද්‍යව විද්‍යාව, හෙල්ත් ටූවරිසම් වශයෙන් විවිධ ලෙස සාකච්ඡාවක්ට බඳුන්වන මාතෘකාවකි.

අපට සාමාන්‍යයෙන් එදිනෙදා දකින්න ලැබෙන නිරෝගී සංචාරකයන් හුදෙක්ම විනෝද ආස්වාදය වෙනුවෙන් හෝ ව්‍යාපාර අවශ්‍යතාවයකට ගමනාන්තයකට සංචාරය කරිම නොවෙයි මෙඩිකල් ටූවරිසම් යන්නෙන් අර්ථ දැක්වෙන්නේ රෝගීන් ප්‍රතිකාර ලබාදීම සඳහා රෝගියා ජීවත්ව සිටින තම රටේ සිට  තවත් රටකට දේශසීම හරහා ගොස් ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතිකාරයෙන් පසුව නැවත එම රට වෙත පැමිණීමයි.  කෙටියෙන්ම කියනවනම් රෝගියෙක් තම මව් රටේ පූරවැසිභාවය තිබෙන රටේ සිට දේශසීමා හරහා වෙනත් රටකට ප්‍රතිකාර සඳහා ගමන් කිරීමයි.එය බාරදූර කර්තව්‍යයක් වගේම පිරිස් ගණනාවක සහභාගිත්වයෙන් සාමූහික ප්‍රයත්නයක් මගින් සිදුකළ යුතු සංකීර්ණ ක්‍රියාවලියක්. එමගින් සැලකිය යුතු ප්‍රමාණයක විදේශ විනිමය උපයා ගැනීමට හැකියාව පවතිනවා. දැනට පවතින තොරතුරු අනුව ග්‍රීසියේ සතවර්ශ ගණනාවක් අතීතයටත් ඒ වගේම වසර පන්දහසක් පමණ පැරණි ඉන්දියාවේ ආයුර්වේද ප්‍රතිකාර කර ගැනීමට රෝගීන් ගමන් කර ඇති බව සඳහන් වෙනවා. නූතන දස වස් ගණනාවක් මුළුල්ලේ රෝගීන් තම ප්‍රතිකාර සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල සිට තාක්ෂණය ම උසස් වඩා දියුණු සංවර්ධිත රටවල් වල ප්‍රතිකාර ලබා ගැනීමට උත්සුක විය. ඒ අදටත් පවතී. එමෙන්ම මෑත කාලීන තාක්ෂණික දියුණුවත්, ගුවන් ගමන්වල වියදම් සැලකිය යුතු මට්ටමකට අඩුවීමත්, නවීන උසස් ප්‍රමිතිගත වෛද්‍ය ප්‍රතිකාර සහ වෛද්‍යවරු අඩු මුදලට සංවර්ධනය  පවතින රටවලදී ලබා ගැනීමට හැකිවීමත්, සමහර දියුණු වෙමින් පවතින රටවල ් යම් ප්‍රතික්කාර ක්‍රම ඉතා උසස් මට්ටමෙන් සාර්ථකව සිද්ධ කරන්න පුළුවන් වීමත් සමග සංවර්ධිත රටවල රෝගීන් සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රතිකාර ගැනීමට නැඹුරු වීම අප අද කතා කරන  දේසාටන වෛද්‍ය වේදය පෙන්වා දෙන්න පුළුවන්. උදාහරණ විදිහට ගත්තොත් තුර්කි රාජ්‍ය තුළ හිසකෙස් සිටුවීම, බ්‍රසීලයේ buttock රූපලාවන්‍ය ශල්‍යකර්ම, ඉන්දියාව තුළ අවයව බද්ධ කිරීම නි රටවල්වලට සුවිශේෂී වූ ඉහළ ප්‍රතිකාර ක්‍රම ඉහළ රෝග සුව කිරීමේ දක්ෂතා දක්වන්න පුළුවන් වෙලා තියෙනවා. සෝෂියල් මීඩියා සහ ඉන්ටර්නෙට් හරහා ප්‍රචාරණයද සුවිශේෂී ලෙස දායකත්වය ලබා දෙමින් පවතිනවා.

මෙහිදී වැදගත්ම කාර්යයක් වන්නේ රෝගියෙක් ඇයි තමන්ගේ රටේ සිට ියේ තවත් රටකට පැතිකර සඳහා යන්නේ කියන එකයි. එම තීරණය සුවිශේෂී තීරණයක්. එහිදී ප්‍රධානම සාධකය වන්නේ අඩු වියදම, ඒ වගේම තම රටේ ප්‍රතිකාර ක්‍රම නොමැතිවීම, නීතියානුකූල නොමැතිවීම, වෛද්‍යවරයෙකු මුණගැසීමට හෝ පෙරත්තු ලේඛනය තුළ බොහෝ කල් පනා බලා  සිටීමට සිදුවීම, ස්වභාවික ප්‍රතිකාර සඳහා ඇති නැඹුරුව වැඩිවීම, සෞඛ්‍ය සේවකයන් විසින් රෝගීන්ට ඉහළ කාරුණික සේවාවක් ලබාදීම, වෙනත් රටක සංචාරය කරන අතර ප්‍රතිකාර ලබා ගැනීමට ඇති හැකියාව වැනි සාධක ගණනාවක් බලපායි.

අඩු වියදම රෝගීන්ගෙන් වැඩිම දෙනෙක් වෙනත් රටකට ප්‍රතිකාර සඳහා යොමු වීමට බලපාන ප්‍රධාන සාධකය. ඉන්දියාව තුළ ප්‍රතිකාර ගැනීමේදී ඇමරිකාව හෝ බ්‍රිතාන්‍යයට වඩා හතරෙන් පහක පමණ අඩු මුදලකට එනම් එනම් සියයට විස්සක වැනි ප්‍රමාණයකට ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව පවතිනවා. උදාහරණයක් විදිහට හෘද සැත්කම් සඳහා ඇමෙරිකාව තුළ ( Bypass Surgery) $123000 පමණ අය කරන අතර එය ඉන්දියාව තුළ ඩොලර් හත්දහසක් සහ තායිලන්තය තුළ ඩොලර්  1700ක් පමණ මුදලක් ආසන්න වශයෙන් වියදම් වෙයි.

හෘද කාපාට ශල්‍යකර්මයක් සඳහා  ඇමරිකාව තුළ ආසන්න වශයෙන් ඩොලර් 170,000 ( රුපියල් පස්කෝටි දස ලක්ෂයක් Rs. 5,100,000 ක්) වන අතර ඒ ඉන්දියාව තුළ  $8500-11500 පමණ  කොලම්බියාව තුළ ින් ඩොලර් 20000 ක් පමන යුක්රේනය තුළ ඩොලර් හයදාහක් අටදාහක් පමණ වැය වෙයි.

දත් හිටවීම ඇමෙරිකාව තුළ $1500 අමන වන අතර යුක්‍රේනය තුල  $ 500-700  ජෝර්දානය $ 635-915 තුළ අඩු මුදලකට ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව පවතිනවා.

මෙහිදී වෙල්නස් ටුවරිසම් , වෛද්‍ය පරීක්ෂාව සහ නිදන්ගත වැනි වෛද්‍ය ප්‍රතිකාර මගින් ලැබෙන ආදායම පහල අගයක පවතින අතර ශල්‍යකර්ම මගෙන් ඉතා ඉහළ ආදායමක් ලැබීමට හැකියි. ලෝකයේ දේසාරණ වෛද්‍ය විද්‍යා සංගමයට අනුව සාමාන්‍යයෙන් වසරකට මිලියන 14 ක් හෝ ඊට වැඩි ‍රමාණයක් රෝගීන් ප්‍රතිකාර සඳහා ගමන් කරන බව ප්‍රකාශ කරයි. සාමාන්‍යයෙන් රෝගියෙකුට ප්‍රතිකාර සඳහා යන වියදම 40-80% අතර ප්‍රමාණයකින් ඉතිරි කර ගන්න පුළුවන් බව තහවුරු කරලා තියෙන්නේ. දැනට තක්සේරු කරලා තියෙන ආකාරයට වසරකට ඩොලර් මිලියන 100ක න් ඉහල ජාත්‍යන්තර ආර්ථිකයක් මෙඩිකල් ටුවරිසන් වලට හිමිවන අතර 15-20% (GAGR12.20% 2022-2032) ප්‍රමාණයකින් වර්ධනය වන බව ගණන් බලා ඇත.

ප්‍රධාන වශයෙන් ඇමෙරිකාව, කැනඩාව,  මහා බ්‍රිතාන්‍යය, බටහිර යුරෝපානු රටවල් වලින් රෝගයෙන් මේ සඳහා යොමුවන අතර මින් මේ වන විට විශාලම වෙළඳපොළ ආසියා පැසිපික් කලාපයි (75%-2021 වර්ෂයට සාපේක්ෂව).  ජාත්‍යන්තරය තුළ ඉදිරියෙන් පවතින්නේ සිංගප්පූරුව තායිලන්තය ඉන්දියාව ශ්‍රී ලංකාවට ආසන්න රටවල් සහ ඊශ්‍රායලය, බ්‍රසීලය, මෙක්සිකෝව, කොස්ටාරිකා වැනි රාජ්‍යයන් වන අතර  රටවල් හතලිස් හයක ප්‍රමාණයක් මේ අතර ඇත. ශ්‍රී ලංකාවට ආසන්නම රට ඉන්දියාව තුළ මැඩිකල් 20 මාකට් එක ඩොලර් බිලියන හයක් පමණ වන අතර වසරකට සංචාරක ම් රෝගීන් පනස්දාහක පමණ ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා ඉන්දියාවට පැමිණේ. 2016 වසර තුළ රෝගීන් 430,000 ද 2017 වසර තුළ ලක්ෂ හතක රෝගීන් ප්‍රමාණයක් ඉන්දියාවට ප්‍රතිකාර සඳහා ගමන් කර ඇත.

 සංචාරක රෝගීන් හතර ජනප්‍රියතම ප්‍රතිකාර ක්‍රම ලෙස

 රූපලාවන්‍ය ශල්‍යකර්ම හා ප්‍රතිකාර

දන්ත වෛද්‍ය ප්‍රතිකාර

පිළිකා රෝග ප්‍රතිකාර

අවයව බද්ධ කිරීමේ ශල්‍යකර්ම හා ප්‍රතිකාර

හෘද රෝග හා ශල්‍යකර්ම

විකලාංග වේදය හා ශල්‍යකර්ම

විකල්ප වෛද්‍ය ක්‍රමයක් ( හෙල වෙදකම ආයුර්වේද ....)

අක්ෂි රෝග ප්‍රතිකාර

ස්තූලතාවය සඳහා ප්‍රතිකාර/ ශල්‍යකර්ම

පුනරුත්ථාපන ( Rehabilitation) ප්‍රතිකාර

ක්‍රම හඳුනා දිය හැක.

මෙඩිකල් ටුවරිසම් එසේත් නැත්නම් හෙල්ටුවරිසම් ප්‍රධාන කොටස් කිහිපයකට වර්ගීකරණය කරනවා. මේ සඳහා විවිධ වර්ගීකරණ පවතිනවා. ප්‍රතිකාර හා සේවා අනුව ්‍රධාන කොටස් හතරකට නැවත බෙදා දක්වන්න පුළුවන්

1. ප්‍රතිකාර සඳහා මෙඩිකල් ටූවරිසම්

2. පුනරුත්ථාපනය සඳහා Rehabilitation ටූවරිසම්

3. සුවතාව සඳහා ( රෝගීන් නොවන ( wellness tourism)

4. විකල්ප වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම හෙළ වෙදකම වැනි.

සංචාරයක් සඳහා පැමිණි පුද්ගලයකුට අවශ්‍ය වන හදිසි ප්‍රතිකාර හෝ තම රටේ පුරවැසියෙකු වෙනත් රටක පදිංචි වී සිට ප්‍රතිකාර සඳහා පුරවැසිභාවය දරන රටට පැමිණ ප්‍රතිකාර ලබා ගැනීම දේශාටන වෛද්‍යවේදය තුළට ඇතුළත් කර නොගනී.

 Heal in India ඉන්දියාවේ මෙඩිකල් ටුවරිසම් ජාතික මාර්ග උපදේශය සහ උපාය මාර්ග 2022 සඳහන් වෙනවා උපයා ගැනීම Total revenue ඩොලර් 16.3 බිලියන, ලෝකය තුළ ඉහළ ප්‍රජා සෞඛ්‍ය සේවාවක් පවතින ශ්‍රී ලංකාව තුළ අපට විනිමය ලබා ගැනීමට මෙඩිකල් සහ භාවිතා කරන්න බැරිද?

ලෝකය තුළ ඉහළම එන්නත් කරන ප්‍රතිශතයක් පවත්වා ගන්නා රට ශ්‍රී ලංකාවයි. සෞඛ්‍ය දත්ත හා ප්‍රතිකාර ක්‍රම ය ඉතා අඩු මුදලකින් ලෝකය තුළ සංවර්ධත රටවල් වලට සමාන ආකාරයට පවත්වාගෙන යන රටක්, අනෙකුත් ආසියාතික ැටිකල් 12 පවත්වාගෙන යන රටවල් වලට සාපේක්ෂව සෞඛ්‍ය දර්ශක ඉතා ඉහළින් පවත්වාගන්න රටක් අපි. ශ්‍රී ලංකාව කොරෝනා වසංගතය පාලනය කිරීම දක්ෂ අයුරින් ලෝකය තුළ ඉදිරියෙන් සිටි රටක්. සංචාරයට ලෝකය තුළ හොඳම රටවල් කිහිපයකින් කක් මෙන්ම සංචාරක කර්මාන්තය තුළ නියැලෙන විශාල පිරිසක් ශ්‍රී ලංකාව තුළ දැනටමත් අසල පරපුරුද්දක් සහිතව සංචාරක කර්මාන්තය තුළ නියැලෙනවා. ශ්‍රී ලංකාව තුළ කටුනායක, රත්මලාන, පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොලවල් සහ ාත්‍යන්තර වරායන් පහක් සමග ප්‍රධාන ජාත්‍යන්තර නාවික ගමන් මාර්ගයක් ලංකාවට ඉතා නුදුරින් පවතිනවා. ශ්‍රී ලංකාව තුළ විශේෂඥ වෛද්‍යවරුන් තම පුහුණුව සඳහා විදේශ රටක සිට වසර දෙකක ි කාලයක් පුහුණුව ලැබීම අත්‍යවශ්‍යයි, තවද විදේශ රටවල්වල රුසියාව චීනය ඉන්දියාව වැනි වෛද්‍ය විද්‍යාව හදාරා පැමිණි වෛද්‍යවරුන් ශ්‍රී ලංකාව තුළ සිටීමද මගෙන්මෙඩිකල් ටුවරිසම් සඳහා රෝගීන්ගේ භාෂාව සහ ඔවුන්ගේ සංස්කෘතික ලක්‍ෂණ හා ප්‍රතිකාරකම ගැන හසල දැනුමක් සහිත වෛද්‍යවරුන් අප රට තුළ පැවැතීම වැදගත් සාධකයක්. ඊට අමතරව විශේෂිත දැනුමක් සහිත මෙඩිකල් ටූවරිසම් මානව සම්පත දියුණු කිරීම දැනටමත් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් පවත්වන Cross boarder healthcare  ඩිප්ලෝමා සහතික පත්‍ර පාඨමාලාවක් මගින් සිදු කරමින් පවතී. ජාත්‍යන්තරත් ප්‍රමිතිකරන ලබාගත් පෞද්ගලික රෝහල් ලංකා හොස්පිටල්, ආසිරි හොස්පිටල්, ඩර්ඩන්ස් හොස්පිටල් වැනි අප රට තුළ දැනටමත් ප්‍රතිකාර සේවා පවත්වාගෙන යෑම. වර්තමානය තුළ මාලදිවයින, සීෂෙල්ස් වැනි රාජ්‍ය තුළින් තැනටමත් ප්‍රතිකාර සඳහා සංචාරක රෝගීන් පැමිණියත් එය සුළු ප්‍රමාණයකට ලක් වීම අපට සෑහීමකට පත්වීමට නොහැක. මෙඩිකල් 20 ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා ප විසින් සිදුකළ යුතු මූලික අවශ්‍යතාවන් ගණනාවක් පවතී. එහිදී මූලිකම වැදගත් වන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වයයි. පෞද්ගලික අංශය දැනටමත් යම් සාධනීය මට්ටමක දායකත්වය හා අවශ්‍යතාවයන් පෙන් වුවද ලිකවම රාජ්‍ය අංශය තුළින් අවශ්‍ය පසුබිම සකස් කරදීම ඉතා වැදගත්ය. ඒ සඳහා අමාත්‍යාංශ කිහිපයක සංචාරක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, අපනයන සංවර්ධන අධිකාරිය මූල්‍ය හා රක්ෂණ ය සමාගම්, තොරතුරු තාක්ෂණ අංශ, නීති අංශ වලට සම්බන්ධකරණය ඉතාම වැදගත්.

 ඒ වගේම මෙඩිකල් ටුවරිසම් සඳහා අවශ්‍ය පහසුකම් නීති රීති හඳුන්වාදීම සහ නියාමනය සඳහා අවශ්‍ය පියවරයන් සකස් කිරීම, ජාත්‍යන්තරය තුළ  මෙඩිකල්ටුවරිසන් ප්‍රචාරණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීම ෙන්ම රටක් ලෙස මෙඩිකල් ටුවරිසම් සඳහා මාර්ග සිතියම් හා මාර්ග උපදේශන සකස් කිරීම ඉතාම වැදගත්.  සඳහා අවශ්‍යය නම නීති රීති ප්‍රමිතිකරණය තත්ත්ව සහතික සහ නියාමන ක්‍රමවේද සකස් කිරීම හඳුන්වා දීම හා අදාල අංශ දිරිගැන්වීම සිදුකළ යුතුය. වෙනත් රටක් තුළ සිටින රෝගියෙකුට ප්‍රතිකාර ලබා ගැනීමට හැකි සුරක්ෂිත ප්‍රතිකාර ලබා දෙන රටක් ලෙස ලෝකය තුළ ශ්‍රී ලංකාව හඳුන්වා ගත යුතුයි. ඒ සඳහා රාජ්‍ය දායකත්වය එදා වැදගත්. දැනටමත් රටවල් හතළිස්යක් පමණ දේශාත්ම වෛද්‍යවේදය තුළින් තම රටට විදේශ වෙන්නේ උපයා ගනිමින් සිටී. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපැයීමට හැකි තවත් ජාත්‍යන්තරය මාර්කට් එකක් තුළට යෑමට ඇති හැකියාව දැනටමත් පවතී. ඒ සඳහා අවශ්‍ය නායකත්වය නියාමනය හා ක්‍රමවේදයන් සකස් කිරීම පෞද්ගලික අංශය හරහා පමණක් සිදුකළ නොහැක. මෙඩිකල් ටුවරිසම් තුලන් අවයව ජාවාරම්, නිසි ආකාර ප්‍රතිකාර නොකිරීම, අයථා අකාරයට  මුදල් අය කිරීම්, නිසි ප්‍රතිකාර කිරීමට නොහැකි වීම වැනි සිදුවිය හැකි අයථා ක්‍රියාවන් පිටුදැකීමට අවශ්‍ය පසුබිම් සකස් කළ යුතුයි. ජාත්‍යන්තර සෞඛ්‍ය රක්ෂණ හරහා මුදල් ලබා ගැනීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කරිම, රෝගියෙකු ප්‍රතිකාර ලබාගත් පසු එම රෝගියා අදාල රට තුළ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට හැකි ආකාරයට භාරදීම සඳහා ඒ රටවලට අනන්‍ය වූ අකාරයට අවශ්‍ය ලෙස අපගේ ක්‍රමවේදයන් සකස් විය යුතුය.   දේශාටන් වෛද්‍යවේදය කියන්නේ ජාත්‍යන්තර සෞඛ්‍ය ව්‍යාපාරයක් එය අප ලාභ ලැබීමට නම් ජාත්‍යන්තරයට අවශ්‍ය පරිදි සකස් කරගන්න වෙනවා. මෙය බොහොමයක් රටවල පෞද්ගලික අංශයෙන් මගෙන් සිදු කරන ව්‍යාපාර, රාජ්‍ය අංශයේ මැදිහත්වීම ඉතාමත් අඩුයි. රාජ්‍යා අංශ සිදු කරන්නේ නියාමනය. ශ්‍රී ලංකාව තුළ රජයේ රෝහල් තුළ සිදුකිරීම අපහසුයි. ඒ වගේම දේශීය වෙදකම තුළ සිදු කරන ප්‍රතිකාරවල සුව කිරීමේ ප්‍රතිඵල දත්ත සහ නිරවද්‍යභාවයන් පෙන්වීම නිවැරදි ආකාරයෙන් සිදුකිරීමට සිද්ධ වෙනවා. එසේ නොමැති උනොත් මෙඩිකල් ටුවරිසම් දීර්ඝ කාලීනව පවත්වා ගැනීම අපොහොසත් වෙන්න පුළුවන්.

 වෛද්‍ය ප්‍රසාද් හෙරත්

උප සභාපති - සායනික සංචාරණ වෛද්‍ය සංගමය.

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.