ගම්මන්පිලගේ සටන පල දරයි.. කන්ටේනර් 323 ට වෙන්න යන දේ මෙන්න..
නීතිවිරෝධී ආකාරයට රේගුවෙන් කන්ටේනර් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් මාස කිහිපයකට පසු විමර්ශන ආරම්භ කිරීමට අල්ලස් කොමිසම කටයුතු කරමින් සිටින බව පිවිතුරු හෙළඋරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
රේගුවෙන් කන්ටේනර් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (09දා) අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ගම්මන්පිල මහතා මෙම අදහස් දැක්වීම සිදු කළේය.
වැඩිදුරටත් ගම්මන්පිල මහතා මෙසේද කීය.
"අද හරි නම් ජාතියක් හැටියට කිරිබත් කන්න ඕන දවසක්. නීතිවිරෝධී ආකාරයට රේගුවෙන් කන්ටේනර් 323ක් නිදහස් කර ඇති බවට මම පසුගිය ජුනි 02 වැනිදා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් දැම්මා. මාස කිහිපයක් ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට එම කොමිසම කටයුතු කරමින් ඉන්නවා. ඒ ගැන ප්‍රකාශයක් දෙන්නැයි කොමිසමට පැමිණියේ" යැයි ගම්මන්පිල මහතා කීය.
කන්ටේනර් 323ක් නීතිවිරෝධී ආකාරයට පිටකර ඇති ද යන්න සොයා බැලීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවක් මගින් නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව කටයුතු කළ අයට දඬුවම් කරන ලෙස ඉල්ලා ඇතත් එවක මාධ්‍ය ප්‍රකාශකවරයාව සිටි පුද්ගලයාට රේගුවේ ඉහළම පුටුව ලබාදී ඇති බවත් ගම්මන්පිල මහතා කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන