නව ලිබරල් ක්‍රියාන්විතයේ සමාජය බිඳවැට්ටවීමේ අවසන් සැතපුම් කණුව වන්නේ සමලිංගික ක්‍රියා නීතිගතකර ප්‍රචලිත කිරීමයිි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
සමලිංගික චර්යාවන්ට පුරුදු වූ කණ්ඩායම් ප්‍රචලිත කිරීම සඳහා මහා දේශපාලන කුමන්ත්‍රණයක් දියත්වෙමින් පවතින බවත්, වෙනස් ලිංගික චර්යාවන් සහිත කාන්තාවන් හා පුරුෂයන් යොදාගනිමින් මහා මුදල් ඉපැයීමේ ක්‍රියාවලියක් සහ සමාජය බිඳවැට්ටවීමේ ක්‍රියාවලියක් නිර්මාණය වී ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් අද(23) දින පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා පවසුවේ ලංකාව තුළ මෙම ක්‍රියාදාමය ආරම්භ වන්නේ 2016 දී බවත්, ඊට පෙර ලෝක පරිමාවෙන් සමාජය බිඳවැට්ටවීමේ ක්‍රියාවලියක් ලෙස මෙය ආරම්භවන්නේ 1977 දී පමණ කාලයේ දී බවත් ය.
නව ලිබරල් ක්‍රියාන්විතයේ සමාජය බිඳවැට්ටවීමේ අවසන් සැතපුම් කණුව වන්නේ සමලිංගික ක්‍රියා නීතිගතකර ප්‍රචලිත කිරීම බව ඇලෙක්සැන්ඩර් ඩුගීන් නම් රුසියානු දාර්ශනිකයා ප්‍රකාශ කර ඇති බවත්, පවසන ඒ මහතා පොදු අනන්‍යතාවයෙන් මිනිසා ගලවාගෙන පුද්ගලික අනන්‍යතාව ස්මතුකර පුද්ගලිකත්වය පොදු අනන්‍යතාවට වඩා වැදගත් බව සලකන මනෝභාවයකින් යුතු සමාජයක් නිර්මාණය කර අවසානයේ පුද්ගලයාගේ ජීව විද්‍යාත්මක අනන්‍යතාවත් නැති කිරීම මේ හරහා සිදුවන බවත් පෙන්වා දෙයි.
සමාජය බිඳවැට්ටවීමේ අවසන් සැතපුම මෙය බවත්, 1977 දී මෙම නවලිබරල් ක්‍රියාදාමය හරහා අමෙරිකාවේ මනොවෛද්‍ය සංගමය ලෝක සෞඛ්‍ය සංවිධානයට විශාල බලපෑමක් සිදුකර මානසික ආබාධයක් ලෙස සැලකූ මෙම ක්‍රියාවලියෙන් මානසික ආබාධයක් ය යන යෙදුම ගලවා දැමූ බවත් එය සිදුකරන ලද්දේ නව ලිබරල් බලපෑමේ උවමනාව මත බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන ලදී.
මෙරට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසන ක්‍රියාවලිය 2010 දී බ්‍රිතාන්‍යයේ ද ආරම්භ වූ බවත්, පාසල්වල මෙම සමලිංගික ක්‍රියාවලියට අදාළ අධ්‍යාපන දැනුම ලබාදිය යුතු බවට මෙහිදී යෝජනා කර 2020 දක්වා මෙම ක්‍රියාවලිය පවත්වාගෙන ගිය බවත්, අවසානයේ මෙහි ඇති වරද ඔවුන් තේරුම් ගෙන මෙම තත්ත්වය පසු නිරීක්ෂණයට කොමිසමක් පත්කර සොයා බැලීමේදී දරුවන් ලක්ෂ 5ක් පමණ මානසික පීඩාවට පත්වී ඇති බවට එහිදී අනාවරණය වූ බවත් දරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සිදුවී මහා විනාශයක් ඒවන විට සිදුවී ඇති බවට ඔවුන් වටහා ගන්නා බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී අනාවරණය කළේය.
නැති ප්‍රශ්නයක් මවා පාමින් රට තුළ සිදු කිරීමට යන මෙම විනාශය පිළිබඳව මෙහිදී ඒ මහතා වැඩි දුරටත් අදහස් දැක්වීය..
ආණ්ඩුවෙන් ගෙඑ එන ඇතැම් අනපනත් මගින් මෙරට ජන සමාජයට, ආචාර ධර්මවලට සහ සංකෘතියට දැඩි විනාශයක් ගෙන එන බවත්, දණ්ඩනීති සංග්‍රහයේ වගන්ති කිහිපයක් සංශෝධනය කර සමලිංගික සේවනය නීතිගත කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.
මෙම පනත ගෙන ඒමට අදාළ කටයුතු සිදුකළේ 2022 වසරේ බවත්, එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සියි ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 ආ වගන්ති සංශෝධනය කිරීම සඳහා මෙම කෙටුම්පත ඉදිරිපත් කළ බවත් ඒ මහතා සඳහන් කරයි.
මෙමගින් මෙරට දුරාචාරය ප්‍රවර්ධනය කිරීම ගෙන එනු ලැබූ පනත් කෙටුම්පතක් බවත්, වර්තමාන ආණ්ඩුව එම පනත් කෙටුම්පත හරහා සමාජයේ දුරාචාරය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් කල්‍යානන්ද තිරාණගම මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙරට විශාල මෙහෙයුමක් දියත්වන බවත්, හයිටි රාජ්‍ය විනාශ වූයේද සමලිංගික ක්‍රියා ප්‍රවර්ධනය සඳහා කටයුතු කිරීම නිසා බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා මෙම මාධ්‍ය හමුවේදී පෙන්වා දෙන ලදී.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් ආරම්භ වූ එම සමාජය බිඳවැටීමේ ක්‍රියාවලිය හේතුවෙන් හයිටි රාජ්‍යයේ ජනයා අද මැටි කන ජාතියක් බවට පත් කර ඇති බවද ඒ මහතා සඳහන් කරයි.
බුදුන්වහන්සේගේ සමයේ දී ද විවිධ සමලිංගික කොට්ඨාස එම සමාජය තුළද සිට ඇති බවත්, බුදුන්වහන්සේගේ බුද්ධ ශාසනයේ මෙම කොට්ඨාස මහන කර නොගන්නා ලෙස විනය නීතියක් ද පනවා තිබූ බවත් යසස් ධර්මදාස මහතා පෙන්වා දෙයි.
ඔවුන් සංඝ සමාජයට පැමිණ සංඝ සමාජයේ ප්‍රශ්න ඇතිකරන මෙයින් එලෙස විනය නීති පනවා තිබූ බවද පවසන ඒ මහතා, ළමුන් අතර මෙම සමලිංගික ක්‍රියා ප්‍රවර්ධනය කිරීම සඳහා රට තුළ මේවන විට ක්‍රියාත්මක වන සූක්ෂම වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු හෙළදරව් කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්