විශ්‍රාමිකයන් පන්දම් රැගෙන පාරට බැසීමේ සූදානමක්..
2020 – 2024 විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවට විසඳුම් නොදීමට විරෝධය පළ කරමින් විශ්‍රාමික දිනය දා කොළඹදී පන්දම් දල්වා නිහඬව අප්‍රසාදය පළ කරන බව 20-24 විශ්‍රාමික එකමුතුව පවසයි.
2020-2024 විශ්‍රාමිකයන් 2025 අය-වැයෙන් වැටුප් විෂමතාවකට මුහුණ දී ඇතැයි කී සංගමයේ සභාපති මාලික විමලසූරිය මහතා 2026 අය-වැයෙන් එය නිවැරැදි කරන ලෙසට බලකරමින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇතැයි සඳහන් කළේය.
බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිට ඇල්විටිගල මාවත ආසන්නයේදී ලබන 08 වැනිදා පස්වරු 4.00 සිට 7.00 දක්වා පන්දම් දල්වාගෙන උද්ඝෝෂණයේ යෙදෙන බව ද සභාපතිවරයා කීවේය.
මෙම විරෝධතාවට කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල 20-24 කාලයේදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූවන් සහභාගී වන බවද හෙතෙම ප්‍රකාශ කළේ ය.
2026 අය-වැය යෝජනා සකස් කරමින් පවතින මේ මොහොතේ ආණ්ඩුව විශ්‍රාමික ප්‍රශ්නය පිළිබඳව නෑසූ කන්ව සිටින බවත්, ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ ඇස් අරවා ගැනීමට විශ්‍රාමික දිනය පන්දම් විරෝධයකින් සැමරීමට තීරණය කළ බවත් ඔහු කීවේය.
20-24 විශ්‍රාමිකයන් අතිශය දුෂ්කර කාලයක භාණ්ඩ හා සේවා මිල ඉහළ යද්දී උද්ධමනයට සරිලන සේ මූලික වැටුපේ වැඩි වීමක් නොමැතිව සේවය කර, කාලයට නොගැළපෙන විශ්‍රාම වැටුපක් සහිතව රාජ්‍ය සේවයට සමුදුන් කණ්ඩායමක් බවද මාලික විමලසූරිය පැවසීය.
2025 අය-වැය මඟින් රාජ්‍ය සේවයේ මූලික වැටුප සියයට 70-80 අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමෙන් 20-24 කණ්ඩායමට අඩු මූලික වැටුපක් යටතේ විශ්‍රාම යෑමට සිදුවූ බවද සභාපතිවරයා කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..