විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය පාසල් දරුවන්ට සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම වැඩිහිටියන්ට : LGBTQIA පියවර දෙකක්
ජාත්‍යන්තර මැදිහත්වීම මත ප්‍රවර්ධනය කරන ලද වැඩසටහන් දෙකක් වන පාසල් සඳහා විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය (CSE) සහ සේවා ස්ථානවල විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම (DEI) ලෙස ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතී. මේ අනුව LGBTQIA ව්‍යාපෘතිය සඳා මුල්‍ය ප්‍රතිපාදන සපයන විදේශීය පරිත්‍යාගශීලීන්ගේ බලපෑම යටතේ ජාතික වටිනාකම් සහ අධ්‍යාපන පද්ධති නැවත සකස් කරමින් පවතින තතවයක් උදා වී තිබේ.
දේශීය සිවිල් සහ දෙමාපිය සංවිධාන වලට අනුව, මෙම ව්‍යාපෘති දෙක ළමුන් සඳහා ආරක්ෂාව සහ වැඩිහිටියන් සඳහා සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයන් ලෙස ඉදිරිපත් කළද පොදු අරමුදල් ජාල සහ දෘෂ්ටිවාදාත්මක මූලාරම්භයන් එකම ආකාරයකින් ක්‍රියාත්මක වේ. ඒ අනුව මෙම ප්‍රතිපාදන ලැබීමේ විනිවිදභාවය පිළිබඳව ගැටළුවක් පැන නගින අතර මෙම ක්‍රියාවලිය තුල සංස්කෘතික බලපෑම මෙන්ම ජාතියේ ස්වෛරීභාවය අණතුරේ හෙලන තත්වයක්ද මතු කරයි.
වැඩසටහන් දෙකක්, එක් ජාලයක්
විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය පාසල් දරුවන් ඉලක්ක කරන අතර සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම සේවා ස්ථාන සංස්කෘතිය කෙරෙහි අවධානය යොමු කරනු ලබයි.
උපදේශකයින් ඒවා ළමයින් අපයෝජනයෙන් ආරක්ෂා කිරීම සහ සමානාත්මතාවය මත පුද්ගලයින් රැකියාවට ඇතුළත් කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා වන මෙවලම් ලෙස වර නංවයි. කෙසේ වුවද මෙම පියවරයන් ද්විත්වයම ගෝලීය අනන්‍යතා පාදක ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර ආයතන සහ පෞද්ගලික පරිත්‍යාගශීලීන් විසින් අරමුදල් සපයන සම්බන්ධීකරණ න්‍යාය පත්‍රයක කොටසක් වේ.
ඉලක්ක කණ්ඩායම් වැඩසටහනේ ප්‍රධාන අරමුණ
ළමයින් ඉලක්ක කර (පාසල්) විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය ස්ත්‍රී පුරුෂ භාවය අනන්‍යතාවය සහ ලිංගික අයිතිවාසිකම් සංකල්ප හඳුන්වා දීම එක් ප්‍රධාන අරමුණක් වේ. වැඩිහිටියන් ඉලක්ක කර (සේවා ස්ථාන) සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම LGBTQIA+ ප්‍රතිපත්ති රාමු සහ පුහුණුව ලබාදීම අනෙක් ප්‍රධාන අරමුණක් බවට පත්ව තිබේ.
කෙසේ වුවද මෙම මුලපිරීම් දෙකම එකම අරමුදල් ප්‍රභවයන්ගෙන් පැමිණෙන අතර පරම්පරා ගණනාවක් පුරා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ දෘෂ්ටිවාදය සාමාන්‍යකරණය කිරීම අරමුණු කර ගෙන ඇත. ඒ අනුව අධ්‍යාපනය ක්ෂේත්‍රය තුළ මෙම වැඩසටහන් හඳුන්වා දී දරුවන් හැඩගැස්වීම සහ සේවා ස්ථාන තුළ නිර්මාණය කරන සංස්කෘතිය හරහා වැඩිහිටියන් හැඩගැස්වීම සිදුකරනු ලබයි..
විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය දියත් කිරීම මගින් ඇතිවන බරපතල තත්වය
විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය වැඩසටහන් හඳුන්වා දුන් බටහිර රටවල් කිහිපයක දත්ත විශ්ලේෂණයේදී, ළමා මනස ලිංගිකකරණය කිරීම, යොවුන් වියේ ගැබ්ගැනීම් වැඩිවීම, මානසික සෞඛ්‍ය ගැටළු සහ සිසුන් අතර ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ව්‍යාකූලත්වයට ඇතිවීම දක්නට ලැබේ.
එක්සත් රාජධානිය, ස්වීඩනය, ෆින්ලන්තය, ප්‍රංශය සහ නෝර්වේ ඇතුළු සමහර යුරෝපීය ජාතීන් විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය විෂයමාලාවල නැවත ඇගයීමට හෝ ආපසු හැරවීමට කටයුතු කර තිබේ.
“සංවර්ධිත රටවල් දැන් පසුබසින්නේ නම්, ශ්‍රී ලංකාව අන්ධ ලෙස ඉදිරියට යා යුත්තේ ඇයි?” යන බරපතල ප්‍රශ්නය අප හමුවේ පැන නැගී.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ කාර්යභාරය ප්‍රශ්නකාරියි
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය සහ ප්‍රජනක සෞඛ්‍ය වැඩසටහන් දෙකෙහිම ප්‍රධාන ගෝලීය ආධාරකරුවෙකු ලෙස හඳුනාගෙන ඇත.ඒ අනුව ශ්‍රී ලංකාවේ විෂයමාලා සංශෝධන ක්‍රියාවලියේ කොටස්කරුවෙකු ලෙස එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කටයුතු කරන අතර, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට විදේශ මැදිහත්වීමේ ප්‍රමාණය පිළිබඳව ප්‍රශ්න මතු වන බව මෙමගින් තහවුරු වේ.
ළමා "ලිංගික ස්වාධීනත්වය" ප්‍රවර්ධනය කරන විදේශීය ආයතනයක් ශ්‍රී ලංකා පාසල් පෙළපොත් සැලසුම් කිරීමට ආධාර නොකළ යුතු බව ශ්‍රී ලාංකේය අද්‍යාපනඥයන් වටහාගත යුතුය. කෙටුම්පත් විෂය නිර්දේශයට ප්‍රවේශය හෝ එහි අන්තර්ගතය සමාලෝචනය කිරීමට අවස්ථාවක් දෙමාපියන්ට ලබා දී නොමැති වීම බරපතල ප්‍රශ්නයකි.
ඒ අනුව ප්‍රධාන වශයෙන් බලධාරීන්ගේ වගවීම සම්බන්ධව ප්‍රශ්නකාරී තත්වයක් මතුවේ.
සිවිල් ක්‍රියාකාරීන් මේ සම්බන්ධයෙන් නීති සම්පාදකයින්ගෙන් සහ අධ්‍යාපන බලධාරීන්ගෙන් කරුණු කිහිපයක් පිළිබන්දව පිළිතුරු ලබාදිය යුතු බව අවධාරණය කරනු ලබයි. ඒවා නම්,
1) ශ්‍රී ලංකාව එහි පවතින ලිංගික අධ්‍යාපන වැඩසටහන විදේශීය-නිර්මාණය කරන ලද විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය ආකෘතියකින් ප්‍රතිස්ථාපනය කරන්නේ ඇයි?
2) දේශීය විෂයමාලා නිර්මාණය සඳහා UNFPA හි මැදිහත්වීමට අවසර දුන්නේ කවුද?
3) දෙමාපියන්ගේ කැමැත්ත සහ සංස්කෘතික ආරක්ෂාව සහතික කිරීම සඳහා පවතින ආරක්ෂණ ක්‍රම මොනවාද?
4) විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය නුසුදුසු හෝ ලිංගිකව අන්තර්ගතයන්ට නිරාවරණය වීම වළක්වන්නේ කෙසේද?
5) විදේශ අරමුදල් කොන්දේසි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට බලපාන්නේද?
ශ්‍රී ලංකාවේ දැනටමත් ජීව විද්‍යාව, සනීපාරක්ෂාව සහ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරන ලිංගික අධ්‍යාපන විෂය මාලාවක් තිබේ. ඒඅනුව එම විෂය මාලාව වැඩිදියුණු කිරීම වෙනුවට එය ප්‍රතිස්ථාපනය කරන්නේ කුමන හේතුවක් නිසාද යන්න සමාජය දැනගත යුතු මූලික ප්‍රශ්නයකි.
සේවා ස්ථාන සමානාත්මතාවය සහ ඇතුළත් කිරීමේ වැඩසටහන් සමඟ ඇති අන්තර්සම්බන්ධතාවය
LGBTQIA ප්‍රචලිත කිරීම පන්ති කාමරවලින් ඔබ්බට විහිදේ. විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන එම පරිත්‍යාගශීලී ජාලයන් ආයතනික පරිසරයන් තුළ විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීමේ (DEI) වැඩසටහන් සඳහා අරමුදල් සපයන බවත්, සමාගම් සර්වනාම ප්‍රතිපත්ති, මිත්‍රත්ව පුහුණුව සහ අනන්‍යතා කෝටා මත පදනම්ව බඳවා ගැනීම් අනුගමනය කිරීමට දිරිමත් කරනු ලබයි.
අභ්‍යන්තර ප්‍රතික්‍රියා සහ ආයෝජන මත ප්‍රතිලාභ අඩුවීමෙන් පසු සමහර ජාත්‍යන්තර සමාගම් එවැනි වැඩසටහන් අඩු කර ඇති අතර, එම වැඩසටහන් රාමු දැන් අධ්‍යාපනය හරහා ළමුන් වෙත හරවා යැවීමේ අනතුර දැඩිව පැන නැගී ඇත.
පුළුල් සංස්කෘතික සහ ස්වෛරීභාවය පිළිබඳ ගැටළු
ගෝලීය සමානාත්මතාවය සහ අයිතිවාසිකම් පදනම් කරගත් අධ්‍යාපන පදනම් යටතේ සංස්කෘතික සම්මතයන් සහ පවුල් ව්‍යුහයන් නැවත සකස් කිරීමේ සම්බන්ධීකරණ උත්සාහයක මෙම පිරිස් නිරත වෙති.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සහ සංස්කෘතික රාමු දේශීය වශයෙන් තීරණය කළ යුතු ඒවා මිස ජාත්‍යන්තර ආයතන, රාජ්‍ය නොවන සංවිධාන හෝ මුල්‍ය ප්‍රදානයන් සලසන රජයන්ගේ කාර්යභාරයක් නොවේ.
“ළමුන් ආරක්ෂා කිරීම භීතිකාවක්" නොව “සදාචාරාත්මක සහ ව්‍යවස්ථාපිත යුතුකමක්”ක් බව අප අවධාරණය කරමු.
ආධාරකරුවන් සුරකින LGBTQIA වැඩසටහන්
මේ අතර, විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය සහ සමානාත්මතාවය සහ ඇතුළත් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් පෙනී සිටින ආධාරකරුවන් එවැනි වැඩසටහන් ආරක්ෂාව, ඇතුළත් කිරීම සහ නවීන අධ්‍යාපන ප්‍රමිතීන් ප්‍රවර්ධනය කරන බවට ව්‍යාජ මත පතුරුවා හරිති. නමුත් මෙම මුලපිරීම් අපයෝජනය වැළැක්වීම, වෙනස්කම් කිරීම අඩු කිරීම යන ව්‍යාජයන්ට යටත්ව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් රාමු සමඟ පෙළගැස්වීම අරමුණු කර ගෙන තිබෙන බව හොඳින් පැහැදිළි වේ.
ශ්‍රී ලංකාව තීරණාත්මක මංසන්ධියක
සාකච්ඡා තීව්‍ර වන විට, ශ්‍රී ලංකාව යෝජිත විස්තීර්ණ ලිංගික අධ්‍යාපන විෂය මාලාව සමඟ ඉදිරියට යනවාද නැතහොත් සංස්කෘතික වටිනාකම් සමඟ වඩාත් ගැලපෙන දේශීයව සංවර්ධනය කරන ලද ආකෘතියක් අනුගමනය කරනවාද යන මංසන්ධියට පැමිණ තිබේ.
ඒ අනුව අවදානමට ලක්ව තිබෙන්නේ, හුදෙක් අධ්‍යාපන ප්‍රතිපත්තිය පමණක් නොව පුද්ගලයෙකුගේ ළමා විය, පවුල් ව්‍යුහය සහ ජාතික ස්වෛරීභාවය බව තේරුම් ගත යුතුය. එමගින් පමණක් ජාතිය ගමන්ගත යුතු මග හෙළි පෙහෙළි කර ගත හැක.
ශෙනාලි වඩුගේ මහත්මිය විසින් රචිත CSE for Kids. DEI for Adults. Same Funders. Same LGBTQIA Agenda ලිපිය ඇසුරින් සැකසුණි.
සැකසීම - ජීවන්ත ජයතිස්ස
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..