News Category
From Date
To Date
Maximum Number of Result

එදා විජිතයි අද ඉන්න විජිතයි අතර වෙනස තේරුම්ගන්න ඕනෑ.. - චන්ද්‍රසේන සී. විජේසිංහ

Oct 12, 2025 at 06:43 AM
|

මාලිමා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ වත්කම් - බැරකම් ප්‍රකාශ එළිදැක්වීමත් සමග ජවිපෙ පූර්ණකාලීනයන් සම්බන්ධයෙන් කතිකාවක් නිර්මාණය වී තිබේ.

චන්ද්‍රසේන සී. විජේසිංහ යනු ජවිපෙ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකි. එමෙන්ම සන්ධාන ආණ්ඩුවෙන් ජවිපෙට හිමිවුණ අමාත්‍ය ධුර හතරෙන් ධීවර අමාත්‍යවරයා ලෙස ජවිපෙ තේරීම වූයේ ඔහුය. මේ ඔහු සමග ජවිපෙ පූර්ණකාලීනයා ගැන කෙරුණු කතාබහකි. 

⭕|• ජවිපෙ දේශපාලන සංස්කෘතියෙහි “පූර්ණ කාලීන සාමාජිකයාට” විශේෂත්වයක් තියෙනවා. ඔබ කොහොමද ඒ විශේෂත්වය විග්‍රහ කරන්නේ ? 

පිළිතුර - පූර්ණකාලීන සාමාජිකයා කියන්නේ පක්‍ෂයේ අරමුණු වෙනුවෙන් තමන්ගේ සමස්ත ජීවිතය, කාලය කැප කරපු ක්‍රියාධර්යාටයි. රෝහණ වීජේවීර සහෝදරයා මේ ආදර්ශනය ගත්තේ බෞද්ධ සංස්කෘතියෙන්.

සසුන්ගතවෙන පුද්ගලයා ඔහුගේ සමස්ත භාවිතාව දෙන්නේ ඒ ශාසනික අරමුණ වෙනුවෙන්. ඒ ආදර්ශය තමයි පක්‍ෂයේ පූර්ණකාලීනයාට ගළපන්නේ. සසුන්ගත වෙන පුද්ගලයාගේ අයිතිය එතැන් සිට දෙමාපියන්ට නෑ.

බෞද්ධ සමාජයටයි ඔහුගේ අයිතිය තියෙන්නේ. ඒ වගේම ඔහුට පෞද්ගලික අරමුණු නෑ. තමන්ට පැවරුණු ශාසනික වගකීම වෙනුවෙන් තමයි ඔහු කැප වෙන්නේ. 

⭕|• ජවිපෙ පූර්ණකාලීනව යැපෙන්නේ සාමාජිකයන්ගේ උදව්වෙන්? 

පිළිතුර - ඔව්. ජනතාවගෙන් තමයි යැපෙන්නේ. ඒ නිසාම ඔහුට ඉතාම සරල ජීවිතයක් තියෙන්නේ. පුද්ගලික අරමුණක් සහිතව කිසිවක් පූර්ණකාලීනයා අතින් සිදුවෙන්න බෑ. ඔහුගේ ජීවිතයේ පැය විසිහතරම ඔහු කැප කරන්නේ පක්‍ෂයේ අරමුණ වෙනුවෙන්. ඔහු දකින හීනය තුළත් තියෙන්නේ පක්‍ෂයේ අරමුණු. ඔහුට පෞද්ගලික ජීවිතයක් තියෙන්න බෑ. 

⭕|• මගේ ප්‍රශ්නය වුණේ ඔහුගේ යැපීම සිද්ධ වෙන්නේ කොහොමද කියලයි? 

පිළිතුර - ඔහුගේ යැපීම සිද්ධ වෙන්නේ අර මම මුලින් කියපු විදියට භික්‍ෂුවක් විදියට තමයි. මම ඔබට පෞද්ගලික අත්දැකීමක් කියන්නම්. මම පක්‍ෂයේ පූර්ණකාලීනයෙක් වෙන්නේ 1977න් පස්සේ. 1977 මහ මැතිවරණයේ දී අපි ආසන හතරක් තරග කරනකොට, මගේ ආසනය වුණේ මාතර – හක්මන ආසනය. අපි ඒ මැතිවරණයේ දී ස්වාධීනව තරග වැදුණා සීනුව ලකුණින්. එතැනින් තමයි මගේ දේශපාලන ජීවිතය ආරම්භ වෙන්නේ. රෝහණ සහෝදරයා එළියට ආවටත් පස්සේ කළ මූලික ඉල්ලීම තමයි... මොකද ඒ වෙනකොට පක්‍ෂයෙහි පූර්ණකාලීනයන් හතළිහක්වත් හිටියේ නෑ. ඒ පසුබිම අනුව තමයි රෝහණ සහෝදරයා පූර්ණකාලීනව පක්‍ෂයේ වැඩ කරන්න කියලා අපෙන් ඉල්ලන්නේ. අපි අපේ අධ්‍යාපනය පැත්තකින් තියලා “ෆුල්ටයිමර්” කෙනෙක් වෙනවා. මම පක්‍ෂයේ දිස්ත්‍රික් නායකයෙක් විදියට වැඩ කරද්දී දෙපාරක්ම මහ පාරේ ක්ලාන්තය හැදිලා වැටෙනවා. 

⭕|• බඩගින්නට ද? 

පිළිතුර - ඔව්. එක් අවස්ථාවක 1987 දී විතර සෙවණගල ඇළ බන්ට් එකේදී මට ක්ලාන්ත ගතිය දැනෙනවා. මම ෆුට් සයිකල් එක නවත්වලා බිම වැතිරුණා. ටික වේලාවක් ගියාට පස්සේ එතැන හන්දියේ කඩයක් තියෙනවා. ඒ කඩයට ගිහින් තේ එකක් බීලා තමයි මම මගේ ගමන යන්නේ. 1988 දී තලවකැලේ බස් නැවතුමේ මම කලන්තෙ දාලා වැටෙනවා. මේ අවස්ථා දෙකේදීම මම දිස්ත්‍රික් නායකයෙක්. පක්‍ෂයේ සල්ලි මගේ අතේ තියෙනවා. නමුත් ඒ මුදල් පෞද්ගලිකව පාවිච්චි කරන්න අපට අයිතියක් නෑ. තලවකැලේ බස් නැවතුමේ දී මම කලන්තේ දාලා වැටුණම ඒ අවට හිටපු දෙමළ ජනතාව මට වතුර ඉහළා සිහිය අරන් තිබුණේ. අපේ සගයකුගේ ගෙදරකට ගිහින් තමයි ප්ලේන්ටියක් හරි බොන්නේ. එහෙම නැතිව පක්‍ෂයේ මුදල් අවභාවිත කරන සංස්කෘතියක් පක්‍ෂ ඉතිහාසයේ තිබුණේ නෑ. 

⭕|• පූර්ණකාලීන අතට එන මුදල් ඔයතරම්ම අවංකව පරිහරණය කරනවා කියන එක සනාථ කරගන්නේ කොහොම ද? 

පිළිතුර - අපි සාකච්ඡාවකට වෙන්න පුළුවන් වෙනත් දේශපාලන කටයුත්තකට වෙන්න පුළුවන්. එහෙම ගියාට පස්සේ අපි කවුද කියන එක අපේ හිතවත්තු දන්නවා. අපි කන්නෙ බොන්නේ කොහොමද. ඊළඟ කටයුත්තට අපි යන්නේ කොහොමද කියලා ඔවුන් දන්නවා. ඒ දැනුවත් භාවයෙන් තමයි ඔවුන් අපට සලකන්නේ. මම පෞද්ගලික උදාහරණයක් කියන්නම්. මම ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ දේශපාලනය කරපු අවස්ථාවක උදේ හයට විතර අපේ ගෙදරට ආපු ව්‍යාපාරිකයෙක් මගේ අතට රුපියල් ලක්‍ෂ 2ක් ගෙනත් දුන්නා. ඒ වෙලාවේ ගෙදර හිටියේ මමයි බිරිඳයි, කිරි දරුවයි විතරයි. මම ගෙදරින් පිටවෙන්න කලින් තමයි ඔහු උදෙන්ම ඇවිත් මෙහෙම සල්ලි දෙන්නේ. ඒ සල්ලි කිසිම අපහසුවකින් තොරව මගේ පෞද්ගලික කටයුත්තකට යොදා ගන්න තිබුණා. නමුත් අපි එහෙම කළේ නෑ. ඊයේ, පෙරේදා පක්‍ෂයේ පූර්ණ කාලීනයන් යැයි කියාගන්නා පුද්ගලයන්ගේ වත්කම්, බැරකම් සාකච්ඡාව එළියට එනකොට අපිත් එක්ක වැඩ කරපු පැරැණි සගයෙක් කෝල් කරලා ඔය කතාව මට මතක් කළා. “අයියෙ ඔයාලා වැඩ කළේ එහෙමයි. වර්තමානයේ ඉන්න අය වැඩ කරන්නේ මෙහෙමයි” කියලත් ඒ සහෝදරයා කිව්වා. අපි පක්‍ෂයේ මුල්ම රුපියල් ලක්‍ෂයේ අරමුදල හදන්න මුල් වෙච්ච කෙනෙක් මම. එතකොට මම හිටියේ මාතර දිස්ත්‍රික්කයේ. අපි ගෙන්ගෙට ගිහිල්ලා ශත පහ, ශත දහය එකතු කරලා තමයි ඒ අරමුදල හදන්න මුල් වුණේ. ඒ යන ගමනෙදි කොතැනක හරි ගෙදරකින් කුරුම්බා ගෙඩියක් තැඹිලි ගෙඩියක් දුන්නොත් මිස කහට කෝප්පයක් දුන්නොත් හැර ඒ සල්ලිවලින් කහට කෝප්පයක්වත් අපි බිව්වේ නෑ. ඒ මුදල් දෙවියන්ගේ හාල් වගේ කිසිම කෙනෙක් පෞද්ගලිකව පාවිච්චි කරන්න පෙලඹුණේ නෑ. ඒක එදා තිබුණ සංස්කෘතිය. 

⭕|• ඔබ කියන්නේ අද එහෙම නෑ කියල ද? 

පිළිතුර - අනිවාර්යයෙන්ම අපි දේශපාලනය වචනවලින් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. හැබැයි දේශපාලනය එහෙම ඉගැන්නුවට පූර්ණකාලීනයගේ කැපවීමේ භාවිතාව උගන්වන්න වෙන්නේ නායකයන්ගේ භාවිතාවෙන්. නායකත්වයේ ආදර්ශයෙන් මිස වචනවලින් ඒක උගන්වන්න බෑ. නායකත්වයෙන් ආදර්ශයක් නැති වුණාට පස්සේ නායකත්වය වැරැදි ආදර්ශ දුන්නට පස්සේ දේශපාලන ව්‍යාපාරයම ජරාජීර්ණ වෙනවා. වර්තමානයේ තියෙන තත්ත්වයට නායකත්වය අනිවාර්යයෙන්ම වග කියන්නම ඕනෑ. 

⭕|• පූර්ණකාලීනයාට පක්‍ෂයෙන් වැටුපක්, දීමනාවක් දෙනවා? 

පිළිතුර - ඉතිහාසය පුරා එහෙම දීමනාවක් ගැන සාකච්ඡාවක් නෑ. එහෙම අවශ්‍යතාවක්වත් නෑ. මොකද ඔහුට පෞද්ගලික ජීවිතයක් නැත්නම්... පක්‍ෂය වෙනුවෙන් ජීවිතය කැප කරපු මිනිසුන්නේ මේ. කමල, බන්ධුල ලී ඉරන කියත් වලින් කෑලි- කෑලිවලට කපලා මරලා දානකොට ඔහු කිසිදු පාවාදීමක් කරන්නේ නැතිව පක්‍ෂය ආරක්‍ෂා කරලා “ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා” කියලා ජීවිතය පූජා කරනවා. මාතර සුසිල් වික්‍රම ජීවිතය පූජා කරන්නේ එහෙම. මේ අය වීරයන් හැටියට ඉතිහාසගත වුණේ එහෙම. බද්දේගම කමල බන්ධු හරි සුසිල් වික්‍රම හරි කියන්නේ පක්‍ෂයේ නායකයා නොවෙයිනේ. නමුත් ඇත්ත අව්‍යාජ පූර්ණකාලීනයන් හැටියට ඔවුන් මැරුණේ එහෙම. තල්පාවිල ධර්මෙ සහෝදරයා මරලා දානවා. නමුත් පක්‍ෂයට කිසිම හානියක් කරලා නෙවෙයි ඔහු මැරෙන්නේ. ඔහුගේ ජීවිතයේ එකම අරමුණ පක්‍ෂය ආරක්‍ෂා කිරීම හා පක්‍ෂයේ අරමුණ ජයග්‍රහණය කරවීමයි. ඒ නිසා මේක ඇතුළේ වැටුපක්, දීමනාවක් දෙන්න අවශ්‍ය නෑ. වැටුප් ගන්න දේශපාලනයක් ජවිපෙට තිබුණේ නෑ. 

⭕|• පූර්ණකාලීනයගේ බිරිඳට දරුවන්ට සලකන්න බැරිවීම ඔවුන්ට කරන අසාධාරණයක්? 

පිළිතුර - මම ඒක ඒ විදියට දකින්නේ නෑ. මම පුංචි උදාහරණයක් කියන්නම්. මට ඉන්නේ දූලා දෙන්නෙකුයි, පුතෙකුයි. මගේ ලොකු දුව හම්බවෙනකොට මම දේශපාලන මණ්ඩල රැස්වීමේ හිටියේ. මට ආරංචිය ආවම නිහාල් ගලප්පත්ති සහෝදරයගේ වාහනයෙන් තමයි මම ගෙදර ආවේ. ඒ එනකොටත් පක්‍ෂයේ සහෝදරවරු ඇවිත් දරුවට අවශ්‍ය සියල්ල අරන් දීලා. අපේ අවශ්‍යතාවන් සපිරුණේ එහෙමයි. ඒ නිසා ඒක දරුවට කරන අගතියක් කියලා අපි හිතන්නේ නෑ. අපේ භාවිතය අනාගත පරපුරක් වෙනුවෙන් කරන භාවිතාවක්. 

⭕|• ඔබ 2004 සන්ධාන ආණ්ඩුවේ ධීවර ඇමති. ඒ ඇමති වරප්‍රසාද ඔබ කොහොම ද භුක්ති වින්දේ? 

පිළිතුර- ඒ ඇමතිකම්, මන්ත්‍රීකම් අපි ගන්නේ පක්‍ෂයටනේ. අපි මන්ත්‍රීවරු වුණේ පක්‍ෂයේ වුවමනාවට මිසක් අපේ වුවමනාවට නොවෙයිනේ. අපේ මුල්ම පළාත් සභා මැතිවරණය ආවට පස්සේ අපට තිබුණු ප්‍රශ්නය තමයි පළාත් සභාවට යවන්නේ කවුද කියන එක. විශ්වාස කරන්න පුළුවන් අය කවුද කියන එක. එතැනදී තමයි අපට යෝජනා කරන්නේ පළාත් සභාවට යන්න කියලා. අපි සංවිධායකවරුනේ. එහෙම නැතිව අපි වේදිකා උඩ දේශපාලනය කරපු අය නොවෙයි. බිම් මට්ටටම් සංවිධාන කටයුතු කරපු පූර්ණ කාලීනයා පළාත් සභා මන්ත්‍රීවරයෙක් කරලා යවන්නේ පක්‍ෂය විසින්. පාර්ලිමේන්තුවට යවන්නෙත් පක්‍ෂය විසින්. එහෙමනම් ඒකට ලැබෙන වැටුප දීමනා සියල්ල අපි පක්‍ෂයට පරිත්‍යාග කරනවා. අපේ මුල්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති සහෝදරයනේ. ඒ සහෝදරයගේ වැටුප මුලින්ම පරිත්‍යාග කරන්නේ පක්‍ෂයටත් නෙවෙයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්න තමයි ඒ මුදල දුන්නේ. ඊට පස්සේ තමයි පක්‍ෂය කරන සමාජ සේවා කටයුතු වෙනුවෙන් පක්‍ෂයේ අරමුදලට පරිත්‍යාග කරන්නේ. ඒක ස්වේච්ඡාවෙන් කරන පරිත්‍යාගයක්.

⭕|• සමහරු කියන්නේ මන්ත්‍රී වැටුප පක්‍ෂයට ගන්නේ බලහත්කාරයෙන් කියලයි. 

පිළිතුර - නෑ. මම මෙහෙම කියන්නම්. මම පක්‍ෂයෙන් එළියට එනකොට මා සතුව වාහන දෙකක් තිබුණා. ඒ වගේම මගේ වැටුප වැටෙන පාර්ලිමේන්තු ගිණුම තිබුණා. ඒ සියල්ල පක්‍ෂයට බාර දීලා කුලී ගෙයින් එළියට ඇවිත් හිස් අතින් ගෙදර ගියා. මම එළියට ආවට පස්සේ සහෝදරවරුන් කීප දෙනෙක්ම මාව හමුවෙලා කිව්වා බැංකු ගිණුමක් පටන් ගන්න. අපි මාසිකව මුදලක් දාන්නම් කියලා. මම එපා කිව්වා. මම දැන් ඉන්න ගේ අරන් දුන්නේ හිතවතෙක්. පක්‍ෂයෙන් ආවට පස්සේ මට ඒ ගෙදර ඉන්න අයිතියක් නෑ. ඒ නිසා ඒ ගේ මම බැංකුවට තියලා අර හිතවතාට සම්පූර්ණ මුදලම දුන්නා. අපි පක්‍ෂයෙන් ඉවත් වෙනකොටත් ගෞරවන්‍ීය විදියටම තමයි ඉවත් වුණේ. පක්‍ෂය යන ගමන අනුමත කරන්න බැරිවෙනකොට ඒකට අදාළ විවේචනය ඉදිරිපත් කරලා මම පක්‍ෂයෙන් එළියට බැස්සා. 

⭕|• ඔබ පක්‍ෂය වෙනුවෙන් හිරබත් කාපු කෙනෙක්? 

පිළිතුර - ඔව්. මමත් අත්අඩංගුවට පත්වෙනවා. ටිල්වින් සිල්වත් අත්අඩංගුවට පත් වෙනවා. අවුරුදු පහකට ආසන්න කාලයක් රැඳවුම් කඳවුරුවල වගේම මැගසින් බන්ධනාගාරයේ, බෝගම්බර බන්ධනාගාරයේ මම හිටියා. බූස්ස කඳවුරේ අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් හිටියා.

⭕|• හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඔබටත් විශ්‍රාම වැටුපක් හිමියි. ඔබ ඒක ගන්නව ද? පක්‍ෂයට දෙනව ද? 

පිළිතුර - පක්‍ෂයෙන් අයින් වුණාට පස්සේ ටිල්වින් සිල්වාට මම කිව්වා “මට මේ විශ්‍රාම වැටුප පක්‍ෂ කාර්යාලයට ඇවිත් බාර දෙන්න විදියක් නෑ. ඒ නිසා මට ගිණුම් අංකයක් දෙන්න” කියලා. නමුත් ඒක මට ලැබුණේ නෑ. පක්‍ෂය දෙකට කැඩෙන්න කලින් මම මේ ගැන පක්‍ෂයට පැහැදිලි කිරීමක් කළා. . ඒ වැරැදි භාවිතය අනුමත කරන්න බැරි නිසා මම මගේ විශ්‍රාම වැටුප ඔවුන්ට දුන්නේ නෑ. 

⭕|• ඔය ඔබ කියන පූර්ණකාලීනයගේ පෞරුෂය වැහැරුණේ කොහොම ද? 

පිළිතුර - නායකත්වයෙන් ආදර්ශනයක් නොවීම තමයි ප්‍රධානම හේතුව. දේශප්‍රේමී අරගලයේ දී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බිහිවුණා. ඒකේ හිටියෙ ජවිපෙ අය පමණක් නොවෙයි. ඒ නිසා පක්‍ෂය තනියෙන් වැඩ කරන කාලෙද වගේ පූර්ණකාලීනයා ඒ හැඩයෙන්ම නඩත්තු කරන්න බැරි වෙනවා. දැන් ඉන්න නායකයන් දකින්නේ ඒ විකෘතිය. ඔබ දන්නවා විජිත රණවීර සහෝදරය ගැන. ඔහු අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියටත් පත් වුණේ. ඔහු ඉතා හොඳ කෙනෙක්. ඔහුගේ විතාරන්දෙණියේ හේනගම වලව්ව පක්‍ෂයේ පාසල විදියටයි සැලකුවේ. ඔහු ජවිපෙ පරම්පරා තුනකට සෙවණ දුන්න නායකයෙක්. ඔහුගේ වලව්ව දැන් නඩත්තු කරගන්න විදියක් නැතිව ඉන්නේ. ඒ විජිතත් අද ඉන්න විජිතලත් අතර තියෙන වෙනස ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන්. 

සංවාදය - ප්‍රසන්න සංජීව තෙන්නකෝන් 

ලංකාදීප

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.