කියුබාවට එරෙහි සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය එක්සත් ජනපදයට අවධාරණය කරයි.
ඊයේ(31),චීනය එක්සත් ජනපදය වෙත අවධාරණය කරමින් ඉල්ලා සිටියේ “ජාත්‍යන්තර ප්‍රජාවේ ඉල්ලීමට අවනත වී” කියුබාවට එරෙහි අමෙරිකානු අවහිර කිරීම් සහ සම්බාධක “වහාම” ඉවත් කරන ලෙසයි.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ගුඕ ජියාකුන් ඊයේ(31) බීජිං නුවර පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ “වසර 60 කට වැඩි කාලයක් තිස්සේ පැවති කුරිරු සම්බාධක” කියුබානු ජනතාවට “ගැඹුරු දුක් වේදනා” ඇති කර තිබෙන බවයි.
පසුගියදා පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට කියුබාව අමෙරිකානු සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාව අත්විශාල බහුතර ඡන්දයකින් අනුමත වීම මගින් “නැවත වරක් පිළිබිඹු කරන්නේ කියුබානුවන්ගේ ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීමට සහ විදේශ මැදිහත්වීම් සහ අවහිර කිරීම්වලට විරුද්ධව කියුබානු ජනතාව කරණු ලබන සාධාරණ අරගලය සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ පුළුල් සහයෝගයය” පිළිබිඹු වීමක් බව ගුඕ පැවසීය.
“ඡන්දයෙන් අමෙරිකා එක්සත් ජනපදය පරාජය වීම නැවත වරක් ඒකපාර්ශ්විකත්වය සහ හිරිහැර කිරීම අසාධාරණ සහ ජනප්‍රිය නොවන බව පෙන්නුම් කරනවා.” යැයි පැවසූ ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේ චීනය “1992 සිට එක්සත් ජනපද සම්බාධක වලට විරුද්ධව ගෙන එන යෝජනාවලට පක්ෂව ඡන්දය දී ඇති” බවයි.
චීනය “ජාත්‍යන්තර යුක්තිය ආරක්ෂා කිරීමේදී ස්ථිරව සිටින අතර විදේශීය මැදිහත්වීම්වලට විරුද්ධ වීමේදී සහ ඔවුන්ගේ ජාතික තත්වයන්ට ගැලපෙන සංවර්ධනයක් සඳහා කියුබානු ජනතාවට දැඩි ලෙස සහාය දක්වනු ලබනවා.” ගුඕ පැවසීය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී, කියුබාවට එරෙහි එක්සත් ජනපද අවහිර කිරීම හෙළා දකින යෝජනාවකට පක්ෂව ඡන්ද 165 ක්ද, විරුද්ධව ඡන්ද හතක් සහ ඡන්දය දීමෙන් වැළකී සිටි ඡන්ද 12 ක් සමගින් සම්මත වීමෙන් පසුව චීනය මෙම ප්‍රකාශය නිකුත් කළේය.
1992 සිට වාර්ෂිකව කියුබාව ඉදිරිපත් කරන ලද අමෙරිකානු සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ල සිටින යෝජනාවට පසුගිය වසරවලදී ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඒකමතික සහයෝගයක් ලැබී ඇත.යෝජනාව මගින් ප්‍රායෝගික බලපෑමක් නොමැති වුවද, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වාර්ෂිකව ලැබෙන සහාය රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් ලෙස හවානා සලකයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා