මාලිමා අස්වැසුම ඇමතිගේ ‘යාචක මානසිකත්වය’ ඇත්තක්ද?
ලංකාවේ පවුල් සංඛ්‍යාව ලක්ෂ 52ක් වෙද්දී, එයින් 43ක්ම අස්වැසුම ඉල්ලා ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ පවසයි. මෙය නිවැරදි සංඛ්‍යාලේඛනයක් විය නොහැකිය.
පවුල් සංඛ්‍යාව ලක්ෂ 52ක් වන්නේ 2012 ජන සංගණනය අනුවය. එම සංගණනය අවධියේ සංගණන හා නිවාස ඒකක සංඛ්‍යාවට වඩා 2024 සංගණනයේ එම සංඛ්‍යාවන් වැඩිය. එබැවින් පවුල් සංඛ්‍යාව අනිවාර්යයෙන්ම ලක්ෂ 60කට ආසන්න විය හැකිය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තවමත් මෙම දත්ත නිකුත් කර නැත.
අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහන සඳහා මුලින්ම අයදුම්පත් කැඳවනු ලැබුවේ දැඩි ආර්ථික අර්බුදයක් පැවති 2022 වර්ෂයේදීය. ඇත්තෙන්ම, මෙම සමාජ සුබසාධන වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කරනු ලැබුවේ ද අපේක්ෂා කළ දැඩි දිළිඳුකම නිසාය. ආර්ථික අර්බුදයෙන් අවදානමට පත් සියලු දෙනා අයදුම් කරන ලෙස දිරිගන්වන ලද අතර පවුල් ලක්ෂ 37කට වඩා ඒ අනුව අයදුම් කළ බව වාර්තා විය. ඒ එවකට පැවති අවදානම නිසාය.
එහෙත්, ඇත්ත වශයෙන්ම අස්වැසුම සඳහා යෝග්‍ය වූයේ පවුල් ලක්ෂ 19ක් පමණි. ඒ සියල්ලන්ටම අස්වැසුම ලැබුණේ නැත. ඇත්තටම ලැබුණු සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් අඩුය. සත්‍යය එයයි. මේවා අස්වැසුම දෙන සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ තිබෙන දත්තය.
2024 මුලදී අස්වැසුම දෙවන වටය සඳහා නැවත අයදුම්පත් කැඳවන ලදී. නොලැබුණු බොහෝ අය නැවත අයදුම් කළහ. ඒ අය කලින් ද අයදුම් කර සිටි අයයි.
ඇමතිවරයා මේ සංඛ්‍යාලේඛනය හදාගෙන තිබෙන්නේ අර ලක්ෂ 37ට දෙවන වර අයදුම් කළ සංඛ්‍යාව එකතු කරගෙනය. අස්වැසුම ගැන ජාතික ජන බලවේග ආණ්ඩුවේ දැක්ම පමණක් නොව, එය පදනම් වන සාක්ෂිමය පදනම ද අවුල් සහගත බව මෙයින් ඉතා පැහැදිලිය.
රටකට සමාජ සුබසාධන ක්‍රම අවශ්‍යය. මූල්‍ය ආධාර සැපයීමට අමතරව, සමාජ ආරක්ෂණ ක්‍රම මගින් රටකට ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ ලැබේ.
ආදායම් අසමානතාවය අඩු කිරීම: මෙම ක්‍රම මගින් ධනවතුන්ගෙන් බදු ගෙන, දුප්පතුන්ට සහ අවදානම් සහිත කණ්ඩායම් වලට ප්‍රතිලාභ ලබා දීමෙන් ආදායම් පරතරය අඩු කරයි.
සමාජ ස්ථාවරත්වය: මූලික අවශ්‍යතා සපුරා ගන්නා විට, මිනිසුන් අතර ඇතිවන අසහනය සහ ගැටුම් අඩු වේ. එයින් සමාජයේ සාමය සහ සුරක්ෂිතභාවය වැඩි දියුණු වේ.
නිෂ්පාදන හැකියාව ආරක්ෂා කිරීම: රෝගී වූ විට හෝ රැකියා අහිමි වූ විට සහය ලැබීම නිසා, පුද්ගලයන්ට නැවත ඉක්මනින් වැඩට පැමිණීමට සහ රටේ ආර්ථිකයට දායක වීමට ඇති හැකියාව ආරක්ෂා වේ.
ආර්ථික වර්ධනය: සමාජ ආරක්ෂණය මගින් මිනිසුන්ගේ මිලදී ගැනීමේ බලය (Purchasing Power) වැඩි කරන අතර, එය වෙළඳපොළට මුදල් ගලා ඒම හරහා සමස්ත ආර්ථික ක්‍රියාකාරිත්වය උත්තේජනය කරයි.
සරලව කිවහොත්, මේවා ආර්ථික කම්පනවලට එරෙහිව රටේ පුරවැසියන් රක්ෂණය කරන බලසතුකරණ පද්ධති (Empowering Systems) වේ.
ජාතික ජන බලවේගය දැන් ජනතාව යාචක මානසිකත්වයක සිටින බවට අවමන් කළත්, රජයෙන් ඉල්ලාගෙන කෑමට පොළඹවන මෙම යාචක මානසිකත්වය නිර්මාණය කිරීම සඳහා ඔවුන් දක්වන ලද දායකත්වය සුළුපටු නොවේ. එතරම් දුරට නොගොස් 2024 අවුරුද්ද අග හරිය බැලුවත්, ජනාධිපති අනුර කුමාර නත්තලට තෑගි වශයෙන් අස්වැසුම වැඩි කර ඇති බව ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මන්ත්‍රී නජිත් ඉන්දික සමාජ මාධ්‍ය සටහනක් තබා තිබුණ අන්දම අපට මතකය. ඡන්ද ලබාගැනීම වෙනුවෙන් රජයෙන් දෙන සහනාධාර මත යැපීම දිළින්දන් අතර පැතිරවීමට ඔවුන් පවා දායක වී තිබේ.
ලෝක බැංකුවේ 2025 වාර්තාවල දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබුණත්, දරිද්‍රතාවය තවමත් 2019ට සාපේක්ෂව දෙගුණයකට වඩා වැඩි බවයි. රටේ ජනගහනයෙන් හතරෙන් පංගුවක් පමණ දිළින්දෝය. ඔවුන්ට රජය උදව් කිරීම වරදක් නොවේ.
එහෙත්, දිළින්දන්ගේ යාචක මානසිකත්වය ගැන කතා කළාට රජයෙන් යැපෙන දේශපාලකයන් හා රාජ්‍ය සේවකයන්, නිලධාරීන් හා කොන්ත්‍රාත්කරුවන් ආදීහු ඊට අන්තය. රජය දිළින්දන්ට බෙදන්නේ කුඩා හැන්දකිනි. ඉහත කී අයට බෙදන හැන්ද ගොඩක් ලොකුය.
පහත දැක්වෙන්නේ අස්වැසුම පිළිබඳ ගැඹුරින් කළ අධ්‍යයනයක් පාදක කරගෙන අපි ඉදිරිපත් කරපු වාර්තාවේ ලින්කුව, https://www.right2lifelanka.org/aswesumarelief-or-deception
- අජිත් පැරකුම් ජයසිංහ
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..