කියුබාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරන යෝජනාව පරාජය කිරීමට අමෙරිකාව ගන්නා ලැජ්ජාසහගත උත්සාහය දැඩිව හෙළා දකිමු! - ජානිපෙ නායක විමල් වීරවංශ
අමෙරිකා එක්සත් ජනපදය කියුබාව වෙත පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ නිවේදනයක් නිකුත්කර තිබේ.
අදාළ නිවේදනය පහළින්..
කියුබාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරන යෝජනාව පරාජය කිරීමට අමෙරිකාව ගන්නා ලැජ්ජාසහගත උත්සාහය දැඩිව හෙළා දකිමු!
මේ වන විට අමෙරිකා එක්සත් ජනපදය කියුබාව වෙත පනවා ඇති සම්බාධක වල ඉතිහාසය වසර 60කට ආසන්න කාලයක් දක්වා දිවගොස් තිබේ. එලෙසම එයට එරෙහිව කියුබාව කියුබාව විසින් වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අමෙරිකානු සම්බාධක ඉවත් කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් කරමින් සිටී. එම යෝජනාව සෑම වසරකම වැඩි ඡන්දයකින් කියුබාව ජයග්‍රහණය කරන්නේ දැවැන්ත යැයි ලෝකයට පෙන්වා සිටින අමෙරිකාව කුහුඹුවකුගේ තත්වයට පත් කරමිනි. 2024 වසරේදී කියුබාව ඉදිරිපත් කළ යෝජනාවට එරෙහි වූවේ අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය පමණි. මෝල්දාවා රාජ්‍යය ඡන්දය දීමෙන් වැලකී සිටියේය. අමෙරිකා එක්සත් ජනපදයේ මුව විටේ සිටිමින් කුඩා රාජ්‍යයක් වන කියුබාව ලෝක ජනයාගේ දැවැන්ත ගෞරව ආදරය දිනා ගැනීම අමෙරිකා එක්සත් ජනපදයට හිසරදයක් වී ඇති බව කිව යුතු නැත. එහෙත් තමන් විසින් කුඩා රාජ්‍යයක ජනතාව දැවැන්ත ලෙස අපහසුතාවයට පත් කරමින් කරනු ලබන මිනිස් සංහතියටම නිගා දෙන ක්‍රියාව ආපසු හරවනවා වෙනුවට අමෙරිකාව වෙනත් අයුරකින් කාඩ් කුට්ටම සෙල්ලම් කිරීමට පටන් ගෙන තිබේ. එනම් ඔක්තෝබර් 28 සහ 29 යන දෙදින තුළ අමෙරිකා එක්සත් ජනපදය කියුබාවට පනවා ඇති සම්බාධක වලට එරෙහිව කියුබාව ගෙන එන යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යය වලට කියුබාව සම්බන්ධයෙන් අවලාද සහ මුසාවාද පතුරවමින්ද සමහර රාජ්‍යය බිය වද්දවමින්ද එම යෝජනාව පරාජය කිරීමට අමෙරිකා එක්සත් ජනපදය මේ වන විට කටයුතු කරමින් සිටින බව ලොවම දන්නා ප්‍රසිද්ධ රහසකි. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සිටින මානව ගරුත්වය ඉහලින් අගයන රාජ්‍ය අමෙරිකා එක්සත් ජනපදය ගන්නා මෙම නිවට ක්‍රියාව පරාජය කළ යුතු බව අවධාරණය කරමු. එමගින් ස්වාධීන ජාතියකට තම ඉදිරි ගමන තීරණය කිරීමට ඇති අයිතියට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් ඉහලින්ම පිළිගන්න බව අවධාරණය කරන බව පෙන්වා දීමට කැමැත්තෙමු. ඒ අනුව කියුබාව තමන් වෙත අමෙරිකා එක්සත් ජනපදය පනවා ඇති සම්බාධක වලට එරෙහි ගෙන එන යෝජනා පරාජය කිරීමට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල අත් හල නොහැකි වගකීමක් බව අවධාරණය කරමු.
විමල් වීරවංශ
සභාපති,
ජාතික නිදහස් පෙරමුණ
2025 10 27

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්