කබ්බෝ ෆෝම් කරන්න එපා කියන පොලිසියම ඒක කරනවා - පාඨලී චම්පික රණවක
කබ්බෝ ෆෝම් කරන්න එපා යැයි මාධ්‍ය ආයතනවලට කියන පොලීසියම අපරාධවලට සම්බන්ධ පාතාල නායකයින් මහා බුද්ධිමතුන් හා වීරයින් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පත්කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසයි.
පාතාලය හා මත්ද්‍රව්‍ය මර්දනය අභ්‍යන්තරයෙන් සිදුකළ යුතු දෙයක් මිස සංදර්ශන කරමින් ලකුණු දාගන්නා වැඩපිළිවෙළක් නොවිය යුතු යැයිද ඔහු පැවසුවේය.
මහනුවර දී ඊයේ (20) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මෙසේ ද පැවසීය.
“පාතාල නායකයින් අත්අඩංගුවට ගැනීම මාධ්‍ය සංදර්ශන බවට පත්කර ගැනීම සම්බන්ධයෙන් පොලීසිය වග කියන්න ඕන. කබ්බෝ ෆෝම් කරන්න එපා කියන පොලීසියම අනෙක් පැත්තෙන් මේ කරන්නේ කබ්බෝ ෆෝම් කිරීමයි. අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් සමාජ මාධ්‍යවල වීරයෝ, වීරවරියෝ බවට පරිවර්තනය කරන්නේ පොලීසියමයි. මේවා ඇත්තටම අභ්‍යන්තරිකව කරන්න ඕන වැඩ මිස ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍යවල තමන්ට ලකුණු දාගැනීමට කරන්න ඕන වැඩ නෙවෙයි.
පාතාලය හා මත්ද්‍රව්‍ය මර්දනය කරන අවංක වුවමනාවක් තිබෙනවා නම් පළමුවෙන්ම දේශපාලන වාසි ගන්න එක නතර කරන්න ඕන. නිශ්චිත තොරතුරු නොමැතිව මේක කළේ අහවල්ලු කියලා දේශපාලන පක්ෂවලට ඇඟිල්ල දික් කරන එක නතර විය යුතුයි. ඊළඟට මේ අත්අඩංගුවට ගන්න පාතාලයේ පුද්ගලයින් මහා වීරවරයෝ, බුද්ධිමත්තු කියලා ලෝකයට පෙන්වන එක වලක්වන්න ඕන. තුන්වන එක මේ පාතාලය හා මත්කුඩු මර්දනය කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමයි. එහෙම වුණොත් තමයි අපේ දරුවෝ මේ ව්‍යසනයෙන් ගළවා ගැනීමට හැකියාව ලැබෙන්නේ. සංදර්ශන මානසිකත්වයෙන් පොලිසියත් ආණ්ඩුවත් අයින් වෙන්න ඕන.
පාතාලය හා මත්ද්‍රව්‍ය මර්දනය කිරීම ඉතාම බලගතුම හා දැවෙන අවශ්‍යතාවක්. මම තමයි 2005 මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ‘මතට තිත’ කියන එක දැම්මේ. ඒක කරන්න අවශ්‍යය ප්‍රතිපාදන අපේ ඕමල්පේ සෝභිත හාමුදරුවෝ තමයි පාර්ලිමේනතුවට ගෙනල්ලා සම්මත කළේ. පාතාලය හා මත්ද්‍රව්‍ය මර්දනය කරන්න හැම රජයක්ම උත්සහ කළා. ඒ සඳහා මේ රජය ගන්නා උත්සහය අපි අගය කරනවා. මේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ ප්‍රතිඵලදායක බව අපිට පේන්න නම් රටේ යම් මත්ද්‍රව්‍ය හිඟයක් ඇතිවෙන්න ඕන. මත්ද්‍රව්‍ය පතුරන අයගේ ධනය හිඟ වෙන බවක් පේන්න ඕන. තාමත් එහෙම තත්ත්වයක් පේන්න නැහැ. මත්ද්‍රව්‍යවලට එරෙහිව කළ අරගලය අගයමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මානයක් දුන්නා. ඒ කාලයේදීත් ටොන් ගණන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත්තා. මදුෂ්ලා වගේ අය අත්අඩංගුවට ගත්තා. නමුත් ප්‍රශ්නය කෙළවර වුණේ නැහැ. මේ ආණ්ඩුව දේශපාලනික වශයෙන් පටු වාසි ගැනීම පසෙක තබා මේ උවදුර නැති කරන්න අවංකව කැප වෙනවාද කියලා අපි විමසිල්ලෙන් සිටිනවා.”
මූලාශ - hirunews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි