කුරුණෑගල විදුහල්පතිවරු තිදෙනෙක් ලක්ෂ 3ක අයුතු ප්‍රතිලාභයකට දරුවන්ගේ සෞඛ්‍යය බිල්ලට දෙති..
පුද්ගලික සමාගමක් විසින් ලබාදෙන ලක්ෂ 3ක මුදලක් මත කුරුණෑගල නගරයේ විදුහල් 3ක විදුහල්පතිවරු තිදෙනෙකු විසින් එම විදුහල්වල අදාළ සමාගමේ අයිස්ක්‍රීම් අලෙවිසල් විවෘත කිරීමට අවසර ලබාදී ඇත.
එසේ කිරීම මගින් අධ්‍යාපන අමාත්‍යංශයේ 2011 චක්‍රලේඛයක් උල්ලංඝනය වන බව සෞඛ්‍ය නිලධාරීහු පවසති. එම චක්‍රලේඛය මගින් පසල්තුළ පැණි බීම, තිරිඟු පිට ආහාර ඇතුළු දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර ආහාර පාසල් තුළ ප්‍රචලිත නොකළ යුතු බවට උපදෙස් ලබාදී ඇත.
නමුත් අදාළ සමාගම් විසින් ලබාදෙන ලක්ෂ 3ක මුදලට ගිජුවී විදුහල්පතිවරුන් අමාත්‍යංශ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර ආහාර පුරුදු ප්‍රචලිත කිරීම දෙමාපියන්ගේ විරෝධයට ලක්ව ඇත. එසේ පාසල් තුළ අයිස්ක්‍රීම් ප්‍රචලිත කිරීම දෙමාපියන්ටද අමතර පිරිවැයක් දැරීමට හේතුවක් වන බව ඔවුහු පවසති. මේ පිළිබඳව බලධාරීන් නිහඬව සිටීම පිළිබඳව දෙමාපියන් විමතිය පළකරති.
ඒ ආකාරයට සමාගම්වල ප්‍රතිලාභ අපේක්ෂාවෙන් දරුවන්ගේ සෞඛ්‍යය බිල්ලට දෙන විදුහල්පතිවරුන් තිදෙනෙක් පිළිබඳව දෙමාපියන් විසින් ලංකා ලීඩර් වෙත තොරතුරු ලබාදී ඇත.
ඒ අනුව එසේ අමාත්‍යංශ චක්‍රලේඛ උල්ලංඝණය කරමින් කටයුතු කරන විදුහල්පතිවරුන් පිළිබදව ප්‍රධාන පාසල් 3කින් වාර්තා වේ.
ඒවා කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය, මලියදේව කාන්තා විද්‍යාලය සහ බණ්ඩාරනායක විද්‍යාලය වශයෙන් ලංකා ලීඩර් වෙත තොරතුරු ලැබී ඇත. මෙවැනි අවක්‍රියා පිළිබඳව අධ්‍යාපන සහ සෞඛ්‍යය බලධාරීන් නිහඬව සිටීම පිළිබඳව ද දෙමාපියන් විමතිය පළ කරති.
අදාළ ඡායාරූප සහ ලිපි පහළින්..






සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්