සත්‍ය ප්‍රතිසන්ධාන සහ අභිචෝදක කාර්යාල පනත සම්මත වුණොත් රෝම ප්‍රඥප්තියට අත්සන් කළාට වඩා භයානකයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ 60/1 යෝජනාව සම්බන්ධයෙන් සමාජයේ යම් වැරදි මතවාද ප්‍රමාණයක් නිර්මාණය වී ඇති බවත්, එමෙන්ම විද්වතුන් යැයි කියා ගන්නා යම් පිරිසක් විසින් මෙම මතවාද තවදුරටත් පටලවමින් සිටින බවටත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා නගයි.
ආණ්ඩුව මෙම යෝජනාව ප්‍රතික්ෂේප කළ බව පෙන්වීමට උත්සාහ දැරුවද මෙම සැසියේදී මෙම යෝජනාව සම්බන්ධයෙන් ඡන්දයක් ඉල්ලා සිටීම පවා ආණ්ඩුව විසින් මගහැරිය බවත්, ඒ මහතා පෙන්වා දෙයි.
ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා සහ විජිත හේරත් අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන් එකඟතාවයෙන් මෙහිදී මනෝවිද්‍යාත්මක උපක්‍රමයක් ක්‍රියාත්මක කර ඇති බවත්, එකඟ නොවන බව පෙන්වා ඊට විරෝධයක් නොපෙන්වා මෙම ක්‍රියාව සිදුකර ඇති බව ය.
අවසානයේ විජිත හේරත් මහතාගේ කතාවෙනුත්, නිත්‍ය නියෝජිතවරියගේ කතාවෙනුත් මහකොමසිරිස් වාර්තාවේ තිබූ බරපතළ ප්‍රධාන කොන්දේසි ඉටුකිරීමට එකඟ වන බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
එමෙන්ම සත්‍ය ප්‍රතිසන්ධාන සහ අභිචෝදක කාර්යාල පනත සම්මත වුණොත් රෝම ප්‍රඥප්තියට අත්සන් කරාට වඩා භයානක බවද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී කරුණු පැහැදිලි කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්