රණවිරු පවුර සංවිධානය කල "ජිනීවා 60 වැනි සැසියේ පසු කම්පන" විද්වත් සංවාදය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ සුගීශ්වර ශාලාවේදී පැවැත්වෙයි..
රණවිරු පවුර සංවිධානය කල "ජිනීවා 60 වැනි සැසියේ පසු කම්පන" විද්වත් සංවාදය ඊයේ(26) සවස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ සුගීශ්වර ශාලාවේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට දේශකයන් වශයෙන් දෙවන පරපුරේ නායක උවිදු විජේවීර , දේශ හිතර්ශී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, රියර් අද්මිරාල් ඩි කේ පි දසනායක මහත්වරුන් සහභාගි විය..
එහිදී අදහස් දැක්වූ රියල් අද්මිරාල් (විශාමික) ඩි.කේ.පී දසනායක මහතා,
"මනව හිමිකම් කොමිසම කතාකරේ මානව හිමිකම් කඩවීම් වලින් දෙවන ස්තානය ඉන්න රටක් විදිහට. අපේ ඇමතිවරයා නැගිටලා ඒක ප්‍රතික්ෂේප කරා. අපි සතුටු උනා. නමුත් යටින් එනවා යොජනාවලියක්. මනව හිමිකම් කොමිසමේ කොමසාරිස් දැන් මාස 4ට කලින් ලංකවේ සංචාරය කළා. එහිදි ඔහු මානව හිමිකම් කොමිසම් සභාවෙදි කරන්න යන යොජනා මොනවද කියලා ඔහු විදේශසේවා අමාත්‍යාංශයට එවනවා. ඒ සම්බන්දව අමාත්‍යාංශය ලැස්ති උනාද?, රොම ප්‍රඥප්තිය අත්සන් කරගන්න උත්සහා කරන්නෙ. එහෙම උනාම ඔහුන්ට පුලුවන් යුද්දය දිනාදුන් රනවිරුවන්ව ජාත්‍යන්තර යුද අධිකරනයට යන්න. රණවිරුවන් අඩපන කරාම කවුරුත් ඉදිරිපත්වෙන්නෙ නෑ. ජාතික ආරක්ෂාව සම්බන්දව එහෙම උනාම බලය බෙදන තැනට යන්න පුලුවන්. එකයි මේ අරමුණ. නිතිපතිවරයා හොදයි කියලා අනිත් පැත්තට කියනවා ස්වාදීන අබිචොදක කාර්‍යාලයක් පිහිටවනව කියලා. මේ දෙබිඩි පිලිවෙතක්.
එක වෙනකම් ජිනිවා මානවහිමිකම් කොමිසම තියනකම් මේවගේ යොජනා එනවා නවතින්නෙ නෑ අපි කොහොම හරි මේක පරාජ්‍ය කරන්න වෙනවා. එහෙම නොවුනොත් මේ එන අන්තර්ජාතික බලපෑමත් එක්ක මෙක ලියලා දෙනවනම් අවුරුදු 30 ක් යුද්ද කරපු එකේ තේරුම මොකද්ද?. මේකට අපි විතරක් නෙමෙයි, මුලු රටම එකතුවෙලා මෙක නැවැත්විය යුතුයි."
මෙහිදී අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා,
"අධිකරන ඇමති රූපවාහිනි වැඩසටහනකදි කියනවා මේ වැඩපිලිවෙල ක්‍රියාත්මක නොකළොත් ඩයස්පෝරාවෙන් සල්ලි හම්බවෙන්නෙ නෑ ජන්දය දිනන්න බෑ කියලා. මේ ඇමතිවරයා නීතිපීඨ්‍යට ගිහින් තියෙන්නෙ අංක ගනිණය අසමත්වෙලා. අංක ගණිතය බැරි මේ අධිකරණ ඇමති තමන්ගේ ආණ්ඩුව අපහසු තාවයට පත්කරනවා.
මානවහිමිකම් සැසියේ දි විජිත හෙරත් යොජනාවට පිටින් යම් යම් දේවල් වලට එකඟ වෙනවා. එවා යොජනා වලට ගෙන්නෙ නෑ. සත්‍ය සේවිමේ කමිටුව , අභිචෝදක කාර්යාලය පිටුවන්න ඒ තමයි ප්‍රධාන යොජනා දෙක.
ප්‍රතික්ශේප කිරිම සහා විරුද්ධ වීම කියන්නෙ දෙකක්. ප්‍රතික්ෂේප කිරිම තුල ඡන්දෙකට යන්න බෑ. විරුද්ධවුනොත් ජන්දෙකට යන්න ඕන. මේක හිතාමතාම කරපු තක්කඩි වැඩක්. මෙහිදී අපිට සහාය ලබාදෙන්න හිටපු රටවල් වලටත් කරන්න දෙයක් නැතිවුනා. මේ යොජනා ක්‍රියාත්මක කරනවා කියලා එකගවුනාට මේක නවතින්නෙ නෑ. ඔවුන්ට ඕන 13 බලාත්මක කරන්න.
නිතිපති හරහා යුද අපරාධ සම්බන්දව ක්‍රියා කරන්න බෑ අභිචෝධක කාර්යාලයට කව්රුහරි ගසලයෙක් දාල ක්‍රියා කරන්න හදන්නෙ. රනිල් වික්‍රමසිංහ සහා මංගල සමරවීර පාවාදුන්න මේ ගමනේ අන්තිම මොහොත තමයි විජිත හෙරත් අරගෙන යන්නෙ.
චෝදනාවලට පිලිතුරු බදින්න අවස්ථාවක් ඉල්ලන්න ගොඨාභයට තිබුනා. ඔහුත් ඒ යොජනාවලට යටත්වෙවි යටත්වෙවි ආවා. ගොඨාභයත් මේක පාවලා දුන්නා. අපිට කවදහරි අත්වෙන ඉරණම තමයි අද පලස්තිනයට අත්වෙලා තියන ඉරණම."
මෙහිදී අදහස් දැක්වූ දෙවන පරපුර නායක උවිදු විජේවිර මහතා,
"සමාජය නිර්වින්දනය කරලා තියෙන්නෙ. අපි ජනතාව එතනින් මුදාගන්න ඕන. රණවිරුවන්ව දංගෙට දක්වන්න උත්සහා කරන වෙලාවේ අපිට නිහඩව ඉන්න බෑ. බ්‍රිතාන්‍ය අධිරාජවාදින් තමයි බෙදා වෙන්කර පාලනය කල යුතුයි කියන මතය ගෙනාවේ. එහෙම උනාම ඔහුන්ට අතපොවන්න ලේසියි. ඒ නිසා බෙදා වෙන් කරන්න සිවිල් යුද්ද හැදුවා එහෙම් හදලා වෙන්කරපු රටවල් ගණන 58 ක්.
අද අපේ රටට මානව හිමිකම් චොදනා ගෙන්න කවුද බ්‍රිතාන්‍යය. මේක මම කිව්වේ ලංකාවේ ප්‍රශ්නය හුදකලා ප්‍රශ්නයක් නෙමෙයි කියන්න. මේක ගෝලීය ප්‍රශ්නයක්. අපිට නව නිදහස් අරගලයක් නැවත අවශ්‍යයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්