News Category
From Date
To Date
Maximum Number of Result

USAID හි අභාවය: ලතින් ඇමරිකාවේ පොඩි කනගාටුවක්?

Oct 14, 2025 at 09:56 AM
|

ලතින් ඇමරිකාවට ආධාර කපා හැරීමේ ට්‍රප්ගේ සැලසුම් ගැන පැවසූ විට, කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ මෙසේ කීවේය.

" ඔබේ මුදල් ඔබ සමඟම රැගෙන යන්න, ඒවා වස! "

USAID (ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය) ලතින් ඇමරිකාවේ වාර්ෂිකව ඩොලර් බිලියන 2 ක් පමණ වියදම් කරන අතර, එය එහි ගෝලීය අයවැයෙන් 5% ක් පමණි. තාවකාලිකව වසා දැමූ එම ආයතනයේ අනාගතය අඳුරු බවක් පෙනෙන්නට ඇති අතර, එහි මුදල් කපා හැරීම සම්බන්ධ ප්‍රතිචාර පුළුල් පරාසයක පවතී. නමුත් පෙට්‍රෝගේ තරම් ප්‍රතිචාර ශක්තිමත් වූයේ ස්වල්ප දෙනෙකුගේ පමණි. බොහෝ දෙනෙක් මෙම පියවර හෙළා දුටුවෝය. නිදසුනක් වශයෙන්, වොෂින්ටනයේ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ උත්සාහයන් සඳහා නිරන්තරව ආවරණයක් සපයන ප්‍රමුඛ පෙළේ "ලිබරල්" චින්තන කණ්ඩායමක් වන " ලතින් ඇමරිකාව පිළිබඳ වොෂින්ටන් කාර්යාලය' (the Washington Office on Latin America WOLA). එය ට්‍රම්ප්ගේ "ඇමරිකාවේ අවසාන ප්‍රතිපත්තිය ලෙස හැඳින්වීය.

ලෝක ආධිපත්‍යයේ ආයතනයක් ලෙස, වියට්නාමයේ බිම් බෝම්බ ඉවත් කිරීම (තම එක්සත් ජනපද වැරදි ක්‍රියාවල නිෂ්පාදනයක් වන) වැනි කටයුතු වලදී USAID යම් යහපතක් කළද, එහි මූලික කාර්යභාරය එක්සත් ජනපද ලෝක ආධිපත්‍යය ප්‍රක්ෂේපණය කිරීම සමඟ සමපාත වේ.

අපේක්ෂිත ලෙසම, ආයතනික මාධ්‍ය බොහෝ දුරට USAID ගලවා ගැනීමට පැමිණ තිබේ. ඔවුන් ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වන්නේ සමහර රටවලට එහි අලාභයන් නරක ලෙස බලපානු ඇතැයි යන හැඟීම ඇති කිරීමට උත්සාහ කිරීමටය. ඇත්ත වශයෙන්ම, USAID යනු අධිරාජ්‍යවාදී මෙවලම් කට්ටලයේ කොටසක් බව ඒ මාධ්‍ය තේරුම් ගෙන තිබේ.

Los Angles Times සහ Bloomberg යන දෙකම පෙන්වා දුන්නේ USAID වසා දැමීම චීනයට "දොර විවෘත කරන" බවයි. The Associated Press විස්තර කළේ ආධාර ඉවත් කිරීම ලතින් ඇමරිකානු කලාපයට " දැවැන්ත පසුබෑමක්" ලෙසයි; BBC මෙම හැඟීම් ප්‍රතිරාවය කළේය. The New York Times සහ අනෙකුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පෙන්වා දෙන්නේ එහි වැඩ සටහන් බොහොමයක්, ලතින් ඇමරිකාවෙන් පිටතට සංක්‍රමණය වීම වැළැක්වීමට උපකාරී වන බවට ඇති උත්ප්‍රාසයයි. එය ට්‍රප්ගේ න්‍යාය පත්‍රයේ ඉහළින්ම ඇති ගැටලුවකි.

මානුෂීය ආධාර ආයුධ කරණය

මෙම මාධ්‍ය, ඒක පාර්ශ්වික චිත්‍රයක් ලබා දීම පුදුමයට කරුණක් නොවේ. ඇත්ත වශයෙන්ම. USAID හි කාර්යයේ එක් අංගයක් මානුෂීය බව සත්‍යයකි. නමුත්, ජෙෆ්රි සැක්ස් පැහැදිලි කළ පරිදි, " සත්‍ය සහ හදිසි, මානුෂීය ආධාර " යනු විශාල " මෘදු බල ' උපාය මාර්ගයක ("soft power" strategy) එක් අංගයක් පමණි. ආරම්භයේ සිටම, USAID හි මෙහෙයුමෙහි මානුෂීයත්වයට වඩා වැඩි දෙයක් විණි.

1961 දී ජනාධිපති ජෝන් කෙනඩි USAID නිර්මාණය කිරීමෙන් වසරකට පසු, ඔහු එහි අධ්‍යක්ෂවරුන්ට පැවසුවේ " නිදහසට ප්‍රහාරයක් එල්ල විය හැකි බොහෝ ප්‍රදේශ වලට ඇමරිකානු හමුදා යැවීමට අපට අවශ්‍ය නැති නිසා, අපි ඔබව යවමු" යනුවෙනි.

ජෙෆ්රි සැක්ස්ට අනුව, මෙම සංවිධානය "එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ මෙවලමකි. සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වු ආයතනයකි. 2020 දී විනාශකාරි කුණාටු දෙකකින් පීඩාවට පත් වූ නිකරගුවාව හැර, The New York Times විසින් උපුටා දක්වන ලද මධ්‍යම ඇමරිකාවේ සුළි කුණාටු හානි සීමා කිරීමේ වැඩසටහනේදී මෙන් එය ප්‍රධාන වශයෙන් එක්සත් ජනපද සහචරයින්ට ප්‍රතිලාභ ලබා දී ඇත. නිකරගුවාව එක්සත් ජනපද සහචරයෙකු නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

ගෝලීය වශයෙන් USAID සියලුම මානුෂීය ආධාර වලින් 42% ක් පමණ සපයන නමුත්, Quixote Center වාර්තා කරන්නේ බොහෝ අරමුදල් වැය වන්නේ දේශීය වෙළෙඳ පොළට උදව් කිරීමට සහ දේශීය සැපයුම්කරුවන් දිරිමත් කිරීමට වඩා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරන ආහාර සැපයුම් ලබා දීමට හෝ එක්සත් ජනපද කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට බවයි. Quixote Center තර්ක කරන්නේ "USAID සමාලෝචනයක් අවශ්‍ය " බවයි. නමුත් එය ට්‍රම්ප්ගේ හෝ එලොන් මස්ක්ගේ හෝ සිතේ ඇති ආකාරයේ සමාලෝචනයක් නොවේ.

සහනාධාර සහිත එක්සත් ජනපද ආහාර නිෂ්පාදන වලින් කෙටිකාලීනව කුසගින්න සමනය කළ හැකි වුවද, දිගු කාලීන බලපෑම යැපීම (dependency) ඇති කිරීම වන්නේය. එය එවැනි ආධාර වල පළමු අරමුණයි. කෙටියෙන් කිව හොත්, එක්සත් ජනපදය ගෝලීය වශයෙන් ස්වාධීනත්වය ප්‍රවර්ධනය නොකරන නමුත් සදාකාලික යැපුම් සබඳතා වලට රටවල් ඇද දැමීමට උත්සාහ කරයි.

පාලන තන්ත්‍රය වෙනස් කිරීම

ජෙෆ්රි සැක්ස් විසින් හඳුනාගෙන ඇති තුන්වන සහ වඩාත්ම මතභේදාත්මක අංගය නම්, USAID "ගැඹුරු රාජ්‍ය ආයතනයක්" ("deep state institution") බවට පත්ව ඇති අතර, එය පැහැදිලිවම පාලන තන්ත්‍ර වෙනස් කිරීම ප්‍රවර්ධනය කරයි. එය එක්සත් ජනපද අවශ්‍යතා වලට සේවය කිරීමට අපොහොසත් වන ආණ්ඩු අතුගා දැමීම අරමුණු කරගත් ඊනියා " වර්ණ විප්ලව" ("color revolutions") හෝ කුමන්ත්‍රණ හෝ දිරිමත් කරන බව ඔහු සඳහන් කරයි.

රාජ්‍ය දෙපාර්තමේන්තුව සමහර විට මේ පිළිබඳව තරමක් විවෘත ය. 2022 ජූලි මාසයේදී එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් නිකරගුවාවේ තානාපතිවරයෙකුගෙන් ප්‍රශ්න කළ විට, ඔහු පැහැදිලි කළේ නිකරගුවාවේ රජයට විරුද්ධ වන රට තුළ සහ ඉන් පිටත USAID සහාය දක්වන කණ්ඩායම් සමඟ තමා කටයුතු කරන බවයි. නිකරගුවාව ඔහුගේ පත්වීම පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම පුදුමයක් නොවේ. එතැන් සිට ප්‍රගතිශීලී රජය පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ අරමුදල් ලබා ගන්නා කණ්ඩායම් වසා දමා ඇත.

ලතින් ඇමරිකාවේ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ එක්සත් ජනපද උත්සාහයන්ගේ ඉතිහාසය දිගු එකක් වන අතර, ඉන් වැඩි ප්‍රමාණයක් CIA හි රහසිගත මෙහෙයුම්වලට ආරෝපණය කර ඇත. නමුත් 1990 සිට, USAID සහ National Endowment for Democracy වැනි සහයෝගිතා ආයතන විශාල කාර්යභාරයක් ඉටු කිරීමට පැමිණ තිබේ. උදාහරණයක් ලෙස, ඔවුන් 1990 සිට කියුබානු විප්ලවය අඩපණ කිරීමට උත්සාහ කිරීම සඳහා අවම වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 300 ක් වියදම් කර ඇත.

කියුබාවේ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ උත්සාහයන් අතරට Creative Associates International (CREA) නමින් හැඳින් වෙන විශාල සංවිධානයක් සම්බන්ධ වූ අතර, පසුව Alan MacLeod විසින් ලතින් ඇමරිකාව පුරා එක හා සමාන USAID වැඩසටහන් මෙහෙයවන බව පෙන්වා දෙන ලදී. වර්තමානයේ, CREA හොන්ඩුරාස් හි සේවය කරන අතර, එහි ප්‍රගතිශීලී රජය එක්සත් ජනපද රජයෙන් සැලකිය යුතු පීඩනයකට ලක්ව ඇත. එහෙත් CREA යනු 2024 දී ඇමරිකානු ඩොලර් මිලියන 32 සිට ඇමරිකානු ඩොලර් බිලියන 1.56 දක්වා විශාල මුදලක් උපයා ගත් කොන්ත්‍රාත්කරුවන් 25 දෙනාගෙන් එක් අයෙකු පමණි.

සංස්කෘතික යුද්ධ

USAID හි පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ කටයුතු සැබෑ න්‍යාය පත්‍රය වන අතර, මෙහිදී බොහෝ විට රාජ්‍ය විරෝධී හෝ එක්සත් ජනපද ගැති ආකල්ප ඇති කිරීමට දේශපාලනික නොවන සංස්කෘතික, කලාත්මක, ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් හෝ අධ්‍යාපනික රාජ්‍ය නොවන සංවිධාන පෝෂණය කරයි. මේ සඳහා උදාහරණ කොතෙකුත් තිබේ.

කියුබාවේ, USAID හිප්- හොප් දර්ශනයට රිංගා, ට්විටර් හි දේශීය අනුවාදයක් නිර්මාණය කිරීමට උත්සාහ කළ අතර, ඔවුන් සිරගත කිරීමේ අවදානමක් ඇති වූ නිසා, විශේෂයෙන් අකාර්යක්ෂම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කොස්ටාරිකාව, පේරු සහ වෙනිසියුලාවෙන් තරුණයින් බඳවා ගත්තේය.

වෙනිසියුලාවේ. 2002 දී ජනාධිපති හියුගෝ චාවේස්ට එරෙහිව අසාර්ථක වූ එක්සත් ජනපද පිටුබලය ලත් කුමන්ත්‍රණ උත්සාහයෙන් පසුව USAID වැඩ ආරම්භ කළේය. 2007 වන විට, එය කණ්ඩායම් 360 කට සහාය දක්වමින් සිටි අතර, ඉන් සමහරක් විභව "ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් ප්‍රසිද්ධියේ පුහුණු කරන ලදී. මෑතකදී ග්‍රැමී සම්මානයක් දිනාගත් වෙනිසියුලානු රොක් සංගීත කණ්ඩායම වන Rawayana. ඔවුන්ගේ ප්‍රසිද්ධ පෙනී සිටීම් වලදී වෙනිසියුලා පාලනයට විරුද්ධ එක්සත් ජනපදයට පක්ෂපාතී පණිවිඩ ප්‍රකාශ කිරීම සඳහා USAID විසින් අරමුදල් සපයනු ලැබේ.

2007 දී සැන්ඩිනිස්ටා රජය නැවත බලයට පත්වීමෙන් පසු, නිකරගුවාවේ. තරුණයින් 5,000 ක් දක්වා ළඟා වන පුහුණු වැඩසටහන් USAID විසින් ආරම්භ කරන ලදී. පසුව, ඒ පුහුණුව ලැබූ බොහෝ දෙනෙක් 2018 දී කුමන්ත්‍රණ උත්සාහයකට සම්බන්ධ වූහ.

මානව හිමිකම් සහ මාධ්‍ය සංවිධාන

තවත් උපක්‍රමයක් වන්නේ එක්සත් ජනපද සතුරන් ලෙස සැලකෙන දේශපාලන නායකයින් අඩපණ කිරීමයි. 2004 දී, USAID " ප්‍රාදේශීය ආණ්ඩු ශක්තිමත් කිරීමේ" සහ ප්‍රගතිශීලී ජාතික රජය දුර්වල කිරීමේ අරමුණින් බොලිවියානු සංවිධාන 379 කට අරමුදල් සැපයීය.

2007 දී "විමධ්‍යගත කරණය ' පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රාදේශීය නගරාධිපතිවරුන් 50 දෙනෙකු සමඟ සමුළුවක් පැවැත්වීම සහ ජනාධිපති චාවේස්ට සහ ඔහුගෙන් පසුව ජනාධිපති නිකොලස් මධුරෝට එරෙහිව " ජනප්‍රිය ජාල * නිර්මාණය කිරීම ඇතුළුව වෙනිසියුලාවේ ද ඒ හා සමාන කාර්යයක් කළේය. Juan Guaidó ගේ ස්වයං ප්‍රකාශිත "අන්තර් කාලීන ජනාධිපති ධුරයට ” සහාය දැක්වීම සඳහා USAID ඩොලර් මිලියන 116 ක් පවා වියදම් කළේය.

ඒ හා සමානව, නිකරගුවාව එහි 2021 මැතිවරණයේ විශ්වසනීයත්වයට පහර දීමට අදහස් කරන ලද USAID වැඩසටහනක මාතෘකාව විය. එලෙසම. හොන්ඩුරාස් හි Xiomara Castro තේරී පත්වීමෙන් පසු. USAID විසින් "රජය වග වීමට " ප්‍රජාතන්ත්‍රවාදී පාලන වැඩසටහනක් ස්ථාපිත කළේය.

තමන්ට අනුකුල "මානව හිමිකම්" සංවිධාන නිර්මාණය කිරීම හෝ පවත්වාගෙන යාම ද USAID හි කාර්යයේ ප්‍රධාන අංගයකි. කොලොම්බියාවේ සෑම වසරකම වැය කරන ඩොලර් මිලියන 400 න් අඩක් එවැනි ආයතන සඳහා ය. USAID වාර්ෂිකව ඩොලර් මිලියන 200 ක් වැය කරන වෙනිසියුලාවේ, කොටසක් Provea වැනි විපක්ෂය කේන්ද්‍ර කරගත් 'මානව හිමිකම්" කණ්ඩායම් සඳහා ය. USAID නිකරගුවාවේ විපක්ෂය කේන්ද්‍ර කරගත් "මානව හිමිකම්" කණ්ඩායම් තුනටම අරමුදල් සැපයුවේ ඒවා වසා දැමීමට පෙර වන අතර, දැන් කොස්ටාරිකාවේ පිටුවහල් කිරීමේදී ඔවුන්ට සහාය දක්වයි.

අවසාන වශයෙන්, USAID විපක්ෂ මාධ්‍ය නිර්මාණය කරන්නේ හෝ පවත්වා ගෙන යන්නේ. ජෙෆ්රි සැක්ස් පැවසූ පරිදි, රජයක් පෙරලා දැමීමට ඉලක්ක කරන විට " ඉල්ලුම මත පැන නගින " බව පෙන්වමිනි. දේශ සීමා නොමැති වාර්තා කරුවන්" (එහි ප්‍රංශ මුලකුරු වලින් ගත් විට RSF) වාර්තා කළේ " ට්‍රප්ගේ විදේශ ආධාර ඒක රාශී කරගැනීම ලොව පුරා පුවත්පත් කලාව අවුල් ජාලයකට ඇද දමයි.” යනුවෙනි. USAID මාධ්‍ය ආයතන 707 ක් හරහා මාධ්‍යවේදීන් 6,200 කට වැඩි පිරිසකට අරමුදල් සපයන බව හෙළි විය. 2018 නිකරගුවාවේ කුමන්ත්‍රණ උත්සාහයට පෙර, USAID ප්‍රධාන විපක්ෂ මාධ්‍ය ආයතන සියල්ලටම සහාය දක්වමින් සිටියේය.

ස්වාධීන පුවත්පත් කලාවට " සහාය දැක්වීමට අදහස් කරන අතරේ. RSF සඳහා අරමුදල් සපයනු ලබන්නේ දැඩි ලෙසම උදාසීන බව පෙන්වන පාර්ශ්ව වන National Endowment for Democracy (NED), ජෝර්ජ් සොරෝස්ගේ Open Society Foundations සහ යුරෝපීය සංගමය විසිනි.

පොඩි කනගාටුවක් (?)

ඇමරිකා එක්සත් ජනපදය විසින් පීඩා කරනු ලැබූ ආණ්ඩු අතර ලතින් ඇමරිකාවේ USAID හි අභාවය පිළිබඳව සුළු කනගාටුවක් තිබිය හැක්කේ මේ නිසා ය. ඇත්ත වශයෙන්ම, වෙනිසියුලාවේ සහ නිකරගුවාවේ විපක්ෂ කණ්ඩායම් ඔවුන්ගේ අරමුදල් කප්පාදු කිරීමෙන් පසු "අර්බුදයක " සිටින බව පිළිගනී.

ට්‍රප්ගේ සගයා වන ජනාධිපති නයිබ් බුකෙල් පවා USAID ගැන සැක පහළ කරයි. "සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සඳහා සහාය දැක්වීම ලෙස අලෙවි කරන අතර, මෙම අරමුදල් වලින් බහුතරය විපක්ෂ කණ්ඩායම්, දේශපාලන න්‍යාය පත්‍ර සහ අස්ථාවර කිරීමේ ව්‍යාපාර සහිත රාජ්‍ය නොවන සංවිධාන වෙත යොමු කෙරේ."

USAID ඊනියා මානුෂීය ආධාර ආයුධයක් ලෙස භාවිත කර ඇති බවට සාක්ෂි අවිවාදිත ය. එහෙත්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් Marco Rubio ට අනුව, පාලන තන්ත්‍ර වෙනසක් සඳහා වොෂින්ටනය ඉලක්ක කර ඇත්තේ ලතින් ඇමරිකානු රටවල් - නිකරගුවාව, කියුබාව සහ වෙනිසියුලාව -"මනුෂ්‍යත්වයේ සතුරන්" ලෙස දක්වමිනි. ඊට ප්‍රතිචාර වශයෙන් වෙනිසියුලානු විදේශ අමාත්‍ය Yvan Gil ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, "මනුෂ්‍යත්වයේ එකම සතුරන් වන්නේ, ඔවුන්ගේ යුද යන්ත්‍රෝපකරණ සහ අනිසි යෙදවීම සමඟින්. දශක ගණනාවක් තිස්සේ ලෝකයෙන් භාගයක අවුල් සහගත හා දුක්‍ඛිතභාවය වැපිරූ අය * බවයි.

කණගාටුවට කරුණක් නම්, USAID මෙම අනිසි යෙදවීම්වලට විරුද්ධ වීමට වඩා ඒවාට දායක වී ඇත. USAID හි තාවකාලිකව වසා දමා තිබෙන නමුත්, අධිරාජ්‍යයේ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම වෙනත් සහ සමහර විට අප්‍රකට ආකාර වලින් නිසැකවම අඛණ්ඩව පවතිනු ඇත.

Roger D. Harris සහ John Perry විසින් Counter Punch වෙබ් අඩවියට ලියන ලද The Demise of USAID: Few Regrets in Latin America ලිපිය ඇසුරෙනි.

- ප්‍රභාත් චින්තක මීගොඩගේ

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.