මන්ත්‍රිනී ලක්මාලි අධිකරණයට අපහාස කළා යැයි අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්.. නඩුත් පවරන්න සූදානම්..
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කර ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා නව ජනතා පෙරමුණ අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
නව ජනතා පෙරමුණේ කොලොන්නාව ආසන සංවිධායක අජිත් පුෂ්පකුමාර, කොලොන්නාව ආසන ක්‍රියාකාරි ජයසිංහ, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර හා රත්මලාන ආසනයේ පිරිවෙන කොට්ඨාස සංවිධායක සමන් රණතුංග අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත ලිපියක් භාරදෙමින් එම ඉල්ලීම කර ඇත.
එම ලිපිය භාර දී අදහස් දැක්වු සීතාවක ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර මෙසේ සඳහන් කළේය.
“පසුගිය තිඹිරිගස්යාය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර රාජ්‍ය ආයතනයකින් ලබා ගත් නඩු තීන්දුවක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචනය කරමින් එම නඩු තීන්දුව නොසලකා හැර කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා. නමුත් මාලිමා ආණ්ඩුව එය පරිපාලන කටයුත්තක කියා දැන් එය සාධාරණිකරණය කරන්න උත්සාහ කරනවා.
මේ රටේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කරනවා ලක්මාලි මන්ත්‍රීවරිය අධිකරණයට අපහාස කර නෑ. එහිදි සිදුකර ඇත්තේ පරිපාලනමය සාකච්ඡාවක් පමණයි කියලා. නමුත් අපි ඔහුට මතක් කරන්න කැමතියි මේ වනවිට දඩුවම් ලබන ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය විසින් ද සිදු කර ඇත්තේ අධිකරණ තින්දුවක් පරිපාලනමය තීන්දුවක් නිසා ක්‍රියාත්මක කර නොසිටි ඇති බව ය.
ලක්මාලි මන්ත්‍රීවරිය විසින් එම නඩු තීන්දුව ක්‍රියාත්මක නොකරන ලෙස රාජ්‍ය නිලධාරින්ට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමෙන් අපිට පැහැදිලිව පේන්න තියෙන්නේ මාලිමා ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වන්නේ මාලිමා නොවන විපක්ෂයේ සාමාජිකයින්ට විතරයි ද කියලා.
සමස්ත අධිකරණ කේෂ්ත්‍රයටම සිදුකළ අභියෝගයක් ලෙස මෙය දකින්න පුළුවන්. අධිකරණ තීන්දුවක් නිතිඥවරියක් විදිහට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදිහට අමු අමුවේ විචේචනය කිරීම අධිකරණයට සිදු කල බරපතල අපහාසයක්. ඒ නිසා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් අපි ඉල්ලනවා රටේ අධිකරණයේ ගෞරුත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියට වහා ම නීතිය ක්‍රියාත්මක කරලා ඇයට නිසි දඩුවම් ලබා දීමට කටයුතු කරන්න කියලා.”
“අධිකරණ සේවා සභාව විසින් මේ සම්බන්ධව ගනු ලබන තීරණය දෙස මුළු රට ම බලාගෙන සිටිනවා. ඒවගේම නව ජනතා පෙරමුණ විසින් නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට සිදුකළ අපහාසය වෙනුවෙන් එම අධිකරණයේම නඩු පවරන්න බලාපොරොත්තු වෙනවා.”
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..