පාතාල කෙරුමෝ දහයකට යුරෝපයේ රැකවරණ..
ප්‍රංශය එංගලන්තය ඇතුළු යුරෝපා රටවලට පැනගිය මෙරට ප්‍රධාන පෙළේ පාතාලකරුවන් දස දෙනකු දේශපාලන රැකවරණ ලබා ගැනීම හේතුවෙන් ඒ රටවල නීතිය අනුව මෙරටට ගෙන්වා ගැනීමට අසීරු තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.
කංජිපානි ඉම්රාන්, කුඩු අංජු, රොටඹ අමිල සහ රූබන් ආදීහු යුරෝපයට මෙසේ පැනගොස් සිටින පාතාලකරුවෝ වෙති.
රත්මලානේ කුඩු අංජු ප්‍රංශයේදී අත්අඩංගුවට ගත්තද මෙරටට භාර නොදුන් අතර ඔහු මේ වනවිට එරට දේශපාලන රැකවරණ ලබා සිටී.
ප්‍රබල පාතාල අපරාධකරුවන් බොහෝ දෙනෙකු එංගලන්තය, ප්‍රංශය, රුසියාව, ඉතාලිය, ඔස්ට්‍රියාව ආදී යුරෝපීය රටවලට සංක්‍රමණය වී ඇති බවත් රත්ගම විදුර, කොස්ගොඩ සුජී, ලාල්, අන්නාසි මොරිල්, මොහොමඩ් සිද්ධික් වැනි මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රබල පාතාල අපරාධකරුවන් රැසක් ද දැනට සිටින්නේ යුරෝපීය රටවල බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් අප මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ යුරෝපීය රටවල සිටින පාතාලකරුවන් පිරිසක් දේශපාලන රැකවරණ ලබා ගැනීම හේතුවෙන් මෙරටට ගෙන්වා ගැනීමේ විශාල අභියෝගයක් මතුව ඇති බවයි.
මේ අනුව යුරෝපයට පැන ගොස් සිටින පාතාලයන් සම්බන්ධයෙන් රජයට වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවනු ඇතැයි විචාරකයෝ සඳහන් කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..