අත්හිටවූ වෛද්‍ය වර්ජනය ගැන GMOA වෙතින් නිවේදනයක්..
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සිදුවීමක් සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරන්නට සූදානම් කර තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරිය පිළිබඳව එම සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු අක්‍රමවත් ලෙස ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැරූ උත්සාහයට එරෙහිව ඊයේ (31) දිනයේදී වෘත්තිය ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කිරීමට සිය සංගමයට සිදුවූ බවය.
ඒ අනුව සිය සංගමය විසින් මධ්‍යම කාරක සභාව විසින් ඊයේ දින උදෑසන 08.00සිට ආරම්භ වන පරිදී දීප ව්‍යාපාත්ව වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවත් ඒ අතරතුර පෙරේදා (30) දින සිය සංගමයේ විධායන සභාවේ නියෝජිතයින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගනිමින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී මෙම ස්ථාන මාරු ගැටලුව සම්බන්ධයෙන් එකඟතාවන් කිහිපයකට එළැඹුණු බව එම සංගමය සඳහන් කර තිබේ.
මේ අනුව අදාළ එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම සහ ස්ථාන මාරු ක්‍රියාවලියට අදාළ කාල සටහන ලිඛිතව ප්‍රකාශයට පත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට යම් කාලයක් ලබා දෙමින් උදෑසන 8.00ට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය ආරම්භ කිරීම 12.00 දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බවත් එම සංගමය සඳහන් කර ඇත.
පසුව එකඟ වූ පරිදි අක්‍රමවත් ස්ථාන මාරු නියෝග අත්හිටුවමින් විධිමත් ස්ථාන මාරු කිරීමේ ක්‍රමවේදයට අනුගත වෙමින් ඊට අදාළ කාල රාමුව සහිත ලිපිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති බවත් ඒ අනුව ඊයේ (31) දහවල් කාලයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක සභා රැස්වීමක් කැඳවා මෙම සියලු කරුණු සහ තත්ත්වයට පිළිබඳ සමාලෝචනයක් සිදුකර අදට සැලසුම් කර තිබූ වැඩ වර්ජනය අවලංගු කිරීමට පියවර ගත් බවත් එහි සඳහන්ව තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,
අත්හිටවූ වෛද්‍ය වර්ජනය ගැන GMOA වෙතින් නිවේදනයක් by poornima
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්