ඇතැම් පාසල් වසා දැමීමට සිදුවෙනවා - අගමැතිනි
මෙරට සිසුන් ප්‍රමාණය අඩු පාසල් වසා දැමීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිනි, අග්‍රාමාත්‍ය හරිනි අමසූරිය මහත්මිය විසින් වැදගත් අදහස් මාලාවක් පළ කර ඇත.
ඇය පෙන්වා දෙන්නේ කුඩා පාසල් වසා දැමීම සම්බන්ධයෙන් ‘කළු සුදු තීරණයක්’ ගෙන නැති බවයි.
මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ක්‍රියා පටිපාටියක් අනුගමනය කළ යුතු බව ඇය අවධාරණය කරයි.
ඒ අනුව, මේ තත්ත්වය ක්‍රමානුකූලව විසඳා ගැනීම සඳහා ළමයින් පාසල්වලට ඇතුළත් කිරීමේ ක්‍රියා පටිපාටිය නිවැරදිව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2025 වසරේ සිට මෙම ක්‍රියා පටිපාටිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට පටන් ගත් බවත්, ඒ අනුව කිසිවෙකුගේ හෝ ළමයින් ලිපි මාර්ගයෙන් ඇතුළත් කිරීම සිදු නොකළ බවත් ඇමතිනිය සඳහන් කළාය.
පාසල් සම්බන්ධ සැලැස්මක් සකස් කිරීමේදී, කලාපයේ ජනගහනයත් සහ සමාජාර්ථික තත්ත්වයනුත් පදනම් කරගත යුතු බව ඇය පෙන්වා දුන්නාය.
ඇය වැඩිදුරටත් කියා සිටියේ, කුඩා පාසල් සමහරක් තවදුරටත් පැවතිය හැකි වුවද, සමහර පාසල් ඒකාබද්ධ කිරීමට හැකියාව ඇති බවයි.
එබැවින්, සියලුම කුඩා පාසල් එකවර වසා දමන බවට වන මතය නිවැරදි නොවන බවත්, ඇතැම් පාසල් වසා දැමීමට සිදුවන බවත් ඇමතිනි හරිනි අමසූරිය මහත්මිය පැහැදිලි කර ඇත.
ඇය මෙම අදහස් පල කලේ අධ්‍්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්චාවකදීය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..