විදුලි බිල අඩු කිරීමට හැකියාව තිබියදී වැඩි කළොත් අධිකරණයට යනවා – විදුලි වෘත්තීය සමිති රජයට අනතුරු අඟවයි..
විදුලි බිල 10%කින් අඩු කිරීමට හැකියාව පවතිද්දී 6.8%කින් මිල ඉහළ දැමීමට කටයුතු කළහොත්, ඊට එරෙහිව, මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර අධිකරණ ක්‍රියාමාර්ග වෙතද පිවිසෙන බවට විදුලි වෘත්තීය සමිති රජයට අනතුරු අඟවයි.
මිල වැඩි කිරීමට අදාළව, විදුලි බලමණ්ඩලය විසින් පෙන්වා දී ඇති දත්ත වාර්තා අසත්‍ය බව, මහජන උපයෝගීතා කොමිසම විසින් පෙන්වා දී ඇතැයි ද, සමගි බලශක්ති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු, ආනන්ද පාලිත මහතා ඊයේ (10දා) සඳහන් කළේය.
පසුගිය මාස 03ක කාලයට පමණක්, විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 15ක ලාභයක් ලබා ඇති බැවින්, කිසිදු විගණනයකින් තොරව විදුලි පාරිභෝගිකයාට මිල වැඩි කිරීම මහජන මුදල් වංචාවකට අරඇඳීමක් බවද හෙතෙම සඳහන් කළේය.
“රජය මේ කරන්න යන්නේ විදේශිකයන්ගෙන් ලබාගෙන ඇති ණය ගෙවන්න රටේ ජනතාවගෙන් අසාධාරණ ලෙස මුදල් එකතු කිරීමක්. විදුලි බලමණ්ඩලයේ ඉන්ධන ණය, සමස්ත වාර්තා ගැන නිවැරදි විගණන තොරතුරු නැහැ. එවන් තත්ත්වයක් තුළ අනීතිකව විදුලි බිල වැඩි කිරීමට යන්න බැහැ.
පසුගිය ලාභාංශ අනුව අද 10%කින් විදුලි බිල අඩුවිය යුතුයි. 2023 සිට හතරවතාවක් විදුලි බිල වැඩි කර තිබෙනවා.
එසේ විදුලි බිල වැඩිකිරීමට ක්‍රියාකර ඇත්තේ වංචනික කාලගුණ වාර්තා අනුව එදා මෙයට විරුද්ධ වුණු පිරිස, අද ආණ්ඩුවේ පාලකයෝ. මේ අනීතික විදුලි බිල වැඩි කිරීම සිදු කළහොත් අපි අනිවාර්යයෙන්ම අධිකරණයට පිවිසෙනවා” යැයිද ආනන්ද පාලිත මහතා වැඩිදුරටත් පැවසීය.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි