ඔබලා බාරගත්ත රට ඒ විදිහටම බාර දීලා යන්න.. - ජෙයෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් හඬ අවදිකරයි..
[ජෙයෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් හඬ අවදිකරයි. පහත ඇත්තේ ඔහු මුහුණු පොතට ලියූ ලිපියකි]
කවදත් මගේ ජීවිතයේ දවස ආරම්භ වූයේ මාධ්‍යයත් සමගය. නමුත් මා ඇමරිකාවට පැමිණියායින් පසුව එය වෙනස් විය. ඒත් මෑතක සිට මගේ දවස ආරම්භ වන්නේ සේපාල් අමරසිංහ චැනල්, මාතලන් ,බයි තක්සලාව, වරුණ රාජපක්ෂ, කැළුම් ජයසුමන,චාමර විජේසූරිය, පචහන්ටර්ස් ,ඩාක් රූම්,මී මැස්සෝ, සිසි සහ එස් එල් ලීඩර්ස් අභීත එදිරිසිංහ වැනි චැනල් සමගය.
මේවායේ කෙරෙන කතාබහ සාකච්ඡා සහ කරුණු ඉදිරිපත් කිරීම් තුළින් වත්මන් රජයේ ක්‍රියාකාරීත්වයත් ඔවුන්ගේ හැකියාවන් දක්ෂතා ගැනත් තීරණ ගැනත් මනාව අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙනවා පමණක් නොව වත්මන් ශ්‍රී ලංකාවේ කැටපතක් දකින්නට ලැබෙනවාට කිසිම සැකයක් නැත.
රටේ තත්ත්වය හෝ වත්මන් රජයේ ක්‍රියාකාරීත්වය පිළිබදව මා කිසිවක් මෙහි සඳහන් නොකරන්නේ තවත් අටුවා ටීකා අනවශ්‍ය හෙයිනි. මේවා නරඹන සියලු දෙනාට ඒ පිළිබඳව මා සඳහන් කළ යුතු නැත. ඔවුන්ට මටත් වඩා අවබෝධයක් ඇති බව හොඳින් දනිමි. ඒවා තවමත් නරඹන්නේ නැති කෙනෙක් ඇත්නම් ඒවා නරඹා මේ විස්තරය කියවන්න.
වත්මන් රටේ විපක්ෂ නායකයකු වශයෙන් ජේ.ආර් හෝ ප්‍රේමදාස වැනි නායකයකු සිටියා නම් සේපාල් අමරසිංහ මහතා කරගෙන යනු ලබන චැනල් සහ අනෙක් බොහෝ චැනල් පක්ෂයේ ක්‍රියාවක් ලෙස රට පුරා ජනතාව අතරට රැගෙන යෑමට ගම්මට්ටමින් වැඩපිළිවෙළක් සකසනවාට කිසිම සැකයක් නැත. ඔවුන්ගේ පාලන කාලයවලදී ඊට සමාන වෙනත් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළ අයුරුත් ඒවායින් ප්‍රතිඵල නෙලා ගත් අයුරුත් ඒ සමයේ සිටි බොහෝ අයට තවමත් මතක ඇතැයි මම සිතමි.
මට හොඳටම මතක ඇත්තේ 1970 මැතිවරණයෙන් පසු පැවති දේශපාලන වාතාවරණයයි. ඊට පසුව සිදු වූ සියලු මැතිවරණ ක්‍රියාකාරීත්වය නායක නායිකාවන් පිළිබඳ හොඳටම මතකයි. ඊට පෙර දේශපාලනයත් මට හොඳටම හුරුපුරුදිය. ඒ පොත්පත් කියවමින් සහ ඔවුන්ගේ කතා සහ ජීවිත කතා කියවීමෙන්ය.
ජනතා විමුක්ති පෙරමුණේ හයිඩ් පාක් පිට්ටනියේ පැවැති මුල්ම රැස්වීම නැරඹීමට මා ගිය කෙනෙකි. එමෙන්ම 1977 රජය පැමිණීමෙන් පසුවය නිදහස ලැබූ රෝහණ විජේවීරයන්ගේ වීරසිංහ ලී මෝලේ පැවැති මුල්ම පුවත්පත් සාකච්ඡාවට "දිනමිණ" වෙනුවෙන් සහභාගි වූයේ මාය. "ඩේලි නිවුස්" පත්‍රය වෙනුවෙන් සහභාගි වූයේ ජී.ඩී කුලතිලක මහතාය. ඔහු පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙසද කලක් කටයුතු කළේය.මෙහිදී තවත් එක් සිද්ධියක් මතක් කිරීමට කැමැත්තෙමි. ඒ ,1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලෙන් රට අවුරුදු සියයකින් පස්සට ගිය බවට සඳහන් පුවතක් "දිනමිණ" පුවත්පතට මා ලිව්වා මතකයයි. එදා එය එහි ප්‍රධාන පුවත ලෙස පලවිය.මෙම පුවතට හේතු වූයේ එවකට පැවැති ආර්ථික හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ විසින් වත්වන ලද සමීක්ෂණයක ප්‍රතිඵලයයි.මා මෙම පුවතට අදාළ කරුණු ලබා ගත්තේ එම අමාත්‍යාංශයේ සිටි ලේකම් ආචාර්ය වික්‍රම වීරසූරිය මහතාගනි.මෙවැනි තවත් සිහිවටන රැසකි. ඒත් ඒවා එකින් එකට මෙහි සඳහන් කිරීමට කාලය නොවෙයි.මෙම සටහන ලියන්න අදහස් කලේද වෙනත් අරමුණක් සිතේ තබාගෙනය.ඒ නිසාම ඒ ගැන අවධානය යොමු කිරීම වටියි.
වත්මන් ශ්‍රී ලංකාව ගැන යථාර්ථය අවබෝධ වන විට ඇතිවන්නේ සංවේගයකි. මේ තරමට ළාබාල දේශපාලන තත්ත්වයක් රටට ඇද වැටුණු යුගයක් මට නම් මතක නැත. දුර්වල නායක නායිකාවන් පිරිසක් මට මතක නැත. එදා සිතුවේ මෛත්‍රිපාල සිරිසේන ඉතාම දුර්වල නායකයා ලෙසය. එහෙත් අද තත්ත්වය දෙස බලන විට ඔහු යම් ප්‍රමාණයකට බුද්ධිමත්වය. වත්මන් රජයේ බොහෝ අය ඔහුටත් වඩා බොහෝ සෙයින් දුර්වලය. ඔහුගේ තිබූ යම් යම් පෞරුෂයන් පවා අද නායකයින්ට නැත්තට නැති තරම්ය.
නමුත් මට මොවුන්ගේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වෙනත් දෙයකි . එනම් දෙමල ඩයස්පෝරාවත් සමග තිබෙන සම්බන්ධය සහ ගනුදෙනුවය. එය ඉතාම භයානක දෙයක් ලෙස මම දකිමි.
උතුරේ දකුණේ හෝ වෙනත් ඕනෑම ප්‍රදේශයක දෙමළ මිනිසුන් සමඟ ගනුදෙනු කිරීම හෝ ඔවුන්ගේ යහපතට ක්‍රියා කිරීම තීරණ ගැනීම කිසිම ප්‍රශ්නයක් නැත. ඔවුන්ට යම් ප්‍රශ්නයක් ගැටලුවක් ඇත්නම් එය නිරාකරණය කළ යුතුය. එවැනි ප්‍රශ්නයක් ඇත්දැයි මම විශ්වාස නොකරමි. දෙමළ ජනතාවට රටේ ඕනෑ තැනක ඕනෑ විදිහකට ජීවත්විය හැකිය. එයට කිසිම තර්ජනයක් හෝ බාධාවක් නැත.
නමුත් ප්‍රශ්නය ඇත්තේ දෙමළ ඩයස්පෝරාවත් සමගය. ඔවුන්ගේ අවශ්‍යතා තරමක් වෙනස්ය. උතුරු නැගෙනහිර එකතු කිරීම, එම පළාත් සභාවට ඉඩම් සහ පොලිස් බලතල ලබා ගැනීම වැනි දේත් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කර ගැනීම ඔවුන්ගේ අභිප්‍රායයි. වරක් මහින්ද රාජපක්ෂ මහතා 13+ ගැන කතා කලෙත් එවැනි ඉල්ලීම් හේතු කොටගෙනය. නමුත් කිසිවෙක් ඒ මෝඩ වැඩේ කළේ නැත.මෛත්‍රීපාල සිරිසේන මහතා පවා ඊට අත ගැසුවේ නැත.
මෙවර පළාත් සභාව කුමන අරමුණක් හිතේ තබාගෙන පවත්වනවාදැයි සැකසහිතය. බොහෝ අයගේ විශ්වාසය මෙය දෙමළ ඩයස්පෝරාවේ උවමනාව පිට පවත්වන පළාත් සභා මැතිවරණයක් ලෙසයි.මෙම පළාත් සභා මැතිවරණය ඔවුන්ගේ ජයග්‍රහණයක් ලෙස දෙමළ ඩයස්පෝරාව විශ්වාස කරන බවට සැකයක් පවතී.ඒ ඔවුන්ගේ අභිප්‍රාය ඉටුවන බවට විශ්වාසයක් ඇති හෙයිනි. එමෙන්ම වර්තමාන රජයට මෙම පළාත් සභා මැතිවරණය එතරම් ශුභදායක නොවන බව දනියි. කිසිම දේශපාලන පක්ෂයක් පරදින්නට මැතිවරණවලට මුහුණ දෙන්නේ නැත. එනිසාම අලුත් මැතිවරණ අයවැයක් ඉදිරියේ ඉදිරිපත් කිරීමට සැරසෙන බවටද රාවයක් පවතී.කොහොම වුනත් මෙම පළාත් සභා මැතිවරණය සෑම පැත්තකින්ම ඉතාම තීරණාත්මක එකක් වනවාට කිසිම සැකයක් නැත.
මෙම දෙමළ ඩයස්පෝරා උගුලට වත්මන් නායකයා හසු වී ඇත්දැයි සැක කරයි. එසේ සිතන්නේ පළාත් සභාවට කුමන බලතල දුන්නත් ජනාධිපති බලතල අනුව ඒවා ආපසු ගන්නට හැකි බව පෙන්වා දෙන පණ්ඩිතයින්ද සිටින හෙයිනි. නමුත් කාරණය තවත් බරපතල වන්නේ පසුව ජනාධිපති බලතලත් ඉවත් කිරීමෙනි. මේවා සියල්ල සිදුවන්නේ වත්මන් නායකයාත් මුලාවට පත් කරමින්ය. එහෙම වුණොත් රටට අබසරණයි.
මේ පිළිබඳව නීතිඥ සංජීව වීරවික්‍රම මහතාගේ සම්පූර්ණ විග්‍රහයක් පසුගිය දිනක විවිධ චැනල් කීපයක් ඔස්සේ ප්‍රචාරය විය.එම විග්‍රහයේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සහ ඉතාම පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කෙරුණි. පැහැදිලිවම මෙවැන්නක් ඉදිරියේදී සිදුවුවහොත් රට ඉතාමත්ම බරපතළ තත්ත්වයකට මුහුණ දෙනාට කිසිම සැකයක් නැත. එහෙම වුනොත් රට බේරගන්න නැවතත් කීර්ති විජයබාහු කෙනෙක් පහළ වෙන තුරු වසර සිය ගණනක් ඉන්න වෙනවාට කිසිම සැකයක් නැත.
එනිසා මෙහෙම දේවල් නම් කරන්න එපා. ඩයිස් පෝරාවට රැවටෙන්න එපා. ඔබලා බාරගත්ත රට ඒ විදිහටම බාර දීලා යන්න. නැත්නම් මෙයට සම්මාද වුනු ඔබ සැමටත් රට ඇහැරලා යන්න වෙනවට කිසිම සැකයක් නැත.
- උපාලි තෙන්නකෝන් | Upali Tennakoon
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..