උපත් සංඛ්‍යාව පහළට.. විවාහත් අඩුවේ..
2020 වසරට සාපේක්ෂව 2024 වසරේ මෙරට උපත් සංඛ්‍යාව 80,945 කින් අඩු වී ඇති බව රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.
ඉකුත් 2024 වසරේ වැඩිම උපත් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර අවම උපත් සංඛ්‍යාව වශයෙන් 846 ක් මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණි.
2020 වසරේ උපත් සංඛ්‍යාව 301,706 ක් වන අතර ඉකුත් 2024 වසරේ උපත් සංඛ්‍යාව 220,761 කි. 2021 වසරේ උපත් 284,848 ක්ද, 2022 වසරේ 275,321 ක්ද, 2023 වසරේ 247,900 ක්ද ලෙස උපත් සංඛ්‍යාව වාර්තාවී තිබුණි.
රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2021 වසරේ සිට 2024 වසර දක්වා මරණ සංඛ්‍යාවද සැලකිය යුතු පරිදි වැඩි වී ඇත.
ඒ අනුව 2020 වසරේ මරණ සංඛ්‍යාව 132,371 ක්ද, 2021 වසරේ මරණ 163,936 ක්ද, 2022 වසරේ මරණ 179,792 ක්ද, 2023 වසරේ මරණ 181,239 ක්ද, 2024 වසරේ මරණ 171,194 ක්ද වාර්තා වී ඇත.
කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ පුද්ගලයන් විවාහ වීමේ සංඛ්‍යාව 12,066 කින් අඩු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..