මාස 09ට බිලියන 1,060ක් ණය වැඩි වෙලා..
මෙරට ණය ප‍්‍රමාණය මාස 9 ක කාලය තුල රු. බිලියන 29,634.78 දක්වා එනම්, බිලියන 1,060.13 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
මේ බව පවසමින් එම ආයතනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
පසුගිය ජනාධිතිවරණය පැවති 2024 සැප්තෑම්බර් අග රු.බි. 28,574.65 ක් වූ ‘මධ්‍ය රජයේ සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය’ 2025 ජූනි අවසානය දක්වා වූ මාස 9 ක කාලය තුල රු. බි. 29,634.78 දක්වා එනම්, රු.බි. 1,060.13 කින් ඉහළ ගොස් ඇත.
ඒ අනුව, සැප්තෑම්බර් සිට ජූනි දක්වා මාස 9 තුල සෑම මසකටම රු. බි. 117.79 බැගින් ‘නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය’ ඉහළ යමින් ඇත.
රාජ්‍ය ණය ප්‍රමාණය අඛණ්ඩව වැඩිවීමත්, විදේශ සංචිත ඉහළ දමා ගැනීමට නොහැකිවීමත්, අය වැය මගින් වෙන් කල ප්‍රාග්ධන අරමුදල් වැය කර ගත නොහැකිව ආපසු භාණ්ඩාගාරයට හරවා යැවීමට සිදුවීමත් ආර්ථික වර්ධනයට බලපෑම් කර ඇත.
රජය බදු ආදායම, විදේශ ප්‍රේෂණ සහ සංචාරක ආදායම් වැඩි කර ගැනීමට සමත්ව ඇති නමුත්, දිගින් දිගටම රටේ නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළයාම බලවත් අර්බුදයකි. මෙම තත්වය වඩාත් කැපී පෙනෙන්නේ අය වැය මගින් වෙන්කල ප්‍රාග්ධන මුදල් වැය කර ගැනීමට නොහැකිව නැවත භාණ්ඩාගාරය වෙත යොමුවීම නිසා රටේ ආර්ථික වර්ධනය ද අඩාලවීම නිසාය.
ණය බර වැඩිවීම
2025 ජනවාරි සිට ජූනි දක්වා ලංකාවේ දේශීය ණය රු. බිලියන 18,309.66 සිට රු. බිලියන 18,806.08 දක්වා රු.බි. 496.42 කින් වැඩිවී ඇත.
2025 ජනවාරි සිට ජූනි දක්වා භාණ්ඩාගාර බැඳුම්කර රු. බිලියන 14,079.20 සිට රු.බි. 14,944.78 දක්වා රු.බි. 865.58 තීව්ර වැඩිවීමක් සිදු ව ඇත.
එම කාලය තුල රු.බි. 10,429.04 ක් වූ විදේශ ණය ප්‍රමාණය රු. බි. 10,828.70 දක්වා රු.බි. 399.66 කින් වැඩිවී ඇත.
මේ අනුව, මේ වසර ආරම්භයේ දී රු.බි. 28,738.70 ක් වූ, ශ්‍රී ලංකා ජනරජයේ සමස්ත ණය ප්‍රමාණය ජූනි මස අවසානය වන විට රු. බි. 29,634.78 දක්වා රු.බි. 896.08 කින් ඉහළ ගොස් ඇත.
2024 ඔක්තෝබර් සිට 2025 ජූනි ආණ්ඩුවේ මුල් මාස 9 මොකද වුනේ?
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත් වූ 2024 සැප්තෑම්බර් මස අවසානයේ සිට ජූනි දක්වා (මාස 9 ට) ලංකාවේ දේශීය ණය රු. බිලියන 17,595.05 සිට රු. බිලියන 18,806.08 දක්වා රු.බි. 1,211.03 කින් වැඩිවී ඇත.
පුනරුද රජය බලයට පත් වූ 2024 සැප්තෑම්බර් මස භාණ්ඩාගාර බැඳුම්කර ණය රු. බිලියන 13,198.51 ක් වූ අතර, එය 2025 ජූනි වන විට (මාස 9 ක් තුල) රු.බි. 14,944.78 දක්වා රු.බි. 1,746.27 කින් වර්ධනය වී ඇත.
නව රජය බලයට පත්වී පාර්ලිමේන්තුව විසිරුවා හරින විට රු.බි. 10,979.60 ක් වූ, සමස්ත විදේශ ණය ප්‍රමාණය රු. බි. 10,828.70 දක්වා රු.බි. 150.70 කින් පහත වැටී තීබීම යහපත් තත්වයකි. බංකොලොත් භාවය ප්‍රකාශ කිරීමෙන් පසුව ද, ලංකා රජය අඛණ්ඩව බහුපාර්ශවීය ණය සහ පොලිය ගෙවමින් සිටී.
ජනාධිපතිවරණය පැවති 2024 සැප්තෑම්බර් අවසානය වන විට රු.බි. 28,574.65 ක් වූ, ශ්‍රී ලංකා ජනරජයේ සමස්ත ණය ප්‍රමාණය ජූනි මස අවසානය වන විට (මාස 9 ක් තුල) රු. බි. 29,634.78 දක්වා රු.බි. 1,060.13 කින් ඉහළ ගොස් ඇත.
විදේශ සංචිත පහත වැටීම
2025 මාර්තු මස ඩො. මි. 6,531 ක් වූ විදේශ සංචිත, අගෝස්තු අග වන විට දළ විදේශ වත්කම් ඩොලර් මිලියන 6,178 දක්වා ඩො.මි. 353 කින් පහත වැටී ඇත. 2023 – 2024 වසරවල මසකට ඩො. මි. 175 බැගින් වර්ධනය වෙමින් පැවති විදේශ සංචිත මේ වසර අවසානයේ ඉලක්කය වූ ඩො.මි. 7,500 ට ලඟාවීම සිදු නොවනු ඇත.
රටේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ආයෝජන සිදු කිරීමකින් තොරව, ජනතාව මත බදු බර පැටවීමෙන් පමණක් ආර්ථික ඉලක්ක වෙත ලඟාවීම අතිශියන් දුෂ්කර විය හැකිය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්