එල්ලවන මහජන විරෝධය නිසා ‘වටවල තේ’ LGBTQ චෝදනා ලත් දැන්වීම ගලවයි..
ශ්‍රී ලංකාවේ තේ සන්නාමයක් වන වටවල තේ (Watawala Tea) සමාගම, නිකුත් කළ ‘Him, Her and Them’ (ඔහු, ඇය සහ ඔවුන්) කෙටි චිත්‍රපටය සම්බන්ධයෙන් ඇති වූ මහජන විවේචන හේතුවෙන්, එම චිත්‍රපටය සියලු වේදිකාවලින් ඉවත් කර ගැනීමට තීරණය කර ඇත.
වටවල තේ සමාගම විසින් නිකුත් කරන ලද නිල ප්‍රකාශයක මෙසේ සඳහන් වේ:
“ශ්‍රී ලංකාවේ වඩාත් ආදරණීය තේ සන්නාමයක් ලෙස, වටවල තේ සැමවිටම ජනතාව එක්තැන් කිරීම විශ්වාස කරන අතර, අපගේ කතාන්දර තුළින් ශ්‍රී ලාංකේය පවුල්වල උණුසුම හා ශක්තිය දිගු කලක් සමරා ඇත.
අපගේ මෑත කෙටි චිත්‍රපටය වන ‘Him, Her and Them’ නිර්මාණය කළේ ද එම උදාර අරමුණ පෙරදැරිවය. එය පවුල් ජීවිතයේ එදිනෙදා හැඟීම් මෙන්ම, සෑම දරුවෙකුම තමන්ගේම ආකාරයෙන් ඉගෙන ගන්නා ශක්තිය හා සංවේදීතාව අතර සමබරතාවය පිළිබිඹු කිරීමට අදහස් කරන ලදී.
කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය අප කිසිසේත් අපේක්ෂා නොකළ ආකාරයෙන් අර්ථකථනය වී ඇති බවත්, අපගේ වටිනා පාරිභෝගිකයන් කිහිප දෙනෙකු අතර එය අපහසුතාවයක් හෝ කනස්සල්ලක් ඇති කර ඇති බවත් අපි තේරුම් ගනිමු. ඒ ගැන අපගේ කණගාටුව පළ කරමු.
සන්නාමයක් ලෙස, අපි ඔබ සැමගේ අදහස්වලට සවන් දෙන අතර, පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය පවුල් එක්සත් කරන පොදු වටිනාකම් කෙරෙහි ගරු කරමින්, මෙම චිත්‍රපටය අපගේ වේදිකාවලින් ඉවත් කිරීමට තීරණය කර ඇත්තෙමු.
අපගේ පාරිභෝගිකයන්, සේවකයන් සහ සුභ පතන්නන් මෙන්ම, අපේක්ෂිත පණිවිඩයට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ සහ අර්ථවත් ප්‍රතිචාර අප සමඟ බෙදා ගත් සියලු දෙනාට අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කරමු. අප තවදුරටත් ජනතාව එකට එක් කරන, අප බෙදා ගන්නා සෑම තේ කෝප්පයකම ඇති සුවපහසුව, කරුණාව සහ සම්බන්ධතාවය සමරන කතාන්දර ඉදිරිපත් කරන්නෙමු”
මෙම කෙටි චිත්‍රපටය සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස විවේචනයට ලක් වූ අතර, පවුල් සාරධර්ම සම්බන්ධයෙන් මතභේදයක් ඇති කර තිබුණි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්