ලංකාවේ ගණිකාවන් 35,000යි.. සමලිංගිකයන් 80,000යි.. අවදානම් සමාජ චර්යා සහිත පුද්ගලයන් එක්ලක්ෂ පනස් දහසකට ආසන්නයි..
අනාරක්ෂිත ලිංගික හැසිරීම් සහ රුධිරය ආශ්‍රිත මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීම් වලට සම්බන්ධ අවදානම සහිත පුද්ගලයන් එක්ලක්ෂ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා විසිර සිටින බව ලිංගාශ්‍රිතව බෝවන රෝග මර්ධන ඒකකය මගින් ප්‍රකාශිත අවදානම් සමාජ චර්යා සහිත පුද්ගලයන්ගේ සංඛ්‍යා ලේඛන අනුව තහවුරු වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
එම ඒකකය මගින් ප්‍රකාශයට පත් කොට ඇති පරිදි නිල වශයෙන් හඳුනාගෙන ඇති කාන්තා ගණිකාවන් 35000 ක්ද, පිරිමි සමලිංගිකයන් 80000 ක් ද, ඖෂධ නික්ෂේපණය කර කර ගන්නා පුද්ගලයන් 3011 ක්ද සිටිති. මීට අමතරව වෙරළ ආශ්‍රිතව කටයුතු කරන පිරිමි ළමුන් 6000 ක්ද ලිංගික පරිවර්තනයන්ට ලක් වූ කාන්තාවන් 3500 ක්ද සිටිති. එකතුවක් ලෙස මෙම සංඛ්‍යාව එක්ලක්ෂ පනස්දහසකට ආසන්න වන අතර අනාරක්ෂිත ලිංගික හැසිරීම් හරහා එච්අයිවී ඒඩ්ස් රෝගී තත්ත්වයන් පැතිරීමේ වැඩි අවධානමක් මෙම කණ්ඩායම් තුළ පවතී බව වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
දැනට දිවයින පුරා එච් අයි ඒඩ්ස් ආසාදිතයන් ආසන්න වශයෙන් හයදහසකට අධික ප්‍රමාණයක් ජීවත් වන අතර මින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාත කේන්ද්‍ර කොට ජීවත්වෙයි. මෙයට අමතරව ගාල්ල, මහනුවර, කුරුණෑගල, අනුරාධපුර මාතර බදුල්ල යන දිස්ත්‍රික්කවලද ලිංගාශ්‍රිත බෝවන රෝගවල ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව පැහැදිලි වෙයි.
එසේම සිපිලිස් හෙවත් උපදංශ රෝගී තත්ත්වය ව්‍යාප්ත වීමේදී ලිංගික පරිවර්තනයට ලක් වූ කාන්තාවන් තුළ එම රෝගී තත්ත්වය බහුල බව ද අනාවරණය වී ඇත.
මෙවන් තත්ත්වයක් තුළ පාසල් පද්ධතිය තුළ ලිංගික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම වැදගත් වන අතර, විකෘති ලිංගික ක්‍රියාවන් ප්‍රවර්ධනය සඳහා අනුබලදීම හෝ ඒ සඳහා උපකාරී වන අන්දමට කටයුතු නොකිරීම සඳහා රජය සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමුවිය යුතු බවද වෛද්‍ය චමල් සංජිව මහතා පෙන්වා දෙයි. විශේෂයෙන්ම මෙරටට විදේශීය සංචාරකයන් ආකර්ෂණය සඳහා මෙවැනි නරක ප්‍රචාරක කටයුතු භාවිතා කිරීම අවසානයේදී මෙරට තරුණ පරපුර අකාලේ ලිංගාශ්‍රිත බෝවන රෝග රැසකට ගොදුරු කිරීමට හේතුවක් වන බැවින් ඒ සම්බන්ධව අවධානය යොමු කිරීම වැදගත් බව ඔහු පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්