News Category
From Date
To Date
Maximum Number of Result

යුක්‍රේනය හෙවත් AI යුද විද්‍යාගාරය..

Oct 6, 2025 at 09:35 AM
|

2022 ජූනි 1 වැනි දින උදෑසන, දත්ත විශ්ලේෂණ සමාගමක් වන Palantir Technologies හි ප්‍රධාන විධායක නිලධාරී වන ඇලෙක්ස් කාර්ප්, සිය සගයන් පස් දෙනෙකු සමඟ පා ගමනින් පෝලන්තය සහ යුක්‍රේනය අතර දේශ සීමාව තරණය කළේය. අනෙක් පැත්තේ. තැලුණු Toyota Land Cruiser වාහන දෙකක් ඔවුන් එන තුරු බලා සිටියේය. සන්නද්ධ ආරක්ෂකයින් විසින් පැදවූ ඔවුන්ගේ වාහන දෙක බෝම්බ හෙලන ලද ගොඩනැගිලි, කාලතුවක්කු ප්‍රහාර වලින් හානි වූ පාලම්. පිළිස්සුණු ට්‍රක් රථවල නටබුන් පසු කරමින් හිස් අධිවේගී මාර්ග ඔස්සේ යුක්‍රේනයේ අගනුවර වූ කියෙව් දෙසට වේගයෙන් ගමන් කළේය.

ඔවුහු යුද සමයේ ඇඳිරි නීතියට පෙර අගනුවරට පැමිණියහ. ඊළඟ දවසේ, ඇලෙක්ස් කාර්ප් යුක්‍රේන ජනාධිපති මන්දිරයේ ආරක්ෂිත බංකරය තුළට කැඳවාගෙන යන ලද අතර, මාස තුනකට පෙර රුසියාවේ ආක්‍රමණයෙන් පසුව, යුක්‍රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි හමු වූ ප්‍රධාන බටහිර සමාගමක පළමු නායකයා බවට පත්විය. කෝපි පානය කිරීමෙන් පසුව, කාර්ප් සෙලෙන්ස්කිට පැවසුවේ කියෙව්හි සිය කාර්යාලයක් විවෘත කිරීමට සහ යුක්‍රේනයේ ආරක්ෂාවට සහාය වීම සඳහා Palantir Technologies හි දත්තසහ කෘත්‍රිම බුද්ධි මෘදුකාංග යෙදවීමට තමා සූදානම් බවයි. කාර්ප් විශ්වාසය පළ කළේ ඔවුන්ට "නූතන යුගයේ ගොලියත් පරාජය කිරීමට ඩේවිඩ්ට ඉඩ සලසන ආකාරයෙන්" එක්විය හැකි බවටය.

විසිතුරු සාකච්ඡා මේසය හරහා දැවැන්ත පොරොන්දු දෙන මේ මිනිසා ගැන යුක්‍රේනියානුවන් දැන සිටියේ නැත. නමුත් ඔවුන් එම සමාගමේ කීර්තිය ගැන හුරුපුරුදු වූ බව, එම පළමු රැස්වීමේ සිටි යුක්‍රේන ඩිජිටල් පරිවර්තන අමාත්‍ය මිකායිලෝ ෆෙරොව් සිහිපත් කරයි. CIA හි ව්‍යාපාර - ප්‍රාග්ධන අංශයේ ආයෝජනයකින් කොටසක් වන එය, එක්සත් ජනපද ආගමන හා රේගු බලාත්මක කිරීම (ICE), FBI, ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ විදේශීය බුද්ධි අංශ රාශියකට දත්ත විශ්ලේෂණ මෘදුකාංග සපයන ව්‍යාපාරයක් ගොඩනඟා ඇත. " ඔවුන් තමයි 21 වන සියවසේ AI ආයුධ වෙළෙන්දා * යැයි කාගේ බාහිර ප්‍රතිපත්ති උපදේශකයෙකු ලෙස සේවය කරන ජාතික ආරක්ෂක විශේෂඥයෙකු වන ජාකොබ් හෙල්බර්ග් පවසයි. කාර්ප් පවසන්නේ, බටහිර ආරක්ෂා කිරීමත්, සිය සතුරන් බිය ගැන්වීමත් සඳහා Palantir Technologies හි මෙහෙවර ඉටු කිරීමේ අවස්ථාව යුක්‍රේනයේදී තමන් දුටු බවයි.

යුක්‍රේනය ද අවස්ථාවක් දුටුවේය. මුලදී එය මෙහෙයවනු ලැබුවේ බලාපොරොත්තු විරහිතව බව. ෆෙරොව් පවසයි. රුසියානුවන් සෙලෙන් සිකිගේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජය පෙරළා රට අල්ලා ගන්නා බවට තර්ජනය කිරීමත් සමග, කියෙව් වෙත ලබාගත හැකි සියලු උපකාර අවශ්‍ය විය. නමුත් ඉක්මනින්ම, රටේම තාක්ෂණික අංශය දියුණු කිරීමට තමන්ට අවස්ථාවක් ඇති බව රජයේ නිලධාරීහු තේරුම් ගත්හ. යුරෝපීය අග නගර වල සිට සිලිකන් නිම්නය දක්වා, ෆෙට්රොව් සහ ඔහුගේ නියෝජිතයෝ යුක්‍රේනයේ යුධ බිම්, නවතම මිලිටරි තාක්ෂණයන් සඳහා "විද්‍යාගාර" ලෙස අලෙවි කිරීමට පටන් ගත්හ. "අපගේ විශාලම පරමාර්ථය වන්නේ යුක්‍රේනය, ලෝකයේ තාක්ෂණික පර්යේෂණ සහ සංවර්ධන විද්‍යාගාරය බවට පත් කිරීමයි.' යනුවෙන් ෆෙරොව් පවසයි.

මෙම ක්‍රියාවලියේ ප්‍රගතිය කැපී පෙනේ. සෙලෙන්ස්කි සමඟ කාර්ජ්ගේ මූලික රැස්වීමෙන් වසර එකහමාරක් තුළ, Palantir Technologies පෙර නොවූ විරූ ආකාරයෙන් යුධ සමයේ, විදේශ ආණ්ඩුවක එදිනෙදා වැඩ කටයුතු වලට සම්බන්ධ වී තිබේ. එහි ආරක්ෂක, ආර්ථික සහ අධ්‍යාපන අමාත්‍යාංශ ඇතුළුව යුක්‍රේනියානු ආයතන ගණනාවක් Palantir Technologies සමාගමේ නිෂ්පාදන භාවිත කරති. කාර්ජ්ට අනුව, යුදමය විකල්ප සමඟ අණ දෙන නිලධාරීන්ට ඉදිරිපත් කිරීම සඳහා චන්ද්‍රිකා ඡායාරූප, විවෘත මූලාශ්‍ර දත්ත, ඩ්‍රෝන දර්ශන සහ භූමියේ වාර්තා විශ්ලේෂණය කිරීමට AI භාවිත කරන Palantir Technologies හි මෘදුකාංගය. "යුක්‍රේනයේ බොහෝ ඉලක්ක සඳහා වගකිව යුතුය. ' යුක්‍රේන නිලධාරීන් පවසන්නේ. ඔවුන් යුධ අපරාධ පිළිබඳ සාක්ෂි එකතු කිරීම, බිම් බෝම්බ ඉවත් කිරීම, අවතැන් වූ සරණාගතයින් නැවත පදිංචි කිරීම සහ දූෂණය මුලිනුපුටා දැමීම ඇතුළු යුධ පිටියේ බුද්ධි තොරතුරුවලින් ඔබ්බට යන ව්‍යාපෘති සඳහා Palantir 1 Technologies සමාගමේ දත්ත විශ්ලේෂණ භාවිත කරන බවයි. Palantir Technologies තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට කොතරම් උනන්දු වූවාදැයි කිවහොත්. එය ඔවුන් යුක්‍රේනයට ලබා දී ඇත්තේ නොමිලේ ය.

එය, යුක්‍රේන යුද ප්‍රයත්නයට සහාය වන එකම තාක්ෂණික සමාගමට වඩා බොහෝ එහා ගිය එකකි. Microsoft, Amazon, Google සහ Starlink වැනි දැවැන්ත සමාගම්, යුක්‍රේනය රුසියානු සයිබර් ප්‍රහාර වලින් ආරක්ෂා කිරීමටත්, රජයේ තීරණාත්මක දත්ත Cloud වෙත සංක්‍රමණය කිරීමටත්, රට සම්බන්ධ කර තබා ගැනීමටත් ඩොලර් මිලියන සිය ගණනක් යොදවා ඇත. මත භේදයට තුඩු දී ඇති, මුහුණු හඳුනා ගැනීමේ එක්සත් ජනපද සමාගමක් වන Clearview Al විසින් යුක්‍රේන නිලධාරීන් 1,500 කට වැඩි පිරිසකට තම මෙවලම් සපයා ඇති අතර, ඔවුන් තම භූමියේ සිටින රුසියානුවන් 230,000කට වඩා වැඩි ප්‍රමාණයක් මෙන්ම, යුක්‍රේන සහයෝගිතා කරුවන් හඳුනා ගැනීමට එය භාවිත කර ඇත. කුඩා ඇමරිකානු සහ යුරෝපීය සමාගම් බොහෝමයක් ස්වයංක්‍රීය ඩ්‍රෝන යානා කෙරෙහි අවධානය යොමු කර ඇත්තේය. ඔවුන් කියෙව් නගරයෙහි ද වෙළඳ සැල් ආරම්භ කර ඇති අතර, නගරයේ ජනාකීර්ණ, මේවාට තාක්ෂණික වශයෙන් සහයෝගී වැඩ කරන අවකාශ "Mil-Tech Valley" (යුද තාක්ෂණ නිම්නය) ලෙස නම් කිරීමට තරුණ යුක්‍රේනියානුවන් මෙහෙයවා තිබේ.

ලෝක ඉතිහාසය තුළ යුද්ධය' සැම විටම නවෝත්පාදන වලට බලපා ඇති අතර, හරස් දුන්නේ සිට පරමාණු බෝම්බය දක්වා සහ නූතන යුගයේ අන්තර්ජාලය සහ පෞද්ගලික නවෝත්පාදන කර්මාන්ත වල ඉදිරි ගමන සඳහා ප්‍රධාන දායකත්වයක් ලබා දී ඇත. නමුත් සෑම බල ඇණියක් සමඟම මෘදුකාංග ඉංජිනේරුවෙකු යොදවා ඇති බව පවසන විදේශීය තාක්ෂණික සමාගම්. ඔවුන් සහ යුක්‍රේන සන්නද්ධ හමුදා අතර සහයෝගීතාවයෙන්, මිලිටරි AI හි නව ආකාරයේ අත්හදා බැලීමක් සිදු කරයි. "එහි ප්‍රතිඵලය වන්නේ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ යුද්ධයේ ස්වභාවයේ වඩාත්ම සැලකිය යුතු මූලික වෙනස වේගවත් වීමයි ' යනුවෙන් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ හිටපු සභාපති ජෙනරාල් මාර්ක් මිලී පසුගිය වසරේ වොෂින්ටනයේදී මාධ්‍යවේදීන්ට පවසා තිබේ.

ඇතැමුන් අධි තාක්ෂණික ජයග්‍රහණ පිළිබඳ ප්‍රකාශ දෙස බලන්නේ සැක සහිතව වන අතර, AI මෙවලම් යෙදවීම මගින් යුද්ධය මුවහත් කිරීමට එතරම් බලපෑමක් නොවන බව තර්ක කරති. නමුත් යුක්‍රේනය සහ එහි පෞද්ගලික අංශයේ මිත්‍ර පක්ෂ පවසන්නේ ඔවුන් දීර්ඝ සෙල්ලමක් කරමින් සිටින බවයි. එනම්, අනාගතය සඳහා යුද විද්‍යාගාරයක් නිර්මාණය කිරීමයි. "යුක්‍රේනය. සියලුම නවතම තාක්ෂණය සඳහා හොඳම පරීක්ෂණ භූමියයි. ඒ මෙහිදී ඔබට ඒවා සැබෑ ජීවිත තත්වයන් තුළ පරීක්ෂා කළ හැකි බැවිනි.' යනුවෙන් ෆෙඩ්‍රොව් පවසයි. කාර්ප් පවසන්නේ. "දේශීය සන්දර්භය තුළ අපට කළ නොහැකි වූ දේවල්, යුධ පිටියේදී කළ හැකි දේවල් වී තිබේ." යනුවෙනි.

යුද්ධයේ අනාගතය, යුක්‍රේන භුමියේ පරීක්ෂා කරන්නේ නම්, ප්‍රතිඵල ගෝලීය ප්‍රතිවිපාක ඇති කරයි. මෘදුකාංග සහ AI සමඟ ඇති වන ගැටුම්වලදී. බොහෝ මිලිටරි තීරණ ඇල්ගොරිතම වෙත පැවරීමට ඉඩ ඇති විට, තාක්ෂණික සමාගම් ස්වාධීන ක්‍රියාකාරිකයින් ලෙස සිය බලය ඉක්මවා බලය භාවිත කිරීමට ඉදිරිපත් වේ. වේගයෙන් ගමන් කිරීමට සහ නීතිමය, සදාචාරාත්මක හෝ නියාමන සම්මතයන් උල්ලංඝනය කිරීමට කැමති අයට, විශාලතම ජයගැනීම සිදු කළ හැකිය. ජාතික ආරක්ෂක නිලධාරීන් සහ විශේෂඥයින් අනතුරු අඟවන්නේ මෙම නව මෙවලම් විරුද්ධවාදීන් අතට පත්වීමේ අවදානමක් ඇති බවයි. ජෝර්ජ්ටවුන් හි Center for Security and Emerging Technology ආයතනයේ රීටා කොනේව් පවසන්නේ " ප්‍රගුණනය සඳහා ඇති අපේක්ෂා උමතුවක්. දැන් යුක්‍රේනයේ ක්‍රියාත්මක වන බොහෝ සමාගම් පවසන්නේ ඔවුන් එක්සත් ජනපද ජාතික - ආරක්ෂක ඉලක්ක සමඟ පෙළ ගැසෙන බවයි - නමුත් ඔවුන් එසේ නොකරන විට සිදු වන්නේ කුමක්ද? පසු දින කුමක් සිදුවේද?" යනුවෙනි.

කාර්ජ්ගේ කුමන්ත්‍රණ හා ඔත්තු බැලීම සඳහා සෙලෙන්ස්කි සමඟ වූ පළමු හමුවීමෙන් පසු මාස කිහිපය තුළ. Palantir Technologies ඉහළ නිලධාරීන් යුක්‍රේනයට නිරන්තරව සංචාරය කර ඇත. එහි Palantir Technologies හි බොහෝ වැඩ කටයුතු, යුක්‍රේන නිලධාරීන් සමඟ සෘජුව වැඩ කරන දේශීය සේවකයින් කිහිප දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් නවීන පන්නයේ සමාන - වැඩ කරන අවකාශ වල පවත්වනු ලැබේ.

යුක්‍රේනියානු Palantir Technologies ඉංජිනේරුවෙකු පෙන්වා දී ඇත්තේ, මෑතක් වන තුරු, විශ්ලේෂණය කිරීමට මිනිසුන් සිය ගණනක් අවශ්‍ය විය හැකි. සටනට පෙළගැසුණු යුධ පිටියේ දත්ත මාලාවක් කැණීම් කළ හැකි ආකාරයයි. Palantir Technologies මෘදුකාංග, ඩ්‍රෝන යානා, චන්ද්‍රිකා සහ යුක්‍රේනියානුවන් ඇතුළු ප්‍රභවයන්ගෙන් මූලික බුද්ධි තොරතුරු මෙන්ම Cloud හරහා දැකිය හැකි, රේඩාර් සහ සොල්දාදුවන්ගේ චලනයන් සහ කාලතුවක්කු ප්‍රහාර හඳුනා ගත හැකි තාප රූප (thermal images) හරහා ක්‍රියා කරයි. AI-සක්‍රීය මාදිලි වලට පසුව, හමුදා නිලධාරීන්ට ඉලක්ක සහ සතුරු ස්ථාන සඳහා වඩාත් ඵලදායී විකල්ප ඉදිරිපත් කළ හැකිය. Palantir Technologies සමාගමට අනුව, එක් එක් පහරදීම සමඟ ඉගෙන ගෙන ආදර්ශක වැඩි දියුණු කරයි.

2022 ගිම්හානයේදී Palantir Technologies සමාගම යුක්‍රේන රජය සමඟ පළමු වරට වැඩ කිරීමට පටන් ගත් විට, "එය පිරිසිදු පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් පමණක් වීය " යනුවෙන් එක්සත් රාජධානියේ සහ යුරෝපයේ Palantir Technologies හි විධායක උප සභාපති ලුවිස් මොලේ පවසයි. Palantir Technologies සමාගම විසින්, යුක්‍රේනියානු ඉංජිනේරුවන් කුලියට ගනු ලැබීය. ඔවුන්ගේ මෘදුකාංග, යුද ප්‍රයත්නය සඳහා අනුවර්තනය කළ හැකි අතර, ඔවුහු තාක්ෂණික සමාගම සහ යුක්‍රේනයේ ඉහළ නිලධාරී තන්ත්‍රය අතර මැදිහත්කරුවන් ලෙසද සේවය කළහ. ලබා දී ඇති යුධ අවකාශයක ආසන්න තත්‍ය කාලීන පින්තූරයක් ලබා දීම සඳහා චන්ද්‍රිකා ඡායාරූප ඇතුළු වාණිජ දත්ත භාවිත කරන MetaConstellation නමැති Palantir Technologies මෙවලමක් භාවිත කිරීමට රජයේ නිලධාරීන් පුහුණු කරන ලදී. Palantir Technologies මෘදුකාංගය එම තොරතුරු, මිත්‍ර පාක්ෂිකයින් ඇතුළුව වාණිජ සහ වර්ගී කරණය කරන ලද, රජයේ දත්ත සමඟ ඒකාබද්ධ කරයි. එමඟින් හමුදා නිලධාරීන්ට භූමියේ සිටින සිය අණ දෙන නිලධාරීන්ට සතුරු ස්ථාන සන්නිවේදනය කිරීමට හෝ ඉලක්කයකට පහර දීමට තීරණය කිරීමට ඉඩ සලසයි. මෙය කාර්ප් විසින් හඳුන්වනු ලබන " ඩිජිටල් ඝාතන දාමයක කොටසකි.

Palantir Technologies සමාගමේ මෑත කාලීන ධනෝපායන ඉපැයීම් දත්ත පෙන්නුම් කරන්නේ එම සමාගමෙහි ආයෝජනය පියවා ගැනීම සඳහා හවුල්කාර රටවල් මිලියන දස දහස් ගණනින් කපා හැර ඇති නමුත්, යුක්‍රේනය එහි මෙවලම් සහ සේවාවන් සඳහා Palantir වෙත මුදල් ගෙවා නැති බවයි. යුක්‍රේනයේදී සමාගමේ අභිප්‍රේරණයන්, කෙටි කාලීන ලාභය සමඟ එතරම් සම්බන්ධයක් නැත. මෑත වසරවලදී, Palantir එහි වාණිජ ගනුදෙනුකරුවන්ගේ ලැයිස්තුව පුළුල් කරන විට " සෙවනැලි දත්ත කැණීම් ඔත්තුකාර කොන්ත්‍රාත්කරුවෙකු" (shadowy data-mining spy contractor) ලෙස එහි කීර්තිය පැතිර වීමට උත්සාහ කර ඇත.

Palantir Technologies මෙවලම්, ආක්‍රමණ ශීලී ආණ්ඩුවේ නිරීක්ෂණ සක්‍රීය කරයි යන පුළුල්ව පැතිරුණු විවේචන, කාර්ප් දිගු කලක් තිස්සේ ප්‍රතික්ෂේප කර ඇත. Amnesty International විසින් සමාගම මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වගකීම පැහැර හැරීමට සහ ලඝු කිරීමට " උත්සාහ කරන බවට චෝදනා කර ඇති අතර, අත්අඩංගුවට ගැනීම් සහ සේවා ස්ථාන වැටලීම් සිදු කිරීමට සංක්‍රමණිකයන් සහ සරණාගතයින් සොයා ගැනීමට සහ හඳුනා ගැනීමට Palantir Technologies මෙවලම් රජයේ ආයතන වලට ඉඩ දී ඇති බව පවසයි. ප්‍රධාන විධායක නිලධාරී පවසන්නේ, බටහිර ආණ්ඩු වලට හොඳම නැගී එන තාක්ෂණය සැපයීම සඳහා සදාචාරාත්මක අවශ්‍යතාවක් තමන් දකින බවත්, ගෝලීය විරුද්ධවාදීන්ට වඩා බටහිරට තම අභිප්‍රාය පවත්වා ගැනීමට ඉඩ සලසන බවට ඔහු විශ්වාස කරන " රාජ්‍යය සහ තාක්ෂණ අංශය අතර වඩාත් සමීප සහයෝගීතාවක්" ඉල්ලා සිටින බවයි.

යුක්‍රේනයේ දී, Palantir එහි කීර්තිය විනාශ කරගන්නා අතරම මෙම මෙහෙයුම ක්‍රියාවට නැංවීමට අවස්ථාවක් සොයාගෙන ඇත. "Plantir Technologies ගැන මිනිසුන්ට බොහෝ විට පූර්ව නිගමන ඇති. නමුත් අපගේ නිෂ්පාදන හොඳට වැඩ කරනවා." යනුවෙන් උප සභාපති ජෝෂ් හැරිස් පවසයි.

පසුගිය මාස 18 තුළ ෆෙඩ්රෝව් සහ ඔහුගේ නියෝජිතයින් විසින් "යුක්‍රේනය ව්‍යාපාර සඳහා විවෘතයි." යන පණිවිඩය තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රධාන විධායක නිලධාරීන්, ආරක්ෂක සම්මන්ත්‍රණ සහ ව්‍යාපාරික සමුළු වෙත ගෙන ගොස් ඇත. සෙලෙන්ස්කිගේ කැබිනට් මණ්ඩලයේ ළාබාලතම සාමාජිකයා වන හිටපු ඩිජිටල් - අලෙවි කරණ ව්‍යවසායකයා, යුක්‍රේනයේ යුධ බිම් සහ එහි නවීන යුධ කාලීන සමාජය අති නවීන නවෝත්පාදන සඳහා හොඳම පරීක්ෂණ භූමිය ලෙස සකස් කර ඇත. "තාක්ෂණික අංශය, අපගේ අනාගතවර්ධනයේ ප්‍රධාන එන්ජිම වනු ඇතැ" යි ෆෙඩ්‍රොව් පවසා සිටී.

TIME මාධ්‍යවේදියා ඔහුගේ කාර්යාලයේදී සාකච්ඡා කළ දිනයේ, ෆෙරොව් Microsoft හි ප්‍රධානීන් සමඟ ඔහුගේ නිතිපතා ඇමතුම් වලින් එකක් අවසන් කර තිබූ අතර, කියෙව් වෙත පැමිණෙන Google විධායකයින් හමු වීමට නියමිතව තිබුණි. ඔහු Wired සඟරාවේ කවරයේ සිට ඇති අතර, ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සංසදයේදී යුක්‍රේනයේ තාක්ෂණික ජයග්‍රහණ ගැන කතා කර තිබේ.

යුද්ධයේ මුල් මාසවලදී, යුක්‍රේන නිලධාරීහු ඉදිරිපත් වන ඕනෑම උපකාරයක් පිළිගත්හ. ඔවුහු Microsoft, Amazon සහ Google වෙතින් සයිබර් සහ cloud සේවා ලබා ගත්හ. එනම්, එලොන් මස්ක් වෙතින් Starlink terminals ද, Clearview Al වෙතින් මුහුණු හඳුනාගැනීමේ මෘදුකාංගය සහ පර්යේෂණාත්මක ඩ්‍රෝන යානා, කැමරා සහ විශාල ආරක්ෂක සමාගම් සහ ආරම්භකයින් වෙතින් අවහිර කිරීමේ කට්ටල (jamming kits) රාශියක් ආදී වශයෙනි. ෆෙඩ්රෝව් තීරණාත්මක යටිතල පහසුකම් ආරක්ෂා කිරීමට සහ රුසියානු සයිබර් ප්‍රහාර වලට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා 400,000ක ස් ස්වේච්ඡා හැකර්වරුන්ගෙන් සමන්විත " තොරතුරු තාක්ෂණ හමුදාවක්" ඒක රාශී කළේය. "මුලදී කිසිම ක්‍රියාවලියක් තිබුණේ නැහැ. අවුල් සහගත තත්වයක් ඇති වුණා. නමුත් අපට අපවම සන්සුන් කරගෙන. අපට මේ ආකාරයෙන් යා නොහැකි බවත්, අපට දිගුකාලීන උපාය මාර්ගයක් අවශ්‍ය බවත් තහවුරු කරගත්තා. ' යනුවෙන්, ෆෙරොව්ගේ නියෝජ්‍ය ඇලෙක්ස් බෝර්නියාකොව් පවසයි.

ඔවුන් ගොඩනැගූ විසඳුම වූයේ යුද්ධය ජය ගැනීමට පමණක් නොව, එය අවසන් වූ විට යුක්‍රේනයේ ආර්ථිකයේ කුළුණක් ලෙස සේවය කළ හැකි තාක්ෂණික අංශයක් ගොඩනැගීමයි. මෙහිදී, අලුතින්ම ස්ථාපිතකරන ලද තාක්ෂණික සමාගම් සඳහා කේන්ද්‍රස්ථානයක් වූ ඊශ්‍රායලය ආදර්ශකයක් විය. යුක්‍රේනයේ 300,000 ක තාක්ෂණික සේවකයින්, යුද්ධයට පෙර බොහෝ ඇමරිකානු සමාගම් විසින් සේවයේ යොදවාගෙන තිබූ අතර, ඉන් බොහෝ දෙනෙක් දේශීය හමුදාව වර්ධනය කිරීම සඳහා, වැඩ කිරීමෙන් සටනට දායක වීමට උනන්දු වූහ. * අපි තීරණය කළා, පරිත්‍යාග පිළිබඳව නොවන පණිවිඩයක් යවන්න. එනම්, යුක්‍රේනයට උදව් කිරීමට හොඳම ක්‍රමය වන්නේ යුක්‍රේනයේ ආයෝජනය කිරීමයි. ' බෝර්නියා කොව් පවසයි.

මුලින්ම "නව තණතිල්ල " පරීක්ෂා කළේ එම ජූලි මාසයේදී ස්විට්සර්ලන්තයේ ලුගානෝහි පැවති යුක්‍රේන ප්‍රතිසාධන සමුළුවේදීය. ඊට ලැබුණු ප්‍රතිචාරය ජවසම්පන්න විය. සිලිකන් නිම්නයේ ආයෝජකයෝ යුක්‍රේන ආරම්භක ආයෝජන සඳහා Blue and Yellow Heritage Fund දියත් කළහ. ආරම්භක හවුල්කරු වූ ජෝන් ෆ්‍රැන්කල් එවක පවසා තිබුනේ එය පුණ්‍යායතනයක් නොවෙයි. එය අපගේ දායකත්වයේ ක්‍රමයයි. නමුත් ප්‍රාග්ධනයේ ඉහළ ප්‍රතිලාභයක් යැයි අප සිතන දේ ලබා ගැනීම ද සිදුවෙනවා." යනුවෙනි.

ආරක්ෂක - තාක්ෂණික සමාගම් කියෙව් අගනුවර වෙත පැමිණීමට පොළඹවා ගැනීම සඳහා ඔවුන් වෙතවිශේෂ බදු සහන පුළුල් කරමින් දිරිගැන්වීම් සකස් කිරීමට ෆෙරොව් සහ බෝර්නියා කොව් කටයුතු කළහ. ඔවුහු ලන්ඩන්. සැන් ෆ්‍රැන්සිස්කෝ. ටොරොන්ටෝ, බ්‍රසල්ස්, ඩාවෝස් සහ ඩුබායි හි සම්මන්ත්‍රණ සඳහා වෙළෙඳ මෙහෙයුම්" ("trade missions") දියත් කළහ. 2023 මුල වන විට, මාර්ග දර්ශනය බොහෝ දුරට හොඳින් සිදු විය. ආරම්භකයින් පවසන පරිදි මුල දී බොහෝ යුදමය හා ආරක්ෂක දේවල් වලින් බැට වැදුණු අතර, බෝර්නියා කොව් පවසන්නේ "යුද්ධය දිනන්නේ කෙසේද යන්න ගැන මට මේ අදහස ඇතැ " යි යනුවෙනි. ආරම්භක සහ සාමාන්‍ය යුක්‍රේනියානුවන්ට, ආරක්ෂක - තාක්ෂණික සමාගම් වලින් ඔවුන්ගේ නිෂ්පාදන ලබා ගත හැකි Brave1 නම් ඩිජිටල් වේදිකාවක් ඔහු සහ ෆෙඩ්රාව් විසින් දියත් කරන ලදී. ෆෙරොව්ගේ කාර්යාලයට අනුව, එයට ඉදිරිපත් කිරීම් 1,145 කට වඩා ලැබී ඇති අතර, ඉන් සිය ගණනක් යුධ පිටියේ පරීක්ෂාවට ලක් කෙරේ. මෙයට ඩ්‍රෝන යානා, රුසියානු හමුදා සංඥා විකේතනය කළ හැකි Al-transcription මෘදුකාංග, රුසියානු අවහිර කිරීම් වළක්වන රේඩියෝ යන්ත්‍ර, සයිබර් අවදානම් සඳහා මෙවලම් සහ බිම් බෝම්බ ඉවත් කිරීමේ උපකරණ ඇතුළත් වේ.

යුක්‍රේන නිලධාරීන් සමඟ රැස්වීම් වලදී. මෙම මෙවලම් වලින් කොපමණ ප්‍රමාණයක් ක්‍රියා කරයිද යන්න සහ ඒවා යුධ පිටියෙන් ඔබ්බට කාර්යයන් සඳහා භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳ නිරූපණ TIME මාධ්‍යවේදියාට ලබා දී තිබේ. අධ්‍යාපන හා විද්‍යා අමාත්‍යාංශයේ ඩිජිටල් නිලධාරියෙකු වන දිමිත්‍රෝ සිවැරොඩ්නි, ගුවන් ප්‍රහාර ඇඟවීම් හෝ විදුලිය ඇනහිටීම් හේතුවෙන් පීඩාවට පත් පාසල්, මාර්ගවල තත්ත්වය සම්බන්ධ චන්ද්‍රිකා සිතියම් සහිත උපකරණ පුවරු සහ සිසුන්ට wi-fi සහිත නිවාස වෙත ප්‍රවේශ වීමට කොපමණ කාලයක් ගතවේද යන්න පිළිබඳ ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇත. Palantir Technologies විසින් සපයනු ලබන මෙම මෘදුකාංගය, පාසල් විවෘතව තබා ගන්නේ කෙසේද, ගැටුම් කලාපවල ලැප්ටොප් පරිගණක සහ සම්බන්ධතා සැපයීම සහ අවම බාධා කිරීම් සහිතව ජාතික මට්ටමේ විභාග පරීක්ෂණ සිදුකරන්නේ කෙසේද යන්න තීරණය කිරීමට අමාත්‍යාංශයට උපකාර කරනු ඇත. "එය සුපිරි බලයක් වගේ." යනුවෙන් සිවැග්‍රොඩ්නි පැහැදිලි කරයි.

යුක්‍රේනියානු ආර්ථික අමාත්‍ය යුලියා ස්වැයි රඩෙන් න්කෝ පෙන්වා දෙන්නේ, යුක්‍රේනයේ බිම් බෝම්බ ඉවත් කිරීමට නිලධාරීන්ට උපකාර කිරීම සඳහා කලින් ඵලදායී නොවූ දත්ත ප්‍රවාහ බොහෝ ප්‍රමාණයක් එක්රැස් කිරීමට Palantir Technologies මෘදුකාංගය සමත් වී ඇති ආකාරයයි. යුක්‍රේනය ලොව වැඩියෙන්ම පුපුරන ද්‍රව්‍ය බිම්ගත කරන ලද රට බවට පත් වී තිබේ. පුපුරා නොගිය බෝම්බ හේතුවෙන් සිවිල් වැසියන් මිලියන 6 කට වඩා අනතුරට පත් වන අතර, විශාල ගොවිබිම් ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත් කර ඇත. බිම්බෝම්බ ඉවත් කිරීමේ උත්සාහයන්ට විශාලතම බලපෑමක් ඇති කළ හැක්කේ කොතැනද යන්න තීරණය කිරීම සඳහා මොඩලයන් සංවර්ධනය කිරීමට අමාත්‍යාංශය Palantir Technologies සමඟ කටයුතු කරමින් සිටින අතර. වසර 10 ක් ඇතුළත දූෂිත ඉඩම් වලින් 80%ක් නැවත ආර්ථික භාවිතයට ගෙන ඒමේ සැලැස්මක් සැකසීමට ස්වැයි රඩෙන්කෝ හට උපකාර කරයි. කියෙව්හි හෝටලයක පැවති සම්මුඛ සාකච්ඡාවකදී, යුක්‍රේනයේ නීතිපති අන්ද්‍රෙයි කොස්ටින්, රුසියානු යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ ප්‍රයත්නය සඳහා - චන්ද්‍රිකා ඡායාරූප, හමුදා ගමන් කිරීම් සහ යුක්‍රේනියානුවන් විසින් සමාජ මාධ්‍ය වල උඩුගතඔහුගේ කාර්යාංශය Palantir කරන ලද ඡායාරූප සහ වීඩියෝ වැනි විවෘත මූලාශ්‍ර දත්ත ඇතුළුව Technologies මෘදුකාංගය භාවිත කරන ආකාරය සඳහන් කර තිබේ.

අනෙකුත් තාක්ෂණික සමාගම් ද යුක්‍රේන රජයට යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා නිෂ්පාදන සපයා ඇත. යුක්‍රේනයේ අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලියොනිඩ් ටයි මෙචෙන්කෝ රුසියානු හමුදා ආක්‍රමණය කිරීමට එරෙහිව, තම රටේ " රහස් අවිය ලෙස සඳහන් කරන Clearview වඩාත් සාර්ථක එකක් වේ. එය. යුක්‍රේන නියෝජිතායතන 18 ක් හරහා නිලධාරීන් 1,500 ක් විසින් භාවිත කරනු ලබන අතර, යුක්‍රේන නිලධාරීන්ට අනුව, හමුදා ආක්‍රමණයට සහභාගී වූ රුසියානු සොල්දාදුවන් 230,000 කට වඩා හඳුනා ගැනීමට උදව් කර ඇත. Clearview එහි ප්‍රතිලාභ ද ලබා ගනිමින් සිටී. "යුක්‍රේනියානු ඉංජිනේරුවන් අනිවාර්යයෙන්ම අපගේ නිෂ්පාදනය වඩා හොඳ කර ඇත." යනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී හොඅන් ටොන් දැට් පවසයි.

කියෙව් නගරයේ සිට කෙටි දුරකින් Unit City නමින් හැඳින් වෙන කාර්ය බහුල අධි තාක්ෂණික නවෝත්පාදන උද්‍යානයක්" ("innovation park') පවතී. එය ජර්මානු යතුරු පැදිවල අනුකරණ නිෂ්පාදනය කළ පැරණි සෝවියට් කම්හලක භූමියේ ඉදිකරන ලද, අති නවීන කාර්යාල සහිත පුළුල් මණ්ඩපයකි. Unit City යනු යුක්‍රේනයේ තාක්ෂණික කර්මාන්තය "යුරෝපයේ ප්‍රධාන නවෝත්පාදන කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට " දරන උත්සාහයේ කේන්ද්‍රස්ථාන යයි යනුවෙන් හවුල්කරු කිරිල් බොන්ඩර් පවසයි. යුද්ධයේ ආරම්භයේ සිට, එක්සත් ජනපද සහ යුරෝපීය රාජ්‍ය නිලධාරින් Unit City වෙත ගොස් ඇත. Ethereum cryptocurrency blockchain හි නිර්මාපකයෙකු වන විටාලික් බුටේරින් වැනි තාක්ෂණික විධායකයින් සහ ප්‍රකට විද්වතුන් ද ඒ අතර සිටී.

මෙහි පදනම් ව්‍යාපාර අතර, යුක්‍රේන හමුදාවල ආරම්භක වේගය වැඩි කළ D3 (Dare to Defend Democracy) නම් ව්‍යාපාරයද වේ. හිටපු Google ප්‍රධාන විධායක නිලධාරී එරික් සෙව්මිට් ඇතුළු ඉහළ පෙළේ විදේශීය ආයෝජකයින් D3 වෙත ඩොලර් මිලියන 10 කට වඩා පොම්ප කර ඇත. සෙව්මිඩ්ට් පවසන්නේ, යුක්‍රේනයට ගිය චාරිකා වලදී, රටේ ඉදිරි පෙළ AI සහ ඩ්‍රෝන යානා භාවිතයේ ප්‍රගතියක් ඇති කරන බව ඔහුට ඒත්තු ගිය බවයි. "සරලව බොහෝ පරිමාවක් තිබෙනවා, බොහෝ භාවිත කරන්නන් සිටිනවා. බොහෝ නවෝත්පාදනයන් තිබෙනවා. එය ඇත්තෙන්ම ආකර්ෂණීයයි." සෙව්මිඩ්ට් පවසයි.

යුක්‍රේනයේ තාක්ෂණික අංශයේ නව පොරොන්දුව වෙත ආකර්ෂණය වූ ප්‍රමුඛ විදේශීය ආයෝජකයින් සමූහයක් අතර සෙව්මිට් ද සිටී. ජර්මානු ඩ්‍රෝන් නිෂ්පාදකයෙකු වන Quantum Systems මෑතකදී කියෙව්හි පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයක් විවෘත කරන බව නිවේදනය කළේය. ජපානයේ තාක්ෂණික දැවැන්තයා වන Rakuten ද යුක්‍රේනයේ අගනුවර කාර්යාලයක් විවෘත කිරීමට ඇති සිය සැලැස්ම නිවේදනය කළේය. 2025 වන විට යුක්‍රේනයේ පර්යේෂණ සහ නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට තුර්කියේ ඩ්‍රෝන් නිෂ්පාදකයා වන Baykar ඩොලර් මිලියන 100කට ආසන්න මුදලක් ආයෝජනය කර ඇත. මෑතකදී පැවති යුරෝපීය ආරක්ෂක සමුළුවකදී, "යුක්‍රේනයේ දී පරීක්ෂා කර මුද්‍රා තැබුවේ නම් මිස කිසිවකු නිෂ්පාදනයක් දෙස 

බලන්නේවත් නැතැ" යි. අලුතින්ම ස්ථාපිත කරන ලද යුක්‍රේන ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට කැප වූ නව අරමුදලක් වන Green Flag Ventures හි සම-නිර්මාතෘ ඩෙඩ්රෝ ෆෙයාර්ලෑම්බ් පවසයි.

ආයෝජනය දිරිමත් කරන අතරම, යුක්‍රේන ආණ්ඩුව තමන්ගේම අංකුර ආරක්ෂක කර්මාන්තය සඳහා වටිනා, යුධ පිටියේ දත්ත සංරක්ෂණය කිරීමට උත්සාහ කරයි. යුද්ධයෙන් ඔබ්බට ගිය විවිධ ගෝලීය අර්බුද වලට, කඩාකප්පල්කාරී අවහිරතාවල සිට ස්වාභාවික විපත් දක්වා ආමන්ත්‍රණය කිරීම සඳහා ගැටුමෙන් පිටවන නවෝත්පාදනයන් අපනයනය කිරීමට අදහස් කරන බව නිලධාරීහු පවසති. කාලයාගේ ඇවෑමෙන්, කියෙව්හි ඔවුන්ගේ නිෂ්පාදන පිරිපහදු කිරීම සඳහා ඔවුන්ගේ ඉදිරි පෙළට ප්‍රවේශ වීමට ඉඩ දෙන්නේ කවුරුන්ද යන්න පිළිබඳව වඩාත් තෝරා බේරාගෙන ඇත. " පණිවිඩයේ වෙනසක් සිදුවී තිබෙනවා. දැන් පෙනෙන විදිහට ඔවුන් කියන්නේ. ඔබ මෙහි පැමිණීමට තරම් වාසනාවන්ත බව ඔබ දන්නවා." යනුවෙන් යැයි Palantir ජ්‍යෙෂ්ඨ විධායකයෙක් සඳහන් කරයි.

එහි දේශ සීමාවෙන් පිටත, යුක්‍රේනයේ යුද විද්‍යාගාරය එය ගෝලීය තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස ස්ථාපිත කිරීමට උපකාරී වී ඇති බවට ලකුණු තිබේ. නොවැම්බරයේ ලිස්බන් හි පැවති ලොව විශාලතම තාක්ෂණික සම්මන්ත්‍රණය වන Web Summit හිදී, යුක්‍රේනයේ මණ්ඩපය අනෙකුත් ප්‍රදර්ශන වලට වඩා ඉහළින් නැගී සිටියේය. වසර දෙකකට පෙර, එහි පැමිණීම කෙළවරේ කුටියකට සීමා වී තිබිණි. දැන් අලුතින් ස්ථාපිත කරන ලද යුක්‍රේන ව්‍යාපාර 25ක්, සිය කුටි පිහිටුවා ඇති අතර, යුක්‍රේන වර්ණ ක මිසවලින් සැරසුණු තරුණ කම්කරුවන් කණ්ඩායමක් ප්‍රවර්ධන පොත් පිංච බෙදා දුන්නේ "යුක්‍රේනයේ ආයෝජනය කිරීමට හොඳම කාලය දැන් මිස, යුද්ධයෙන් පසුව නොවෙයි.* යන එහි අලෙවිකරණ පණිවිඩය කියමිනි.

යුක්‍රේනයේ යුද්ධ භූමියෙන් උගත් පාඩම් සමහරක් දැනටමත් ගෝලීය වී ඇත. යුක්‍රේනය සැලැස්මක් (blueprint) ලෙස උපුටා දක්වමින්, චීනය සමඟ නැගී එන ආතතීන් මධ්‍යයේ එහි ඩ්‍රෝන් වැඩසටහන ගොඩනැගීම සඳහා හමුදා යාන්ත්‍රණය තුළට කාවැද්දීමට තායිවානය විසින් වාණිජ ඩ්‍රෝන් නිෂ්පාදකයින් සහ අභ්‍යවකාශ සමාගම් බඳවා ගෙන ඇත. පසුගිය මාසයේ ධවල මන්දිරය විසින් Palantir Technologies සහ තවත් ආරක්ෂක සමාගම් අතලොස්සකට සත්කාරකත්වය ලබා දුන්නේ, යුද්ධයේදී රුසියාවට එරෙහිව භාවිතකරන ලද යුධ බිමේ තාක්ෂණයන් ගැන සාකච්ඡා කිරීමටය. යුක්‍රේනයේ සටන් - පරීක්ෂා කරන ලද මුද්‍රාව වැඩ කරන බව පෙනේ.

තමන්ගේ කීර්තිය පුනරුත්ථාපනව කර ගැනීම සඳහා Palantir Technologies ප්‍රයත්නයද එසේමය. ජනවාරි මස මුලදී, හමාස් සංවිධානයට එරෙහිව පවතින යුද්ධය මධ්‍යයේ, ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍යාංශය " යුද්ධයට සම්බන්ධ මෙහෙයුම් සඳහා Palantir Technologies උසස් තාක්ෂණය උපයෝගී කර ගැනීමට සමාගම සමඟ ගිවිසුමක් ඇති කර ගත්තේය. Palantir Technologies විධායකයින්ට, ලෝකයේ වඩාත්ම තාක්ෂණිකව දියුණු හමුදාවකින් ඔවුන්ගේ මෙවලම් සඳහා ඇති ඉල්ලුම විස්මය දැනවීය. නමුත් සාමාන්‍යයෙන් විචක්ෂණ ශීලී ඊශ්‍රායල් ජාතිකයන් හවුල්කාරිත්වය ප්‍රසිද්ධ කිරීමට ඉඩ දුන් විට ඔවුන් පුදුමයට පත් විය. සාකච්ඡාවට හුරු පුරුදු පුද්ගලයෙකුට අනුව. " සම්බන්ධතාවයම, මිලිටරි වැළැක්වීමක් ලෙස ක්‍රියා කරයි."

AI යුද්ධවල මීළඟ පරම්පරාව තවම පවතින්නේ එහි මුල් අවධියේ ය. එය යුක්‍රේනයේ මිලිටරි ජයග්‍රහණයකට දායක වනු ඇතැයි සමහර එක්සත් ජනපද නිලධාරීහු සැක පහළ කරති. යුද්ධය තුන්වන වසරට එළැඹෙන විට, යුක්‍රේන ප්‍රතිප්‍රහාරය දිගටම ඇනහිට තිබේ. එක්සත් ජනපදයේ අත්පත් කරගැනීම හා පවත්වා ගෙන යාම සඳහා වන ආරක්ෂක උප ලේකම් බිල් ලාප්ලැනට් නොවැම්බර් මාසයේ පැවති ආරක්ෂක සමුළුවකදී පැවසුවේ, 'තාක්ෂණික සහෝදරයන් අපට ඕනෑවට වඩා උදව් කරන්නේ නැහැ. නමුත් ඔවුන් ඒ සඳහා ගෞරවය ලබා ගැනීමට උත්සාහ කළත්, අපි දැන් යුක්‍රේනයේ සිලිකන් නිම්නය සමඟ සටන් කරන්නේ නැහැ." යනුවෙනි.

යුක්‍රේනයේ Palantir Technologies සහ Clearview වැනි සමාගම් විසින් සපයනු ලබන මෙවලම් භාවිත කිරීම, යුධ සමයේදී ආක්‍රමණශීලී තාක්ෂණය භාවිතා කළ යුත්තේ කවදාද සහ කෙසේද යන්න පිළිබඳව මෙන්ම, පෞද්ගලිකත්ව අයිතිවාසිකම් කෙතරම් දුරට ව්‍යාප්ත කළ යුතු ද යන්න පිළිබඳ සංකීර්ණ ප්‍රශ්න මතු කරයි. Clearview ප්‍රධාන විධායක නිලධාරී ටොන් දැට් තර්ක කරන්නේ, මෙම ගැටුමේ බොහෝ නව මෙවලම් මෙන්. ඔහුගේ මුහුණු හඳුනා ගැනීමේ මෘදුකාංගය බැබළෙන තාක්ෂණයක් වන අතර අර්බුදකාරී කාල වලදී පමණක් අගය කරනු ලැබේ." යනුවෙනි. එහෙත්, තැතිගත් මානව හිමිකම් කණ්ඩායම් සහ පෞද්ගලිකත්වය වෙනුවෙන් පෙනී සිටින්නන් අනතුරු අඟවන්නේ, යුරෝපයේ පෞද්ගලිකත්ව නීති උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල වී ඇති ඔහුගේ මෙවලම වෙත පරීක්ෂා නොකළ ප්‍රවේශය, මහා පරිමාණ සෝදිසි කිරීම් හෝ වෙනත් අපයෝජනයන්ට තුඩු දිය හැකි බවටයි.

එය අත්හදා බැලීමේ මිල විය හැකිය. යුක්‍රේනය යනු සජීවී පර්යේෂණාගාරයක් වන අතර, මෙම AI-සක්‍රීය පද්ධති සමහරක් සජීවී අත්හදා බැලීම් සහ නිරන්තර, ඉක්මන් නැවත නැවත භාවිතය තුළින් පරිණත භාවයට පැමිණිය හැකිය" යනුවෙන් ආරක්ෂක කෘත්‍රිම බුද්ධිය පිළිබඳ විශේෂඥ පර්යේෂණ ආයතනයක් වන RAIN හි ගෝලීය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජෝරිට් කමින් හා පවසයි. එහෙත් නව බලයෙන් වැඩි ප්‍රමාණයක් පෞද්ගලික සමාගම් අතේ පවතිනු ඇත. ඒවා ඔවුන්ගේ ජනතාවට වග කියන ආණ්ඩු නොවේ." යුද්ධයකදී. බොහෝ තීරණාත්මක තාක්ෂණයන් පැමිණෙන, ඒකාබද්ධ අරමුදල් සහිත පර්යේෂණ විද්‍යාගාර වලින් නොව වාණිජ තාක්ෂණයෙන් පිටවන පළමු අවස්ථාව මෙයයි. ඒ වගේම මේ දේවල් සඳහා වෙළෙඳ පොළක් තිබෙනවා. ඉතින් බහිරවයා බෝතලයෙන් එළියට ආවා." යනුවෙන් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ජාතික ආරක්ෂක නවෝත්පාදන සඳහා වන Gordian Knot Center හි තාක්ෂණ ප්‍රවීණයකු සහ සම-නිර්මාතෘ වන ස්ටීව් බ්ලැන්ක් පෙන්වා දෙන්නේය.

(2024 පෙබරවාරි 26 වන දා TIME සඟරාවේ පළ වී ඇති How Tech Giants Turned Ukraine Into an AI War Lab ලිපිය ඇසුරෙනි.)

- ප්‍රභාත් චින්තක මීගොඩගේ

සම්බන්ධිත පුවත් | Related News

විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුවත් සමඟ ලෝකය ක්‍රමයෙන් නිරාගමිකත්වය කරා ගමන් කරන්නේද යන්න පිළිබඳව සමාජයේ පවතින සංවාදය පදනම් කරගනිමින්, Next page යූටියුබ් නාලිකාව විසින් අලුත්ම වීඩියෝවක් නිකුත් කර තිබේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.
දැනට වසර 51කට පමණ පෙර පටිගත කරන ලද දුර්ලභ වීඩියෝ දර්ශනයක් ඇසුරින්, ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන් විසින් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳව කරන ලද විශේෂ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් Next page සමාජ මාධ්‍ය පිටුවේ පළකර තිබේ.
බටහිර රාජ්‍ය තම ආර්ථික, වෙළඳ, දේශපාලන අරමුණු උදෙසා , ආසියාවේ, අප්‍රිකාවේ අධ්‍යාපනය ස්වදේශිකයන් චින්තනයෙන් සහ ආර්ථික ජාතික විමුක්තියෙන් පාරාජිකාවන ලෙසත් , බටහිරයන් ආර්ථිකයෙන් වැඩෙන ලෙසත් අධ්‍යාපනය හසුරුවා ඇත.
2026 අගෝස්තු 07 වන දින, සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය මක්කමදී "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම" (Makkah Joint Defence Agreement) අත්සන් කරන ලදී. NATO හමුදා සන්ධානයේ ආකෘතියට සමානව සකස් කරන ලද මෙම ගිවිසුම මගින් අන්‍යෝන්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇත. එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ මෙම අත්සන් තැබූ පාර්ශව තුනෙන් ඕනෑම එකකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක්, පාර්ශවයන් තිදෙනාටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවයි.
පසුගියදා කොළඹ 7 පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය එළිමහන් රඟහලේදී විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ඊඩිපස්, ජුලියස් සීසර්, ගොඩෝ එනකං, සාකුන්තලය සහ ජපන් සම්ප්‍රදායික නාට්‍යය අඩංගු උළෙලක් පවත්වනු ලැබුවා. අසමා රූපණ සරසවියේ නිර්මාතෘ අඛිල සපුමල් නාට්‍යවේදියා විසින් සංවිධානය කළ මෙම උළෙල හරවත් අදහස් ඇති ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට සමත් වූවා.
පහුගිය දවස්වල මම “අස්ස - පස්ස” කියලා ලිපියක් ලිව්වා. ජම්බුවාදියෝ විසින් “කුසලස්ස” සහ “පාපස්ස” කියන පාලි වචන දෙක විකෘති කරන හැටි දැකලයි මම ඒ ලිපිය ලිව්වේ. ඒ ලිපියට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබුණා. කමෙන්ට් තුන්සිය ගානක් දාලා තියෙනවත් දැක්කා. ඒ හැම එකක් ම කියවන්න වෙලාවක් මට නෑ. මගේ ලිපියට ප්‍රතිචාර දකවපු අය අතර ජම්බුවාදියොත් හිටියා. ඇත්තෙන්ම, ජම්බුවාදියෝ දක්වලා තිබිච්ච අදහස් බොහොම රසවත්. මට කියවන්න ලැබිච්ච එහෙම කමෙන්ට් දෙකක් තුනක් ගැන යමක් කියන්න පුළුවන්.
සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.
2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.